Single Crochet (sc) – දෙපට පිරවිල්ල

Single Crochet (sc) – දෙපට පිරවිල්ල

පසුගිය කලාපයෙන් අපි ගෙතුම් කලාවේ ඉතිහාසයත් පිරවිලි සදහා භාවිතා වන නම් හා ඒවායේ සංඛේත ගැනත් අවබෝධයක් ලබා ගත්තෙමු. මෙවර අපි පළමු සහ උසින් අඩුම පිරවිල්ල වන දෙපොට පිරවිල්ල ගැන ඉගෙනගනිමු.

පසුගිය කලාපය අධ්‍යනය කල ඔබට දෙපට පිරවිල්ල සදහා භාවිතා වන ඇමෙරිකානු නම සින්ගල් ක්‍රොෂේ බවත් බ්‍රිතාන්‍ය භාවිතයේදි එය ඩබල් ක්‍රොෂේ ලෙස භාවිතා වන බවත් මතක ඇති. මෙහිදී බහුලව භාවිතයේ පවතින්නේ ඇමෙරිකානු භාවිතය බැවින් සහ ඔබගේ භාවිතයේ පහසුව සදහා මින් ඉදිරියට සින්ගල් ක්‍රොෂේ යන යෙදුම පමණක් භාවිතා කරමු.

  1. දම්වෑල් කිහිපයක් ගොතන්න. මෙහි v හැඩයෙන් දක්වා ආති දම්වැල් පුරුක් තුලට පිරවිලි කරගත යුතුයි
  2. ගෙතුම් කටුවේ සිට දම්වැල් 2ක් ආපස්සට ගණන් කරන්න
  3. දැන් දෙවන දම්වැලට ගෙතුම් කටුව ඇතුල් කරන්න
  4. කටුවේ නූල් පටලවන්න
  5. සහ
  6. රූපසටහන් වල පරිදි දෙවන දම්වැල තුලින් ඉවතට තොණ්ඩුක් ඇද ගන්න
  7. දැන් ගෙතුම් කටුව මත තොණ්ඩු 2ක් ඇත
  8. නැවතත් කටුවේ නූල් පටලවන්න
  9. කටුව මත ඇති තොණ්ඩු 2 ම අතරින් අලුත් තොණ්ඩුව ඉවතට ගන්න.
  10. අවසන් කරගත් පිරවිල්ල මේ ලෙස දිස් වේ. මේ ආකාරයට දම්වැල් ගණන අවසන් වන තුරුම පිරවිලි කරගන්න

පළමු පේලිය අවසන් කරගත් පසු ගෙතුම් අනෙක් පස හරවා දෙවන පේළියට පිරවිලි කරගත හැකියි. මෙය දෙපට පිරවිල්ල නම් වේ.

මීළග කලාපයෙන් නැවත හමුවෙමු

අසින්සලා රත්නායක

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *