තරු පන්තියේ මුළුතැන්ගෙයි රහස් සොයා

තරු පන්තියේ මුළුතැන්ගෙයි රහස් සොයා

බිත්තර ගැන හුගක් විස්තර වගේම හරියට බිත්තර තම්බන විදිය වගේම බදින විදිය ගැන මං පසුගිය කලාපෙන් දැනුවත් කලා. තව තව විදි වලට මේ බිත්තර සකසා ගන්නා අයුරු ගැන අද අපි කතා කරමු.

මුලින්ම ඔයා ගෙදර නන් ස්ටික් පෑන් එකක් තියාගන්න. මේ නොඇලෙන පෑන් නොවුනත් සමහර පෑන් හොදට පදම් උනාම තෙල් නැතුව උනත් බදින්න පුලුවන්. බිත්තර ,පෑන්කේක් ,තෝස වගේ දෙවල් වලට වෙනම පෑන් එකක් තියාගන්න. හැන්දෙන් හූරන්න එපා. හෝදනකොට හූරන්න එපා.

ඔම්ලට් (Omlette)

ඔම්ලට් විදි ගොඩයි. ඕවල් ඔම්ලට් , ෆ්ලැට් ඔම්ලට් , සූෆ්ලේ ඔම්ලට් වගේ.

එවගේම ඔම්ලට් එකට දාන ද්‍රවය අනුව රට රට වල් වල ඔම්ලට් වෙනස්.

මෂ්රූම්, බෙල් පෙපර් ,හැම්, ලූනු, කොත්තමල්ලි කොල,ඔලිව් , අමු මිරිස් , තක්කාලි , චීස් ,ඔලිව්වගේ දේවල් එකතු කරන්න පුලුවන් .

ඔම්ලට් එකට බිත්තර තුනක් එන්න ඕනෙ. අපි කැමති දේවල්. ලූණු, මිරිස්,බෙල් පෙපර්, තක්කාලි, ලුනු ගම්මිරිස් දාගෙන බිත්තරේ හොදට බීට් කරගන්න. පෑන් එකට තෙල් හෝ බටර් ටිකක් ගාගෙන රත් උනාට පස්සෙ. (පෑන් එක රත් වෙන්න ඔනෙ ගානට. රස්නෙ වැඩි නම් ලිපෙන් අරන් ටිකක් අඩු කරගෙන ඉන්න) දැන් බීට් කරපු බිත්තර තුන එකතු කරන්න.

රබර් ස්පැචුල එකක් හෝ ලී හැන්දක් පාවිච්චි කරන්න. නැත්නම් ගෑරුප්පුවක්. පෑන් එක හීරෙන් නැති වෙන්න බිත්තර එක සෙට් වෙන සෙට් වෙන එක මැදට තල්ලු කරල අමු ටික එතනට දාගන්න.(බාගෙට සෙට් වෙනකන් කලවම් කරන්න. )

දැන් පෑන් එක ටිකක් හොලවල බලන්න මුලු බිත්තර ඔක්කොම එකට සෙට් වෙලාද කියල. හරියට සෙට් වෙලා නම් ඔම්ලට් එක පෑන් එකේ එහාට මෙහාට වෙයි. දැන් හෙමින් සැරේ උඩ දාල අනිත් පැත්ත හරවන්න. නැත්නම් ඔයාගෙ ස්පැචුල එකෙන් හරවන්න.

*ඔම්ලට් එක කහ පාට වෙන්න ඔනෙ. දුඹුරු වෙනකන් ඉන්න එපා. සොෆ්ට් වෙන්න ඕනෙ. හොදට බීට් කලාමයි මුලු ඔක්කොම එකම පාට ට එන්නෙ.

ඕවල් ඔම්ලට් එක නවන්නෙ දෙපැත්තෙන් මැදට. ඒක පෑන් එකේදිම එක පැත්තක් මැදට නවාගෙන අනිත් පැත්ත පිගානට දාන ගමන් මැදට නවන්නෙ.

*Souffle omlette – සුදු මදේ පෙණ වගේ වෙනකන් විස්ක් කරල. බීට් කරගත්ත කහමදේ එකතු කරල හෙමින් කලවම් කරල , ඔම්ලට් එක හදාගන්න. මේකෙ සුදු මද පෙණ නිසා හුගක් සොෆ්ට් , ස්පොන්ජ් වගේ.

බේක්ඩ් එග්

බිත්තර වලට ඔයා කැමති ලූනු, මිරිස්, තක්කාලි,චීස් වගේ දේවල් එකතු කරගෙන ලුණු ගම්මිරිස් එකතු කරල කලවම් කරගෙන කප්කේක් හදන කප් හෝ අවන් දාන්න පුලුවන් ට්‍රේ එකක දාල අවන් දාල බේක් කරගන්න.කැමති හැඩ වලට ගන්න පුලුවන්.

cloud egg – මේ වගේ සුදු මදේ පෙණ වෙනකන් බීට් කරල අවන් ට්‍රේ එකක තියල විනාඩි 2 බේක් කරන්න .ආයෙ එලියට අරන් කහ මදේ ලස්සනට මැදින් තියල තව විනාඩියක් බේක් කරන්න. සනි සයිඩ් අප් වගේ මේක.

4.හුමාලයෙන් තැම්බීම( steamed egg).


* ලුනු ගම්මිරිස් දාල බීට් කරපු බිත්තර පොඩි කප් එකකට දාල හොදට වහල නටන වතුරෙ බස්සන්න.

නැත්නම් ඉඩ්ලි හදනව වගේ ස්ටීම් කරන්න ත් පුලුවන්.


* අපෙ අම්ම ඉස්සර බිත්තර වලට ලූනු අමු මිරිස් උම්බලකඩ තක්කාලි එහෙම දල , කට පොඩි මුට්ටියකට වතුර නටන කොට රෙදි කෑල්ලකින් වහල බිත්තර ටික ඒ රෙදි කෑල්ලට දාල පියනෙන් වහනව. හුමාලෙන් තැම්බෙන්න. ඊට පස්සෙ ඒක කෑලි කපල බිත්තර කරි හදනව.

*ඒ අම්මගෙ දුව බිත්තර 5,6 වගේ ඔම්ලට් මිශ්‍රණය හදාගෙන non-stick pan එකක දාල ලොකුවට ඔම්ලට් එක හදාගෙන කෑලි කපල උයනව.උයනකොට උම්බලකඩ තිබ්බම හුගක් රසවත්.


*කේක් එකක් සයිස් ඔම්ලට් එක හරවන්න??? මෙහෙම ලොකුවට ඔම්ලට් එක හදාගෙන හරවගන්න බැරි නම් ස්පැචුල එකකින් එහෙට මෙහෙට තල්ලු කරගෙන එක පැත්තක් සෙට් උනාට පස්සෙ පෑන් එක හොලවල ෆ්ලැට් පිගානකට බා ගන්න. දැන් අමු පැත්ත උඩ සෙට් උන පැත්ත යට. දැන් අර පෑන් එකෙන් පිගාන උඩ තියෙන ඔම්ලට් එක වහන්න. දැන් දෙකම එකට අල්ලල අනිත් පැත්ත හරවන්න. දැන් අමුපැත්ත යට. ඒකත් තප්පර 30 වගේ කුක් කරගෙන ලිපෙන් බාල කෑලි කපාගන්න.

5. ස්ක්‍රැම්බල්ඩ් එග්(Scrambled egg)

*ගෙදරදි ඔම්ලට් එක සෙට් උනේ නැත්නම් අපි ඒක කඩල කඩල ගන්නවනෙ . ස්ක්‍රැම්බල්ඩ් එග් එකත් ඒ හැඩේ.ඒ කියන්නෙ හැඩයක් නෑ. හරියට හදනව නම් මේකෙදි කෙලින්ම ලිපේ තියල හදන්නෙ නෑ. ඩබල් බොයිල් කරන්න ඕනෙ.ආ ඩබල් බොයිල් කරන්න නම් ලිප ඕනෙ. බිත්තර කඩල බාජනේට දාගෙන ඒක නටන වතුර එකකට බස්සල හොදට කලවම් කරන්න ඕනෙ. ලුනු ,බටර් ,කිරි එකතු කරන්නත් ඕනෙ. හරියට හැදුව නම් කහ පාටට සොෆ්ට් එකට පොප් කෝන් වගේ හැඩ වලට එන්න ඕනෙ මේක. ලිපේ තියල හදනව නම් දුඹුරු වෙනකන් ඉන්න එපා කහපාට සොෆ්ට් විදියට ස්ක්‍රැම්බල් කරගන්න.


6. පෝච්ඩ් එග් (Poached egg)

නටන වතුර එකකට විනාකිරි ටිකක් දාල හැන්දෙන් කරකවන්න. වතුර එක සුලියක් වගේ කරකවන්න. ඒ ගමන් කඩාගෙන පැත්තකින් තියාගත්ත බිත්තරේ අර සුලියට දාගන්න. ලස්සනට බෝලෙ වගේ බිත්තරේ එයි කැඩෙන්නෙ නැතුව. කහ මදේ අමුවට ඇතුලෙ රවුමට තියෙන්න ඕනෙ. ඒක වට කරගෙන සුදු මදේ ඉන්න ඕනෙ. හෙමින් සැරේ තෙල් හැන්දෙන් වතුර පෙරාගෙන toast කරපු පාන් පෙත්තක් උඩින් තියාගන්න.




*බිත්තර වලට පිටි ටිකක් ලුනු ගම්මිරිස් එහෙම දාල හොදට බීට් කරගෙන මහත පෙරනයකින් නටන වතුරට පෙරාගන්න.වතුරට විනාකිරි ටිකකුත් දාගන්න. පස්සෙ වතුර බේරල නූඩ්ල්ස් වලට කලවම් කරන්න. ඕනෙ කෑමකට දාගන්න. සරසන්න ගන්න.
මෙහෙම පෙරෙනයකින් තෙලට පෙරාග්න්නත් පුලුවන් .

පිලිපීනයේ ඔම්ලට් එකක් හදනව වම්බටු වලින්.වම්බටු කරල පිටින් පුච්චන්න ගින්දරෙන් . පස්සෙ නැට්ට ගලවන්නෙ නැතුව පොතු අයින් කරල ගෑරුප්පුවකින් පොඩි කරන්න.
දැන් බිත්තර දෙකක් වෙනම ,ලුනු ගම්මිරිස් ලූනු, අමුමිරිස් එක්ක බීට් කරල ඒකට වම්බටු ටික දාල ඔම්ලට් වගේ බැදගන්න.සුදු බත් එක්ක මෙහෙම රසයි.

ඉතින් බිත්තර ගැන හා සකසා ගන්නා ආකාර පිළිබද ඔබ දැනුවත් උනා. මුළුතැන්ගෙයි රහස් පිළිබද ලිපියකින් ඊලග කලාපයෙන් හමුවෙමු.

මං නිෂි.


සූපවේදිනී නිසංසලා or K. නිසංසලා ,

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *