එකතු කරමු ,එකතු කරමු

එකතු කරමු ,එකතු කරමු

ඔන්න ඉතින් ඔක්තෝම්බර් මාසෙත් ආවා. ඔයාගෙ පුංචි පැටව් එක්ක මම කියල දෙන ක‍්‍රියාකාරකම් හුගක් සතුටින් කරනව ඇති කියල මම හිතනව.

අද මම ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවෙ ඉලක්කම් එකතුකිරීම කරන්න අලූත් ක‍්‍රම කිහිපයක්. අපි පොඩිකාලෙ නම් ගල් කැට, ඇට ජාතිනෙ අපිට අම්මල දුන්නෙ . මට හිතුන එ් විදියම නැතුව ටිකක් වෙනසක් කරන්න.

මම කැමති නෑ මගේ පුතාට ඉගන ගන්න එක පීඩනයක් කරන්න.

එ්ක මේ රටේ ගුරුවරු ඉතාම තදින් පිළිපදින දෙයක්. එයාල හැමදේම උගන්නන්නෙ සෙල්ලමෙන්. හැබැයි අන්තිමට හොද දැනුවත් අත්දැකීම් ඇති ළමයෙක් බිහි වෙනවා.

අපි ගියමාසෙ කතා කරානෙ ෆ්ලෑශ් කාඞ්ස් ගැන ,ඉතින් ඉලක්කම් කාඞ්ස් ටිකත් ලංකරගෙන ,මේ පළවෙනි පින්තූරෙ වගේ චූටි පැටියගෙ අත්දෙක කොලේක ඇදල කපල , තව කොලේක අලවගන්න.

දැන් 2 – 3= ? කියල බලමු

එක අතකින් ඇගිලි තුනක් නමන්න, අනිත් අතින් ඇගිලි දෙකක් නමන්න ඊටපස්සෙ එයාට කියන්න දිග ඇරිල තියෙන ඇගිලි ගනන් කරන්න කියල. එ් උත්තරයට ආපු ඉලක්කම අර කාඞ්ස් වලින් අරන් පෙන්නන්න කියන්න.
ඔය විදියට ගල් කැට වෙනුවට ඇගිලි කොල එකතුකර ගන්න පුලූවන් .

තව එකතු කිරීම , සමාන ලකුණ ඇදපු කාඞ් දෙකක් කුත් හදල

4 – 5 =

මේ වගේ ඉලක්කම් වලින් ඉස්සෙල්ල හදල . ඇගිලි කොලවලින් උත්තරේ හොයන්න පුලූවන්.

පොඞ්ඩො ඉන්න හැම ගෙදරම වගේ බ්ලොක්ස් තියෙනවනෙ. ඉතින් එ්වගෙත් පින්තූරවල තියෙන විදියට ඉලක්කම් ලියල අපිට පුලූවන් අපේ පිඞ්ඩොත් එක්ක එතතු කරන සෙල්ලම කරන්න.

එකතුකරල බඩගිනි උනාම කන්න රුලං බිස්කට් හදමු.

රුලං බිස්කට්

රුලං ග‍්‍රෑම් 250 (යන්තමට බැදගත්*

සීනි ග‍්‍රෑම් 250

පොල් ග‍්‍රෑම් 250

පාන්කුඩු ග‍්‍රෑම් 250

බටර් හෝ මාගරින් තේ හැඳි 2

පොඩියට කපාගත් කජු ටිකක් ( කැමතිනම්*

මේ සියල්ල හොඳින් කලවම් ( තෙතගතිය මදිනම් යන්තමට වතුර ටිකක් දාන්න. * කර රවුම් මූඩියකින් එහෙම නැත්නම් බිස්කට් කටර් එකකින් කපල බිස්කට් හදාගෙන සෙන්ටිගේ‍්‍රඞ් 150 ට ප‍්‍රීහීට් කරපු අවන් එකක විනාඩි 45 විතර බේක් කරගන්න.
එකේක අවන් වල උශ්නත්වය වෙනස් නිසා කල්පනාවෙන් බලන්න.

මම හර්ෂණී රණසිංහ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *