අධිෂ්ඨානය සහ කැපවීම නිසා ජීවිතය ජය ගත් කාවින්ද්‍යා…….

අධිෂ්ඨානය සහ කැපවීම නිසා ජීවිතය ජය ගත් කාවින්ද්‍යා…….

අම්මාගෙයි තාත්තාගෙයි ලෝකේ එළිිය කරන්න මේ ලෝකෙට මුලින්ම ආවේ මම… ඊට පස්සේ මල්ලිලා දෙන්නෙකුත් මගේ නැට්ටේ එල්ලිලා ආවා… හැබැයි එ් ලෝකේ එකම දුව කියන නාමය ලැබුනේ මට විතරයි…මම කාවින්ද්‍යා… කාවින්ද්‍යා අතපත්තු… නිසල් අතපත්තුගෙයි ,කමනි අතපත්තුගෙයි වැඩිමහල් දරුවා…මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්..අම්මා නම් ආදරණීීය ගෘහනියක්…පුංචි කලේ ඉඳන් මම ඉගෙනීමට දක්ෂ කෙනෙක්.. එ් විතරක් නෙමේ නර්තනය, නාට්‍ය විවාද කියන්නෙ මගේ ඇෙඟ් නම් ආපු හැකියාවන්… එ්ත් ඉතින් පාසලෙන් නම් මට ලැබෙන්න ඕන නිසි තැන ලැබුන ද කියලා අදටත් පුංචි සැකයක් මගේ හිතේ තියෙනවා.. ඒ මොන මොන දේවල් සිදුවුනත් මම කවදාවත් මගේ දක්ෂතාවයන් මොට කරගත්තේ නෑ….ඒ මම ගැන පුංචි හැඳින්වීමක්….

ආදරයක් කියලා මුලින්ම හිතට දැනුනේ 8 වසරේදි… එයාට මම හැමදාමත් හිතින් ආදරේ කරා… එයා මගේ දහම් පාසලේ… කාලයක් යනකොට අපි හොඳ යාලූවෝ බවට පත්වුනා … එ්ත් කවදාවත් මගේ හිතේ තිබුන හැඟීීම මම එයාට කිව්වෙත් නෑ… එයා මගෙන් ඇහුවෙත් නෑ…. අපොස සාමාන්‍ය පෙළ ඉවර වෙලා ගෙදර ඉන්න දවස් වල මට දැනගන්න ලැබෙනවා එයාගේ වෙන සම්බන්ධකමක් ගැන…

vමම ඔයාට කියන්න හිටියේ කවි… ඇත්තටම මම ඒ ගර්ල්ට කැමති නෑ… එයාව මට ගැලපෙන්නේ නෑ.. ඒත් මට මේක නවත්ත ගන්න බැරුව ඉන්නේ.. මට ටික දවසක් දෙන්න… මම මේ හැමදේම ඉවර කරගන්නම්.v

vමම ඔයාව විශ්වාස කරනවා…v

vමම කැමතියි ඔයා එක්ක හැමදෙයක්ම අලූතින් පටන් ගන්න…v

අවුරුදු ගානකට පස්සේ මට දැනුණ සතුට කියලා නිම කරන්න බෑ… හිතින් මෙපමණ දවසක් ආදරය කරාට දැන් එයාටත් මගේ හැඟීීම් තේරෙනවා…මම මටත් වඩා එයාව විශ්වාස කරා…

vලොක්කි….අප්පච්චි කතා කරනවා….v

vඑනවා අම්මා…v

කාමරේට වෙලා පොතක් කියවමින් සිටි මම පොත් පැත්තකින් තබා අප්පච්චි ළඟට ගියා.

vලොක්කි දැන් උසස් පෙළට මොනවාද කරන්න හිතන් ඉන්නේ..v

vඑ්ක තමයි අප්පච්චි මම හිතුවේ බයෝ කරන්න..v

vමගේ එකම හීනේ ඔයාව ඩොක්ටර් කෙනෙක් කරන එක පුතේ.. අනික ඔයාට පුලූවන්…මම දන්නවනේ මගෙ කෙල්ලගේ හැකියාව…ඔයා තමයි මගේ හීනේ හැබැ කරන්න ඉන්නේ…v

එ් වචන වලට නම් හිත පිරුණා… තාත්තා කෙනෙක්ගේ මුවින් එ් වගේ වචනයක් අහන්න ඇත්තටම දුවෙක් පිං කරන්න ඕනේ…

vඅනිවාර්යෙන් මම අප්පච්චිගේ හීනේ හැබෑ කරනවා…v

මගේ මුවින් එ් වචන ටික පිටවුනේ දැඩි විශ්වාසයක් ඇතුව…

වෛද්‍යවරියක් වීම හිතේ තියාගෙන මම විද්‍යා විෂයන් සඳහා පන්ති යන්න පටන් ගත්තා.

vඅර අශාන් ළමයා එක්ක මොකක්ද ඔයාට තියෙන ගනුදෙනුව…v

අම්මා එකපාරටම ඇහුවම මම පුදුම වුනා..මම හීනෙකින්වත් අම්මගෙන් එ් වගේ දෙයක් බලාපොරොත්තු වුනේ නෑ…

vඑහෙම දෙයක් නෑ අම්මා…අයියා මට දහම් පාසලේ වැඩ වලට උදව් කරනවා…v

vහ්ම්ම්ම්….v

එ්ත් අම්මා මාව විශ්වාස කරපු බවක් නම් පෙනුනේ නෑ…

vමම එ් ළමයට කතා කරා..මොකක්ද ලොක්කි ඔයාට වෙලා තියෙන්නේ…එ් ළමයා කියනවා එයාට ගර්ල් කෙනෙක් ඉන්නවා කියලා…. දැන දැනත් ඔයා පස්සෙන් එනවලූ… ඔයාට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද…අපේ නම්බුවත් කන්න ද හදන්නේ..v.

vමම එහෙම පස්සෙන් ගියේ නෑ අම්මා..v

vමට ඔයාගෙන් නිදහසට කාරණා අවශ්‍ය නෑ… කරුණාකරලා ඔය මනස්ගාත ඔලූවෙන් අයින් කරගන්න…v

ජීවිතේ පළවෙනි කඩා වැටීම එ්ක කියලා කිව්වොත් මම හරි… අවුරුදු ගානක් හිතෙන් ආදරය කරලා ඊළඟට එයත් මට කැමැත්ත පෙන්නලා දැන් මේ වගේ දෙයක් කියන කොට මට හැම දේම එපා වුනා…මිනිස්සූන්ට මේ විදිහට ද්විත්ව චරිත රඟපාන්න පුලූවන්ද? මම මගේ සිතින්ම ප‍්‍රශ්න කරා…

හිතේ තිබුන දුක තුනී කරමින් අපොස සාමාන්‍ය පෙළ විභාග ප‍්‍රතිඵල ලැබුනා… එ් සාමාර්ථ නවයක් සමඟින් මම විභාගේ ඉහළිින්ම සමත් වෙලා…

අපොස උසස්පෙළ කරන අතරතුර නැවත මම ආදරය කරන්න පටන් ගන්නවා… ඉගෙනීමත් ආදරයත් එක හා සමානව කරගෙන යන්න පුලූවන් වෙයි කියලා මම සිතුවත් වෛද්‍යවරියක් වෙන්න දැකපු හීනය සුනුවිසුණූු වෙනවා… මම බලාපොරොත්තු වන තරම් ප‍්‍රතිඵල මට ලැබෙන්නේ නෑ… අම්මටයි අප්පච්චිටයි ආපහු සැරයක් මම විභාගේ කරන්න අවශ්‍ය වුනත් මම එ්කට කැමති වෙන්නෙත් නෑ..

vමම චයිනා ගිහින් මෙඩිසින් කරන්නම්..එ්ත් ආපහු විභාගේ නම් කරන්න බෑ…v

vහරි ඔයා කැමති නම් මම තියෙන ඉඩමක් හරි විකුණලා යවන්නම්…v

එ් කාලේ තාත්තාගේ ව්‍යාපාර හැමදේම කඩා වැටුනත් අපිට තිබුන කඩ කුලියට දීමෙන් ලැබුන ආදායම නිසා ආර්ථිිකය සමබර කරගන්න පුලූවන් වෙනවා…

vඅම්මේ ලොකු නැන්දා කියනවා ඉඩම් විකුණලා අක්කාව ඩොක්ටර් කෙනෙක් කරාට පස්සේ අක්කා අපිට සැළකුවේ නැත්නම් මොකද වෙන්නේ කියලා…v

vඅනේ මේ…ලොකු නැන්දාටත් ඕනේ නැති දෙයක් නෑ… ඕවා අක්කාට එහෙම කියනවා නෙම්..v

ලොකු මල්ලි අම්මාට කියනවා මම අහගෙන සිටි නිසා මට හැමදේම එපා වෙන අතර චයිනා යන ගමනත් මම හිතින් අතහැර දමනවා…… අවසානයේ රැුකියාවක් කරන්න තීරණය කරත් ජීවිතේ සිදුවුන හැම කඩා වැටීමකටම වඩා දරාගන්න බැරි වුන එකම දුක අප්පච්චි එයාගේ හිතෙන් මාව අයින් කරපු එක… එයාගේ හැම හීනයක්ම එයා ලොකු මල්ලි පිට පැවරුවා..

රුපියල් දහදාහක පඩියකට රැුකියාවට ගිය මම මාස නවයක් පමණ රැුකියාව කරන්නේ වෙන විකල්පයක් මට නැති නිසා… එ් අතර සති අන්තයේ ළමයින්ට අමතර පන්ති කරමින් අමතර ආදායමකුත් ලබා ගන්නවා…

vසහන්…v

v ඇයි කවී… v

v මට තවත් මේ මැනේජර් එක්ක වැඩ කරන්න බෑ… මේකා බොරුවක් අල්ලගෙන මට මහ කැත විදිහට බැන්නා අද ඔෆිස් එකටම ඇහෙන්න…මට තවත් මෙහේ වැඩ කරන්න බෑ සහන්. v

v ඔයා ඕක අත ඇරලා ගෙදර එන්න v

අවසානයේ ආපහු කිසිම කෙනෙක් යටතේ වැඩ නොකරන දැඩි අධිෂ්ඨානයත් සමඟ මගේ ප‍්‍රථම රැුකියාවට මම සමුදෙනවා….

ජීවිතේ උඩු යටිකුරු කරමින් අද මේ තරම් දුරක් මාව රැුගෙන ආපු හැරවුම් ලක්ෂය පටන් ගන්නේ හරිම අහම්බෙන්… සල්පිලක මුණ ගැහුනු ආන්ටි කෙනෙක් මාර්ගයෙන් මම නිවසේ සිට කරන්න පුලූවන් රැුකියාවක් පටන් ගන්නවා… එ් හෝටල් කාමර සඳහා අවශ්‍ය සබන්, ක‍්‍රීම් වර්ග ,ෂැම්පු වර්ග ,කුඩා සීනි පැකට් ,පිටි පැකට් ඇසුරුම් කරන්න… සීනි කිලෝ එකකින් ඇසුරුම් කරන පැකට් වලින් ලාභය රුපියල් සියයක්වත් නැති තරම්… එ්ත් මම එ් වැඬේ අත අරින්නේ නෑ… මුලින්ම මම නිවසේ ඉඳන් එ් වැඩ කරන්න පටන් ගත්ත දවසේ අප්පච්චි මගේ දිහා බලපු විදිහ අදටත් මගේ මනසේ රැුව් දෙනවා…එ්ක හරියට දුකත් සමග මිශ‍්‍ර වුන ලැජ්ජාවක්… එ්ත් අම්මා මට හැම දේකටම උදව් කරන්නේ මං ගැන තිබුන ලොකු විශ්වාසය නිසා..

සහන් කියන්නේ මට ආදරය කරපු කෙනා පමණක් නෙවෙයි… මගේ හැම තීරණයකට මට ශක්තියක් වුනෙත් එයයි… හවසට රැුකියාවට ගිහින් එයා එනකන් බලාගෙන ඉන්නවා…පැකට් කරපු බඩු ටික ගිහින් දෙන්න…ෂැම්පු සහ නොයෙකුත් සබන් සඳහා මගේ තිබුන දක්ෂතාවයත් සමඟ මම යම් යම් දේ පැවසුවත් ආන්ටි කැමති වෙන්නෙ නෑ මගේ අදහස් වලට…

v ඉතින් බබා හොඳ නැද්ද ඔයා කෝස් එකක් කරලා තනියම වැඬේ පටන් ගත්තා නම්.. v

v මටත් එ්ක හිතුනා v

v ඉතින් ඇයි බල බල ඉන්නේ..මම ඉන්නවානේ ඕනම දෙයකට.. v

v එ්කනේ මම ඔයාට මෙච්චර ආදරේ v

v හරි හරි බටර් ඕනේ නෑ…අපි පටන් ගමු. v

ඉතින් මමත් සබන් , ෂැම්පු , බොඩි ක‍්‍රීම් හදන්න පටන් ගන්නවා… පුංචි පුංචි හෝටල් වලට තමයි මුලින්ම මගේ බඩු දාන්න පටන් ගන්නේ… ඔය අතර අපේ වෙඩින් එකටත් සූදානම් වෙනවා… අවුරුද්දක් ඇතුළත අපි දෙන්නට පුලූවන් වෙනවා අවශ්‍ය මුදල හොයාගන්න…ලොකු හීන නොතිබුනත් තාත්තාගේ යාලූවෙක්ගේ මාර්ගයෙන් කින්ග්ස්බරි එකේ වෙඩින් එක ගන්න මම සූදානම් වෙනවා…

v ඔයා සීනි පැකට් කර කර ද කින්ග්ස්බරි එකේ වෙඩින්ග් ගන්නේ… v

එ් තමයි මගේ හොඳම යාලූවෙක්ගෙන් මට ලැබුන කෙටි පණිවූඩය… කොයිතරම් නම් ළගින් ඉන්න අය වෙනස් වෙනවා ද කියලා තේරුම් ගන්න එ් පණිවූඩය හොඳටම ප‍්‍රමාණවත් …

v සීනී පැකට් කරලා මිසක් මම වනචරකම් කරලා නෙමේනේ මගේ වෙඩින් එක ගන්නේ… ඔයා එ් ගැන හිතන්න එපා.. මට පුලූවන් නිසයි මම කරන්නේ…v

හැබැයි මම එ් කිසි දෙයක් කනකට ගත්තේ නෑ.. විවාහ වෙලා පුතා ලැබෙනකන් බිස්නස් එකත්, ක්ලාසුත් දෙකම කරගෙන ගියත් පුතා ඉපදුනාට පස්සේ මට ක්ලාස් වලට සමුදෙන්න සිදුවුනා…

v කමක් නෑ කවි… අපිට පුලූවන් විදිහට ජීවත් වෙමු. v

v එ්ත් බිස්නස් එකත් වැටිලා….ක්ලාස් නැවැත්තුවොත් ලොකු ගානක් නැතිවෙනවා…. v

v එ්වා හිතන්න එපා. v

පුතාට හරියටම මාස එකහමාරක් වන විට හොටෙල් චේන් එකකින් මට හැම අයිටම් එකකින්ම කෑලි හයසියය ගානේ ඕඩර් එකක් ලැබෙනවා… අම්මවයි පුතාවයි කැබ් එකක දාගෙන මම කොටුව පුරා අවශ්‍ය අමු ද්‍රව්‍ය හොයනකොට පුතා වීදුරු ඇරගෙන අම්මත් එක්ක කැබ් එකට වෙලා ඉන්නවා… අවසානයේ ප‍්‍රතිඵල වුනේ මගේ දරුවා ලෙඩ වෙලා රෝහල් ගත කරන්න සිදුවුන එක..දරුවා දිහා බල බල මගේ ඇස් වලින් වැටුන කඳුලූ ගංගාව කොයිතරම් ද කියන්න මමවත් දන්නේ නෑ… රෝහලේ ඉඳගෙනම දින කිහිපයක් පරක්කු වුනත් මට එ් ඕඩර් එක දෙන්න පුලූවන් වෙනවා… තවත් ලොකු හෝටලයකින් කෑලි නවසිය ගානේ ලොකු ඕඩර් එකක් ලැබෙනවා… එ්ත් මම දැනගෙන හිටියේ නෑ එ් අයට යටින් කුට්ටියක් දෙන්න ඕන බව… ඉතින් බොරු හේතු හොයමින් මගේ ඕඩර් එක රිජෙක්ට් කරනවා… වුන පාඩුව දරාගන්න බැරුව සාලය මැද පෙට්ටි ටික අසුර ගෙන දින ගණනක් මම අක්‍ෂනවා…ජීවිතේ ඇයි මටම මෙහෙම වෙන්නේ… මම කරන කිසිම දෙයක් හරියන්නේ නෑ… මගේ කඩා වැටීම ඉවසගන්න බැරුව අප්පච්චි පැවසූ වදන් අදටත් මගේ කනේ දෝංකාරය දෙනවා…

ඕව ද ලොක්කි බිස්නස් කරද්දි මිනිස්සුන්ට වෙන්නේ… ඔහොම වැටුනොත් නම් බිස්නස් කරන්න බෑ…

ඒ තමයි මගේ අප්පච්චිගෙන් මට ලැබූන පණිවූඩය

තවත් කොටසකට
සනාලි ප‍්‍රනාන්දු

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *