ස්වාභාවික විපත් සහ කාන්තා අභියෝග

ස්වාභාවික විපත් සහ කාන්තා අභියෝග

අද ලිපියෙන් කතා කිරීමට බලාපොරොත්තුවෙන්නේ ඉතාමත් කාලීන මාතෘකාවක්. ශ්‍රී ලංකාව අධික වර්ෂාව, සුළි සුළං, ගං වතුර, නායයාම් නීසා නිරන්තරයෙන් පීඩාවට පත්වන රටක්. මා මේ ලිපිය ලියන මොහොත වනවිටත් අද දිනයේ සුළගේ වේගය පැයට කීලෝමීටර් 70-80 අතර ප්‍රමාණයකට ඉහළ නඟින බවට ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිකුත් කල නිවේදනයක සඳහන් වුනා. එම නිසා පරිසරය සුරැකීම සම්බන්ධ ධනාත්මක චින්තනයන් කාන්තාවන් තුල ගොඩනංවමින් යන මේ ලිපි මාලාවේ කතා කලයුතුම අංගයක් ලෙස ස්වාභාවික විපත් හා කාන්තා අභියෝග සැලකීය හැකීය. ස්වාභාවීක විපත් වල බලපෑම මත ඇතිවන සමාජීය ප්‍රශ්න හේතුවෙන් කාන්තාවන් විශේෂයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති. කාන්තාවන් විශේෂයේන් ආපදා අවදානමට ලක්වීමට හේතුව ලෙස සැළකෙන්නේ ගෝලීය බලවේග සහ සමාජ වෙනස්කම් නිසා පුරුෂයින් හා කාන්තාවන් අතර පවත්නා නෙයෙක් අසමානතාවයන්ය. ශාරීරිකව පුරුෂයීන්ට වඩා ශක්තියෙන් අඩුවීම වගේම නොයෙක් සමාජීය හා සංස්කෘතික සීමාවන් නීසා ඔවුන් විශේෂයෙන් දැඩි අවදානමකට ස්වභාවීක විපත් අවස්ථාවලදි ලක්වේ. මේ සීමා අතර සමාජීය සම්පත් අවම වීම, ඒවා තමන්ට පාලනය කල නොහැකිවීම හා බොහෝ සමාජ තලවල තවමත් කාන්තාවන්ට තීරණ ගැනීමෙ අවස්ථා නොමැතිවීම ඒ අතරින් ප්‍රධාන වේ. මේ හේතුව නිසාම ආපදා තත්ව වලදී කාන්තා හිංසනයන් ඉහළ‍යාම ද සිදුවේ.

අඩු ආදයම් මට්ටම්වල,  දැඩි සමාජීය සීමා හා අස්ථාවර දෙශපලන පරිසරයන් තුල ජීවත්වන කාන්තාවන් ආපදාවන්ට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇත. කාන්තාවන්ගේ ඉහළ දරිද්‍රතා අනුපාතය මෙන්ම සමහර සමාජවල ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලට ඇති සංස්කෘතික බාධාවන් නිසාත් ස්වභාවික විපත් හමුවේ ඔවුන් ජීවිත හා දේපළ හානිවලට ගොදුරු වීමේ ඉඩකඩ වැඩිය. ගෘහස්ථ ආහාර සුරක්‍ෂිතතාව සහතික කිරීම සඳහා ඔවුන්ගේ භූමිකාව ඉටු කිරීම සඳහා ස්වාභාවික සම්පත් මත යැපීමට සිදුවීම ආපදාවන්ගේ බලපෑම ශක්තිමත් කරයි, උදාහරණයක් ලෙස නියඟය සහ සුළු ගංවතුර තත්වයකදී අතිරේක ආදායම හෝ සම්පුර්ණ ආදායම සෙවීම සමහර කාන්තාවන්ට තනීවම කරගැනීමට සිදුවේ. එහිදී තමන්ව ආරක්ෂා කර ගැනීමටත්, තම පවුල රැකබලා ගැනීමටත් වඩා විශාල වගකීමක් භාර ගැනීමටත් සිදුවේ.  මේ හේතු නිසා ආපදා අවස්ථාවන්හිදී කාන්තාවන් බොහෝ විට පිරිමින්ට වඩා අවදානමට ලක් වේ.

ව්‍යසනයකින් පසු කාන්තාවගේ රැකවරණය ලබා දීමේ අවශ්‍යතාවය පුළුල් වන අතර බොහෝ ස්වභාවික විපත් වාර්තා මඟින් පෙන්නුම් කරන්නේ නැවත යථාතත්වයට පත්වීම සඳහා අවශ්‍ය සම්පත් වෙත ඔවුන්ගේ ප්‍රවේශය සීමා වී ඇති බවයි. ඉන්දියාව ඇතුළු දකුණු ආසීයාවේ බොහෝ රටවල්, අප්‍රිකානු රටවල් හා සමහර නැඟෙනහිර ආසීයානු රටවල ආපදාවන්ට ලක්වූ ප්‍රදේශවලින් ලැබෙන වාර්තාවලින් හෙළි වන්නේ කාන්තාවන්ට සුළි සුළං, අධික වර්ෂාව හෝ ගංවතුර තත්වවලදි ආපදා කඳවුරුවල තාවකාලීක නවාතැන්ගැනීමේදී අනෙක් පාර්ෂව වලට වඩා අවදානමට ලක්වන බවකි. සමාජයම පීඩාවට පත්වී සිටීන ආපදා අවස්ථාවක පවා ඔවුන් තමන්ගේ ආරක්ෂාව නොසලකා හරිමින් ඉවුම් පිහුම් සඳහා ඉන්ධන දර එකතු කර ගැනීම, ජලය සොයා යාම වැනී කාර්‍යයන්වල තනියම නිරතවීමට සිදුවේ. ඔවුන්ගේ විශේෂ සෞඛ්‍ය අවශ්‍යතා, විශේෂයෙන් ගැබිනි සහ කිරි දෙන කාන්තාවන්ගේ අවශ්‍යතා පවා සමහර අවස්ථාවලදී නොසලකා හැරීමට සිදුවූ බව එම රටවල පලවන වාර්තාවල සඳහන් වේ. මෙවැනී අවස්ථාවල සේම ආපදා තත්වයක් තුලදීද ආරක්ෂාව මදවීම නිසාම ලීංගික හිංසනයන්ට ඔවුන් ලක්වීමේ අවදානමද වැඩීය.

කාන්තාවන් එදිනෙදා ජීවීතයේ සම්පත් පරිහරණය සම්බන්ධයෙන් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. නාගරීක කාන්තාවගේ සම්පත් පරිහරණය කිරීමේ හැකීයාව ඉහළ නමුත් ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන්ගේ භූමිකාව ගෘහස්ත ක්ෂේත්‍රය විසින් සීමා කර තිබේ. එමනීසාම ආපදා තත්වයන්වලදී බෝහෝ අවදානමට ලක්වන්නේද ග්‍රමීය කාන්තාවයී. 2004දී ශ්‍රී ලංකාවට බලපෑ සුනාමී තත්වයෙන් දැඩීව පිඩා වින්දෝ කන්තාවෝය. ගාල්ල බස් නැවතුමේ සිහිසුන්ව සිටි තරුණියක මාලය කඩා නැවත වතුරටම තල්ලු කර දමමින් මරණයට පත්කිරීම රටේ නීතීමය පද්ධතිය පවා කම්පා කිරීමට සමත් වූ සිද්ධියක් විය. එසේම වාර්තා වු හා වර්තා නොවු ලීංගික හිංසනයන්ද අතිමහත්‍ ය.  මෙවැනී ආපදා තත්වයන් ඕනෑම මොහොතක ඇතිවිය හැකී බැවින් කාන්තාවන් වන අපි පැමිණිය හැකී අභියෝගයන් ගැන දැනුවත් වී ඒ සඳහා සුදානම් වී සිටීය යුතුය. කෙසේ වෙතත්, ආපදාවන්ට වඩාත් ගොදුරු විය හැකි කණ්ඩායම් ශක්තිමත් කිරීම සඳහා කාන්තාවන් සම්බන්ධ ආපදා-ප්‍රතිරෝධී කණ්ඩායම් ගොඩනැගීම අත්‍යවශ්‍ය අංගයකි.

දෙවන ලිපියෙන් නැවත හමුවෙමු.

ආචාර්‍ය කල්පනා අඹේපිටිය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *