ටිපී මහතා හා ඇලඩින්ගේ පුදුම පහන

ටිපී මහතා හා ඇලඩින්ගේ පුදුම පහන

ටිපී මහතා එක එක මනෝ ලෝක වල සැරිසැරීමට උපන්ගෙයිම හපනෙකි. එතුමා විටෙක ස්පයිඩර්මෑන් වන අතර තව විකට කිංකොං වේ. තවත් විටක මුලූ ගේ පුරාම තම මවගේ සායක් ඔලූවේ සිට ඔතාගෙන බඩගානා එතුමාගෙන් අද මොකෙක් වෙලාදැයි ඇසූකල ඊට පිළිතුර ලෙස ලැබෙනුයේ අද මං ඇනකොන්ඩෙක් කියාය. මේ මනෝ ලෝක වල ජීවත් වීම නිවැසියන්ට විටෙක මහා කරදරයක් නමුත් තම එකම පුත‍්‍රයාගේ මේ විගඩම් ඔවුන් පහන් සිතින් ඉවසති. එක් අවස්ථාවක දී තමන් පිනෝකියෝ වී ඇති බව පැවසූ ටිපී මහතා එදින දවස පුරාම රූකඩ නැටුම් නැටීය. අවසානයේ එතුමාගේ මව විසින් ී
ඕං නහය දික් වීගෙන එන්නෙ දැන් මෙතක් කීව බොරු එහෙම තියනවනම් කියන්න වෙයි ඈී කී විට එසැනින් නහය අතගාමින් අම්මේ මං අර එදා කීවේ බොරුවක් ආදී ලෙසට සියලූ බොරු වමාරන්නටද සමත් විය. ඉතින් එතුමාගේ හැටි එහෙමය.

යුරෝපයේ ජීවත් වන ටිපී මහතා ග‍්‍රීශ්ම නිවාඩුවට ලංකාවට ගිය කල තම අත්තම්මාට හා සීයාට මහත් අලකලංචි ගෙන දීමට හපනෙකි. ටිපී මහතාව සාප්පු සවාරි රැුගෙන යන අත්තම්මා යලි නිවසට එන්නෙී යංතන් ඔලූව බේරගෙන ආවා මදැයිී කියමිනි. ඇයි අම්මේ කියා විමසන එතුමියගේ එකම දිය”යට පිළිතුරු ලෙස ලැබෙන්නේ ,ීමේක ඉතාලිය නෙමේනෙ දුව , එක්ක යන යන හැම තැනකදිම කොහෙන් හරි කුණු ටිකක් පේනව , අනේ අත්තම්මෙ අර අතන කුණු , අර මැස්සෙක් , අනේ ගඳයි , ඕවා තමා කියන්නෙ , එ් මදිවට මහ හයියෙන් , දරුව කියන්නෙ ඇත්ත වුනාට මැස්සෙක් නැති කඩයක් මං මේ ලංකාවෙ කොහෙන් හොයන්නද ?ී ලෙසය. කතාව සහතික ඇත්තය , ටිපී මහතාට ඇත්තේ අන්වීක්ශ ඇස් හා සැටලයිට් නහයකි, හැතැම්ම පහකට එහා තියෙනා ගඳක් වුව නිවැරදිව කියන්නේ හා ඉතා කුඩා කුණු රොඞ්ඩක් වුව ඇස ගැටෙන්නේ එනිසාය. එනිසා ටිපී මහතා හා තර්ක කොට වැඩක් නැත.

ටිපී මහතා ආගම දහමට ලැදි දහම් පාසැල් ද යන දරුවෙකි. එතුමා දිනපතාම නිවසේ බුදුන් නොවැන්දද එතුමාගේ මිත්ත”ය දින පතා අනිවාර්යයෙන්ම බුදුන් වැදීම සිදු කරන්නියකි. එනිසා සිය මිත්ත”ය සමඟ නිවාඩු කාලයේ ( ලංකාවේදී * එතුමා ද බුදුන් වැදීම කරනු ලබන අතර ටිකකින් නැගිට මගෙ කකුල පුළුං වේගෙන එන්නෙ දැන් එ් නිසා මට ඇති කියමින් යන්න යයි. ගෙවුන වසර වලදී පුටුවක් උඩට නැග්ගද බුදු කුටියේ හැඩ බැලීමට තරම් එතුමා උස නොමැති වූ අතර මෙවර පුටුවට නැගි කල එතුමා එහි හැඩය බලාගන්නට සමත් විය.

ප‍්‍රශ්න පටන් ගත්තේ එතැනින් ය

මුලින්ම එතුමා දුටුවේ වැටී ඇති හඳුංකූරු අළු ය. මිත්ත”ය දින දෙකකට වරක් වත් හඳුංකූරු අළු ඉවත් කරන අතර මේ ටිපී මහතා දුටුවේ පෙර දා හඳුංකූරු අළුය. කියා පහදා වැඩක් නැත අත්තම්මා කොනක සිට හඳුංකූරු අළු පිසින්නීය. ඊගාවට මල් පීරිසියේ කුඩා කලූ තිතකි , එය සේදුවාට යන්නේද නැත. අත්තම්මා වහා මල් පීරිසිය මාරු කලාය. ගිලම්පස වීදුරු එ්වා තබන බන්දේසිය ආදීය වහා මාරු කලාය. එ් සියල්ලේම අන්වීක්ෂයක් ආධාරයෙන් බැලිය හැකි කුණුය. 70 හැවිරිදි අත්තම්මාට නොපෙනෙන කුණු 7 හැවිරිදි ටිපී මහතාට මනාව පෙනෙන්නේය. එ් අස්සේ බුදු පිළිමේ සිවුරේ දාර වල ¥විලිය. අත්තම්මා ඉවසීම ප‍්‍රගුණ කරනීය. කුඩා බුරුසුවක් ආධාරයෙන් අර ¥විළි ද පිහන්නීය. දැන් ඔක්කොම හරි යැයි සිතා හුස්මක් ගන්නට වත් ඉඩක් ලැබුනේ නැත. මහා කාලගෝට්ටිය පටන් ගත්තේ අවසානෙට ය.

අත්තම්මේ මේක ඇලඩිංගෙ පහන . මට මේක ඕන. ඔයා ඇයි මේකෙ තෙල් දාල කුණු කරේ ? ඇයි මේ මෙතන කොළ පාට ? මේක රත්තරන් නේද ? ආදී වශයෙන් ප‍්‍රශ්න පිට ප‍්‍රශ්නය , බුදුන් වැඳීම කැලේය. සමයං බැලීම ඇර අත්තම්මා ට වෙන වැඩක් නැති සේය. අත්තම්මා වසර 30 කට අධික කාලයක් ප‍්‍රාථමික අංශයට ඉගැන්වීමේ ඵල ප‍්‍රයෝජන ලබන්නේ ටිපී ප‍්‍රශ්න ඉදිරියේය. එතුමිය එකින් එකට මනාව පිළිතුරු ගලපන්නීය.

සුදුමහත්තයා , මේක රත්තරන් නෙමෙයි මේක පොඩි පිත්තල පහනක්. මේකෙ මෙතන කොළ පාට වෙලා තියෙන්නෙ පොල් තෙල් ගෑවිලා නිසා. පිත්තල පහන් එහෙම කොළ පාට වෙනව තැනින් තැන ඔයාට ලොකු වෙලා ඉගෙනගන්න පුලූවන් , මේක දැන් ගොඩාක් කල් ඉදන් මෙහෙ තියෙන්නෙ. ඔයාගෙ අම්ම පොඩි කාලෙත් තිබ්බෙ මේ පහන. මේකෙ භූතයෙක් නෑ. මේක ඇලඩිංගෙ පහණ නෙමෙයි. මේක එ් විදිය වෙන එකක්. ආදී ලෙසට අත්තම්මා පිළිතුරු බදින්නීය. එහෙත් එ් කිසිවක් ටිපී මහතාට වැඩක් නැත. දැන් එතුමාට පහණ අවශ්‍යව ඇත්තේය. තමන්ට ඉල්ලන්නට වර කීපයක් ඇති බවත් එනිසා පහන අවශ්‍ය බවත් එතුමා කියන්නේය. මේ කුඩා සමයම හා ඉහ ගහන්නට අත්තම්මාට බැරි බැවින් එහෙනම් ඔයා ඕක ගන්නකො මං වෙන අලූත් පහනක් ගන්නම් කියා වසර 30 කටත් වඩා කාලයක් අනාධිමත්ම එ් නිවසේ බුදු පහන ලෙස අබිසෙස් ලැබූ එ් මහා පහන් රාජයා ටිපී මහතා සතු කර මිත්ත”ය වෙන පහනක් බුදු පහන ලෙසට ගත්තාය.

තමන් සතු වූ පහණ ටිපී මහතාගේ මිත්ත”යගෙ සහයිකාවට කියා ගඩොල් කුඩු යොදා ඔප නංවාගත් එතුමා ඊගාවට තමන්ව ඇලඩින් කර දෙන ලෙසට තම මව ඉදිරියේ ආයාචනය කලෙන්, එතුමිය වහා හිසෙහි තලප්පාවක් බැඳ සරුවාලයක් ඇෙඟහි දවටා කරනා සමයමක් කරගන්නා ලෙස පැවසුවාය. ටිකකින් පහන අතුල්ලමින් ඇලඩින් සමයම නටමින් තමන්ගේ මනෝ ලෝකයේ ජීවත් වට ටිපියෙකු නිවැසියන්ට දැකගත හැකි විය. එකී පහන නිවාඩුව අවසන යුරෝපය දක්වාම ගෙන එන්නට තරම්ම ටිපී මහතා එ් පහනට ආදරය කල බවද කිව යුතුය.

ප‍්‍රභානී තෙන්නකෝන්.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *