කේක් පාඩම් 02 බටර් කේක්

කේක් පාඩම් 02    බටර් කේක්

කේක් හදන්න ඉගෙන ගන්න ඕනම අයෙකුට අවශ්‍ය මූලිකම කේක් වර්ගය තමයි බටර් කේක්.

කේක් එකක් නියමිත ලෙස පිපී,මෘදු ස්වභාවයෙන් ලබාගන්නට නම්, එ් සඳහා අප ලබාගන්නා අමුද්‍රව්‍ය නැවුම් සහ පරිසර ඌෂ්නත්වයෙන් යුතු එ්වා විය යුතුයි.
එ් වගේම නියමිත බර නිවැරදිව කිරා ගෙන සමාන අගයන් ගෙන් ලබාගත යුතුයි .

කේක් එකක් සෑදීම ආරම්භ කරන්නට පෙර
සලකා බැලිය යුතු කරුණු කිහිපයක් .

-අවන් එක නිසි පරිදි ක‍්‍රියාත්මක වෙනවාද යන්න

  • කේක් තැටිය බටර් පේපර් ,තෙල් කඩදාසි එලා හෝ බටර් ආලේප කර පාන් පිටි ටිකක් ඉස කේක් මිශ‍්‍රණය දැමීම සඳහා තැටිය සකස් කරගැනීම අවශ්‍ය වේ.

අවශ්‍ය ද්‍රව්‍ය
කිලෝග‍්‍රැම් එකක කේක් එකක් සඳහා

පාන් පිටි ග‍්‍රෑම් 250
සීනි ග‍්‍රෑම් 250
බටර් ග‍්‍රෑම් 250
බිත්තර සාමාන්‍ය ප‍්‍රමාණය 5
බේකිං පව්ඩර් තේ හැඳි 2
වැනිලා තේ හැන්දක්
අවශ්‍ය වර්ණ බින්දු කිහිපයක්

පිටි සහ බේකිං පව්ඩර් එකට දමා 3 න් වරක පෙනේරයකින් හලා ගන්න.
( බේකිං පව්ඩර් හොඳින් කලවම් වීම සදහා .*

වෙලඳ පොලේ ඇති සෙල්ෆ් රේසිං පිටි යොදාගන්නේ නම් බේකිං පව්ඩර් එකතු
කිරීමෙන් වලකින්න .එ් සඳහා පිපුම් කාරක අඩංගු කර ඇත.

බිත්තර ටික එකින් එක කඩා වෙනම බාජනයකට දමා ගන්න.

(බිත්තර සුදු මද කහමදය වෙන වෙනම ගසා කේක් එකට මිශ‍්‍ර කිරීමට පුළුවන් වුවද එසේ කිරීම අවශ්‍ය වන්නෙ ස්පොන්ච් කේක් සදහා ය.*

බටර් සහ සීනි එකට දමා ඉලෙක්ටි‍්‍රක් බීටරයකින් හෝ ලී පතතකින් සීනි කැට බටර් එක තුළ හොඳින් දියවන තුරු ගසාගන්න.

(සීනි ටික ග‍්‍රයින්ඞ් කරගැනීමෙන් ඉක්මනින් සීනි ටික දියවේ*

බිත්තර එකක ප‍්‍රමාණය එක වරකට බැගින් බීට් කරන අතර තුර වරින් වර බිත්තර එකතු කරන්න

වැනිලා එසෙන්ස් එකතු කරන්න

බීටරය ක‍්‍රියා විරහිත කර පාන් පිටි ස්වල්පය බැගින් එකතු කරමින් පත්තකින් කලවම් කරන්න

අවශ්‍ය වර්ණක එකතු කරන්න

කේක් මිශ‍්‍රණය තැටිය ට දමා හොදින් සමබර කරන්න

කේක් එක මදක් සූදානම් කරගෙන එන අතර
අවන් එක ප‍්‍රීහීට් වීමට එහෙමත් නැත්නම් පෙර උණුසුම් වීමට ක‍්‍රියාත්මක කරන්න

සෙන්ටිගේ‍්‍රඞ් 180ඌෂ්නත්වයෙන්
විනාඩි 40ත් 45 ත් අතර කාලයක්
පෙර උණුසුම් කළ අවන් එකකින් පුලූස්සා ගන්න.

එක් එක් අවන් වල බේකිං ඔප්ශන් එක වෙනස් වන බැවින් ඔබගේ අවන් එකේ ඇති මැනුවලය හොඳින් නිරීක්ෂණය කරන්න.

සැකසුම
දිනේෂි අමරකෝන්

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *