ධනවාදයේ ගොදුරු බවට පත්වන ගෝලීය වැසි වනාන්තර

ධනවාදයේ ගොදුරු බවට පත්වන ගෝලීය වැසි වනාන්තර

පසුගිය කලාපයේ පලවු ස්වභාවික ආපදා හා කාන්තා අභියෝග ලිපියේ ඉතිරී කොටස නොවැම්බර් කලාපය හරහා ඔබ සමඟින් බෙදා ගන්නට මා තිරණය කළෙමී. ඒ විශේෂයෙන් ලෝක පරිසර ක්ෂේත්‍රයේ ඇතිවු දුක්මුසු පුවතක් නිසා. ඇමසන් හා කොංගෝ වනාන්තර වල සති ගානක් පුරා පැවති ගින්න පිලිබඳ පුවත් මේ වනවිටත් ඔබ දන්නවා ඇති, එසේම ලංකාවේ සමාජ මාධ්‍ය හරහා ඒ සම්බන්ධ වු පිබිදීමද ඔබ දකින්නට ඇතී. විවිධාකාරයේ මාධ්‍ය පුවත් මේ හරහා කරළියට පැමිණි හෙයින් ඇමසන් හා කොංගෝ වනාන්තර වෙනුවෙන් ලිපියක් ලියාරා වෙනුවෙන් වෙන් කිරීමට තීරණය කළෙමී.

දකුණු ඇමෙරිකානු මහද්වීපයේ පිහිටි, ලොව විශාලම වැසී වනාන්තරය වන ඇමසන් නැත්නම් ඉංග්‍රීසීයෙන් ඇමසෝනීයා වර්ග කිලොමීටර 5,500,000ක් පුරා විහිදෙන අතර ඉන් 60%ක් බ්‍රසීලයට අයත්වන අතර ඉතිරි ප්‍රදේශ පෙරු, කොළොම්බියා, වෙනිසියුලාව, ඉක්වදෝරය, බොලිවියාව, ගයානාව, සුරීනේම් සහ ප්‍රංශ ගිනියාව යන රටවලට අයත්වේ.  ඇමසන් වනය තුල ශාක වර්ග 40000ක් පමණ, කුරුළු විශේෂ 1300කට ආසන්නව හා ක්ෂීරපායි විශේෂ 450කට ආසන්නව, කෘමි  විශේෂ මිලියන 2.5ක් පමණ, මාළු විශේෂ 2200ක් පමණ, උභයජීවී විශේෂ 450කට ආසන්නව හා උරග විශේෂ 400කට ආසන්න ප්‍රමාණයක් ජීවත්වන බව මේ වනවිට හඳුනාගෙන ඇති දත්ත වර්තා කරයී. අප්‍රීකානූ මහද්වීපයේ පිහිටී, ලොව දෙවන විශාලතම වැසි වනාන්තරය වන කොංගෝ වර්ග කිලොමීටර් 3,300,000 ක ප්‍රමාණයක විහිදී ඇති අතර කොංගෝ ද්‍රොණීය ඇන්ගෝලා, කැමරූන්, මධ්‍යම අප්‍රිකානු ජනරජය, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, කොංගෝ ජනරජය, බුරුන්ඩි, රුවන්ඩාව, ටැන්සානියාව, සැම්බියාව යන රටවල මායීම් දක්වා විහිදී යයී. විවිධ සත්ව හා ශාක වර්ගවලින් සමන්විත සුවිශේෂී ජෛව විවිධත්වයකින් පිරිපුන් කොංගෝ වනාන්තරය ශාක විශේෂ විශේෂ 10,000 කට වැඩි ප්‍රමාණයක්, ක්ෂීරපායීන් විශේෂ 400ක් පමණ, කුරුළු විශේෂ 1000ක් පමණ  හා මාළු විශේෂ 700ක් පමණ ප්‍රමාණයකින් පොහොසත්වේ.

මේ ස්වාභාවීක වනාන්තර නිවහන බවට පත්වී ඇත්තේ ශාක හා සත්ව විශේෂවල පමණක් නොවේ. මිලියන ගණනක ජනතාවක් මේ වනාන්තර කේන්ද්‍ර කොට ගනිමින් තම ජීවීකාව ගෙන යයී.  කොංගෝ ද්‍රෝණීය නිවහන ලෙස කේන්ද්‍ර කරගනිමින් අප්‍රිකානු ජනතාව මිලියන 75ක පමණ  ජීවත්වන අතර අප්‍රිකානූ භූමීයේ එකම වැසී වනාන්තරය වන මෙය අප්‍රීකානු මහද්වීපයේ සමාජ හා ආර්ථික සංවර්ධනය සඳහා ඉමහත් දායකත්වයක් ලබා දේයී. ඇමසන් වනය නිවහන කරගනිමින් ස්වදේශික ගෝත්‍ර පමණක් 400ක් ජීවත්වන අතර ඉන් සැලකිය යුතු ගෝත්‍ර ප්‍රමාණයක් බාහීර ලෝකය හා සම්බන්ධකම් පැවැත්වුවද ග්‍රෝත්‍ර කීපයක් බාහීර පරිසරය හා කිසීදු සම්බන්ධයක් නොපවත්වමින් හුදකලා ජීවීතයක් ගෙවයී. ඔවුන් පරිසරය සමඟ සහජීවනයෙන් ජීවත්වන වනාන්තරයට සැබැවින්ම ආදරය කරන පිරීසකී. ධනවාදී සංකල්ප මුල් බැස ගත් ගෝලීය ව්‍යාපාරවලීන් ඇමසන් වනය රැකගැනීමේ බොහෝ ජනතා සටන්වලදී පෙරමුණ ගන්නෙ මේ ස්වදේශීක ජනතාවයී.

පසුගිය දා ඇමසන් හා කොංගෝ වනාන්තර ගිනි ගැනීමට ප්‍රධාන හේතුව වුයේ කෘෂිකර්මාන්තය සඳහා සිදු කල ගිනි තැබිම්ය. මෙය සාමාන්‍යයෙන් සෑම වර්ෂ‍යකම ගිම්හානයේදි ගොවියන් විසින් සිදු කරනු ලබන් ගොවිතැන් ක්‍රමයක් වන ස්ලැෂ් ඇන්ඩ් බර්න් (Slash and Burn) ලෙස හඳුන්වයී. මෙහිදී සිදු කරනුයෙ අදාල වනාන්තර ප්‍රදේශයේ ගස් කපා දමා ඒවා පොලොවේ වේලෙන්නට ඉඩ හැර ඉදිරී වර්ෂා කාලයට පෙර ගිනි තැබීමයී. එහිදී ගිනිගෙන දැවී ඉතිරිවන අළු මේ භූමීයේ පස සාරවත් කර වගාව සඳහා නැවුම් පසක් ලබාදේයී. කෙසේ වුනත් මෙම ගිනි තැබීම් නීතී විරෝධී වන අතර කෘෂිකර්මාන්තයට අමතරව ඇමසන් හා කොංගෝ වනාන්තර විනාශය සිදුවීම සම්පුර්ණ මිනිස් මැදිහත්වීමෙන් සිදුවන අතර පශු සම්පත් කර්මන්තය, දැව කැපීම හා පතල් කර්මාන්තයද විශල ලෙස මේ වන හරණයන්ට දායක වේ.

මේ සම්බන්ධයෙන් ලෝක ප්‍රජාවගේ දැඩි දෝෂාරෝපණය ලක්වුයේ බ්‍රසීල ජනපති බෝල්සොනරෝ වන අතර ඔහුගේ ධනවාදී ප්‍රතිපත්ති නිසා කැලෑ එලිකිරීමේ නීතී ලිහිල් කිරීමත් ඒ හරහා මහා රූස්ස ගස් කොටන් බවට පත් කරමින් වනාන්තරයේ ඛනිජ සම්පත් සෙවීමත්, පශු සම්පත්, සෝයා හා කටුපොල් වගාවන් සඳහා වැඩියෙන් අනුබල ලැබීමත්‍ ය. ඇමසන් වනය විශාල භූමී ප්‍රමාණයක නිකරුනේ පැතීර ඇති බවත් එම භූමීය තම රටේ ආර්ථික සවර්ධනයට යොදා ගතයුතු බවත් බ්‍රසීල ජනාධිපතී තරයේ විශ්වාස කලේය.  වසර ගණනාවක් තිස්සේ ඇමසන් වන විනාශය සම්බන්ධයෙන් ලෝකය නොයෙක් මට්ටම්වලින් කතා කලද පශු සම්පත් කර්මාන්තය, සෝයා වගාව හා කටුපොල් වගාව සම්බන්ධයෙන් ජත්‍යන්තර මට්ටෙමේ පාරිසරික ප්‍රතිපත්ති සවීබල ගැන්වීමක් සිදු නොවුණි. සෝයා සඳහා මිනිස් ආහාර නිෂ්පාදනය හා ගොවිපල සතුන්ගේ ආහාර සඳහා ලෝක වෙළඳපොළේ ඉහළ ඉල්ලුමක් ඇති නිසා ඒ සම්බන්ධයෙන් විවිධ ජාතියන්තර වෙළඳ ගිවිසුම්වලට බ්‍රසීලය බෝල්සොනරෝ රජය යටතේ එළඹුණී. ඒ නිසාම වගාවන් සඳහා වනාන්තර හරණය දැඩිවිය.   කෙසේවුවත් මෙම වසරේ ජූලී මස සිට ගිනිගැනීම් 72, 843ක් ඇමසන් පුරා වාර්තා වීමත් එය පසුගිය වසරේ මෙම කාලයට සපෙක්ෂව 88%ක වැඩීවීමක් පෙන්වීම නිසාත් ඒ සම්බන්ධයෙන් බ්‍රසීලය මුනිවත රැකීමත් ලෝක නායකයින්ගේ හා ප්‍රජාවගේ ද්‍රෝෂාරෝපණයට ලක්වීය. මුළින් හිතුවක්කරී ලෙස දැඩි තීරණයක සිටියත් පසුව G7 ලෝක බලවතුන්ගෙන් ප්‍රබල ඉල්ලීම්වලට හිස නමමින් ඇමසන් ගින්න නීවීමට ඔවුන්ගේ ආධාර ලබා ගැනීමටත් බ්‍රසීල ජනාධිපතීට සිදුවීය. නමුත් බ්‍රසීල ජනපති බෝල්සොනරෝ පවසන්නේ ඇමේසන් වැසි වනාන්තරය සම්බන්ධව ක්‍රියාකිරීමට හා පාලනය කිරීමට බටහිර රාජ්‍යයන් උත්සාහ දරන බවත් එහි ආරම්භක පියවර දැනට ඇති වී ඇති මෙම ගිනිගැනීම් මාලාව හරහා දියත් කරමින් සිටින බවත් බොහෝ පිරිසකට අවශ්‍ය මෙය ජාත්‍යන්තර ගැටළුවක් බවට පත්කර ඇමේසන් වැසි වනාන්තරයේ පාලනයට ජාත්‍යන්තර ප්‍රජාවේ යටතට පත්කර ගැනීම බවයි.

ඇමසන් තරම් ජත්‍යන්තර මාධ්‍යවල අවධානයට යොමු නොනුනද එම කාලවකවානුව තුලම අප්‍රිකානු මහද්වීපයේ වූ ගිනි ගැනීම් ඊට වඩා විශාල බව නාසා ආයතනයේ චන්ද්‍රිකා චායාරූප වාර්තා කරනු ලැබුවා. මේ අතරින් ඇංගෝලාව, කෝංගෝ රාජ්‍ය හා මොසැම්බික් රාජ්‍යවල ඇති කරවු ගිනී බ්‍රසීලයේ ඇමසන් වනාන්තර ප්‍රදේශවලට වඩා විශාලයී. මෙම ගිනි තැබීම්වලටද හේතු වන්නේ ද දැව ජාවාරම, පතල් කර්මාන්තය, දඩයම්, කෘෂිකර්මාන්තය හා පශු සම්පත් කර්මාන්ත සඳහා භූමී අත්පත් කර ගැනීම ඇතුළු මිනිස් ක්‍රියාකාරකම්‍ ය. කෙසේ වුවත් ඇංගෝලා රජය පවසන්නේ මේ ගිනී ගැනීම් වසරකට සාමාන්‍ය ක්‍රියාවක් වුවත් ඒවාට හේතු වන්නේ ද ස්ලැෂ් ඇන්ඩ් බර්න් ක්‍රියාව බවයී. ග්ලොබල් ෆොරෙස්ට් වොච් ෆයර්ස් ආයතනයට අනුව මේ වසරේ ජූලී පලමුවන දින සිට අප්‍රීකාව පුරා ගිනි තැබීම් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇත. කෙසේවෙතත් ග්‍රීන්ෆීස් ආයතනය පවසන්නේ මේ ගිනි තැබීම් කොංගෝ වනාන්තරයේ සංවේදී කලාපයෙන් බැහැරව ඇතිවූ ගිනි බවයී. මොසැම්බික් හරිත පක්ෂය වාර්තා කරන පරිදී රාත්‍රී කාලයේ තම රටට ඉහළින් පියාසර කිරීමේදී පවා මේ ගිනි තැබීම් දැකීය හැකී බවත් එය කළින් වර්ෂවලට වඩා විශාල ලෙස පැතිරී ඇති බවත්‍ ය. මෙයට හේතුව ලෙස දේශගුණික විපර්‍යාසවල බලපෑම ඔවුන් පෙන්වාදෙන අතර පරිසරයේ සුරක්ෂිතතාවය ගැන තම රජය දැඩි අවධානය යොමු කල යුතු බවද පෙන්වා දෙයී.

ඇමසන් වනය ගිනි ගැනීමේදී ජාත්‍යන්තර මාධ්‍ය ඇතුළු ලෝක ප්‍රසිද්ධ චරීත පවා වාර්තා කරේ පෘතුවියේ පෙණහලු ගිනිගෙන දැවෙන බවයී, ඒ වගේම ඇමසන් වනය ලොව ඔක්සිජන් ප්‍රතිශතයෙන් 20%ක් නිතුක් කරන බවද ඒ තොරතුරුවල සඳහන් වුනා. එසේම කොංගෝ වනාන්තර දෙවන පෙණහල්ල ලෙසද ඔවුන් හඳුන්වනු ලැබුවා. කෙසේ වෙතත් පෘතුවි පද්ධති පිළිබඳ විද්වතුන් පවසනුයේ මෙය විද්‍යානුකූල නොවන, හුදෙක් ලෝකයේ අවධානය ලබා ගැනීම පිණිස ජාත්‍යන්තර මාධ්‍ය විසින් ගොතපු ඕපදූපයක් බවයී. අප කවුරුත් දන්නා ප්‍රභාසංස්ලේෂණ ක්‍රීයාවලීයේදී හිරු එළිය ඇති විට ශාක වායූගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරමින් ඒ හා සමානම ඔක්සීජන් ප්‍රමාණයක් පිට කරයී. නමුත් අප දන්නා ප්‍රධානම කාරණාව නම් වායුගෝලයේ ඔක්සීජන් 20.95% හා කාබන්ඩයොක්සයිඩ් 0.04% ප්‍රමාණයක් පමණක් ඇති බවයී. එසේ නම් 0.04ක් වන සම්පුර්ණ කාබන්ඩයොක්සයිඩ් පමාණයම ඇමසන් වනය අවශෝෂණය කර ගත්තත් ඔක්සිජන් 20.95%න් 1/5 නැවත ලබා දෙන්නේ කෙසේද? එය විය නොහැකී කරුණක් බව නොයෙක් විද්වතුන්ගේ පර්‍යේෂණ වාර්තාවලින් හෙළි වී ඇතිතර තවත් අප සියලු දෙනාම හොඳින් දන්නා කාරණයක් නම් ශාක රාත්‍රියේදී කාබන්ඩයොක්සයිඩ් පිට කරන බවයී. එම නිසා ඇත්තෙන්ම මේ වනාන්තරවලින් ලැබේන ඔක්සිජන් ප්‍රමාණය බිංදුවකී. අපි හුස්ම ගන්නා ඔක්සිජන් අපට ලබා දෙන්නේ සාගරය වන අතර ඒ පිළිබඳ විස්තරයක් වෙනම ලිපීයකින් සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙමී.  එම නිසා ඇමසන් හෝ කෝංගෝ වනාන්තර අප රැක ගත යුතුවන්නේ ඔවුන් පෙණහලු නිසා යයී සිතීම අප මුලාවේ දමා ගැනීමකී. එසේ නම් ඇයී අප මේ වැසී වනාන්තර රැක ගත යුත්තේ?

මේ සුවීශාල වන භූමීවලීන් ලෝකයට අත්වන ප්රයෝජන සුළුපටු නොවේ. පලමු කාරණය නම් මේ වනාන්තර ක්රීයා කරන්නේ කූලින් සිස්ටම් එකක් විදීයට. අපි හැමෝම අසා ඇති දේශගුණික විපර්යාසවල බලපෑම අවම කිරීමට මානව වර්ගයාට ඇති වියදම් නැති හා පහසූම විසඳුම වනාන්තරකරණයයී. වනාන්තර වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් උරා ගනිමින් වායුගෝලීය උණුසුම සමබර කරගැනීමට දායක වෙනවා. ඉතින් මේ ඇමසන් හා කොංගෝ යනු පෙණහලු නොව හොඳ එයාර් කන්ඩිෂනර් දෙකක්. එසේම දකුණු ඇමරිකාවේ හා අප්රීකාවේ වර්ෂාපතනය ස්ථාවරව පවත්වාගෙන යන්න දායක වෙන්නෙත් මේ වනාන්තර. ඒ නිසාම ඉන් පිට ජීවත්වන අපේ වායුගෝලයේද සමතුලීතතාවය මේ නිසා රැකේනවා. ඒ වගේම ඇමසන් යනු ලොව විශාලම හා දිගම ගංගාව පෝෂණය කරන වනාන්තරය. කළින් සඳහන් කරා වගේ අපීට හුස්ම ගන්න ඔක්සිජන් දෙන්නේ සාගරය නම් ඒ සාගරයට මහා ජල කඳක් මුදා හරින්නේ මේ ඇමසන් වනයෙන් පෝෂණය වන ඇමසන් නදීය. කොංගෝ ද්රෝණීය හරහා පෝෂණය වන්නේ ලොව තවත් එක් සුවීශේෂී ගංඟාවක් වන කොංගෝ නදීය. මේ වනාන්තර දෙකම නිවහන වෙන්නෙ සුවිශේෂී ශාක හා සත්ව විශේෂ ගණනාවකට පමණක් නොවේ, මේ ආශ්රිතව ජන කොත්ඨාශයන් රාශීයක් මේ වන භූමී කෙන්ද්ර කරගනිමින් තම ජීවීකාව ගෙන යනවා. එය  සංඛයාවෙන් මිලියන ගණනක්. ලොව වටීනාම ජෛව විවිධත්වය ඇති පරිසර පද්ධතින් දෙකක් වන මේ වනාන්තර දේශගුණික විපර්යාසවල දැවැන්ත ගොදුරක් බවට පත්වෙමින් පවතිනවා.  වාර්ෂීක ලැව්ගිනි ඇතිවීම් ඒ අතරින් ප්රධානයී. ඒ වගේම මේ වනාන්තර අයත් රටවල් ඉන්නේ ආර්ථික යුද්ධයක. එහෙම තත්වවලදී මේ වනාන්තර ඔවුන් විසීන් පමණක් ආරක්ෂා කරගැනීම කළ යුතු යයී බටහිර සංවර්ධිත රටවල් සිතනවා නම් එය හිතළුවක්. දේශගුණික විපර්යාසවලට ප්රධාන වශයෙන් වගකීව යුත්තේ සංවර්ධිත කාර්මික රටවල් වන අතර ඒ සඳහා ඔවුන් කාබන් බද්දක් දේශගුණික බලපෑම්වලට ලක්වන රටවලට ගෙවීය යුතුයී.  එසේම මේ කාබන් බද්ද, ධනවාදී සංවර්ධනයෙන් හානීවන ගෝලීය උෂ්ණත්වය සමබර කරගැනීම සඳහා තමන්ගේ සංවර්ධන අරමුණු කැප කරමින් හා දේශගුණික විපර්යාසවල බලපෑමට ලක්වෙමින් මේ වනාන්තර රැක ගැනීම වෙනුවෙන් බ්රසීලය, බොලිවියාව, ඇන්ගෝලාව වැනි රටවලට ගෙවීය යුතුය. වගේම මේ වනාන්තර ජත්යන්තර උරූමයන් ලෙස නම් කර ගෝලීය ප්රඥප්තියක් සකසා මෙවැනී ව්යවසනවලදී අවශය සහය පමාවකින් තොරව ලබාදෙමින් (ගිනි නීවීමට) හා වනහරණයට දැඩි ජාත්යන්තර නීතී සැකසීමද සිදුකල යුතුය. බ්රසීලය ලොව විශාලම හරක් මස් නිෂ්පාදකයා වන අතර ඇමසන් වනාන්තර විනාශවන්නේ පශූ සම්පත්, ගොවිතැන එනම් සෝයා හා කටුපොල් වගාව නිසයී. මේ සියල්ලේ ගැනුම්කරුවන් බහුතරයක් සංවර්ධිත ලෝක බලවතුන් ය. එම නිසා මේ විනාශයට බ්රසීලය හෝ ඇංගෝලාව තනිව වගකිව යුතු නැති අතර සංවර්ධිත රටවලට අතපිහ දා ගත නොහැක.

(චායාරූප හා දත්ත අන්තර්ජාලය ඇසුරෙන්)

ඇචාර්ය කල්පනා අඹේපිටිය

ශ්රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *