ඔබ සතුටින් ද ?

ඔබ සතුටින් ද ?



‘සතුට’ කියන්නෙ හරිම සාපෙක්ශ වචනයක්. එය විවිධ පැතිකඩ ඔස්සේ විහිදෙනවා… කිසිම දිනෙක අපිට එය සංසන්දනය කිරීම ටවත් මෙතෙකැයි කියා ගනනය කිරීම ටත් අපහසුයි…

අප වටා ජීවත් වන එකිනෙකාගේ සතුට නිර්වචනය වෙන්නෙ විවිධ අකාරයට…යමෙකු ඉතා සරල අකාරයෙන්, සරල දෙවල්වලින් සතුට සොයා යන අතර, තවත් අයෙකු ඉතා සංකීර්න දේ සොයා වෙහෙසෙනවා…

ඔබ සිතන්න යමෙකුට, තමන් ඉතා ප්‍රිය කරන පොතක් කියවමින් උනුසුම් කෝපි කෝප්පයක් රස බැලීම, සතුට උපදවන දෙයක් වන අතර, තවත් අයෙකුට තරු පහේ හෝටලයක රැයක් ගත කිරීම සතුට දනවන්නක්.

කොයි ආකාරයට තමන් සතුටු වුවත්, හොඳින් සිහි තබා ගතයුතු කරුණක් වන්නේ, අන් අයගේ සතුට කිසි විටෙකත් විවෙචනය නොකිරීමයි.

ඔබ බොහෝවිට දකීවි මුහුනුපොත හරහා, විවිධ සටහන් එකිනෙකා තම ජීවිතයෙහි සතුටු වුන අවස්තා පිලිබඳව…
නමුත් හොඳින් සිහි තබා ගතයුතු දෙයක් නම් කිසි විටෙකත්, අන් අයගේ සතුට විවෙචනය කිරීම හෝ හෑල්ලුවට ලක් කරනු එපා.

එලෙසින්ම අන් අයගේ විචාර වලින් හෝ විවේචන වලින් තම මනස අවුල් කර නොගත යුතුයි.
ප්‍රසිද්ධ කියමනක සදහන් වන පරිදි “Do not let the outside world to destroy your inner peace”, හැකි සෑම විටම උත්සාහ ගන්න තම මනස විවිධ බලපෑම් වලට ලක් නොවී සමබරව පවත්වා ගන්න. අන් අයගේ විචාර වලට ලක් නොවී සිටීමට. එවිට ඔබ සැමදාම ප්‍රීතිමත් පුද්ගලයෙකු වේවි.

සුහර්ශි දොඩම්ගොඩ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *