නවසීලන්තයට දැනගෙන එන්න

නවසීලන්තයට දැනගෙන එන්න


පිටරටක ඉගෙනීම කියන්නේ බොහෝ දෙනාගේ හීනයක්. නමුත් ඔබ ලෝකයේ ඕනෑම රටකට පැමිණීමේදී නිවැරදි ක‍්‍රමවේදය අනුගමනය කිරීම සහ නිවැරදි ආයතනයක් ඔස්සේ වීසා අයදුම් කිරීම ඉතාමත් වැදගත්.
අද මගේ ලිපියෙන් නවසීලන්ත ශිෂ්‍ය වීසා පිළිබඳව කෙටි විස්තරයක් කරන්නම්.
මුලින්ම ඔබ හැදෑරීමට යන පාඨමාලාව පිළිබඳව අවබෝධයක් තිබීම ඉතා වැදගත්. ඔබ තෝරා ගන්නා පාඨමාලාව අනුව ඔබට ලැබෙන රැුකියාවන්, ස්ථිර පදිංචිය ලබා ගැනීමට ලැබෙන ලකුණු මට්ටම් වලට ඇති බලපෑම් සහ බලාපොරොත්තු වන රැකියාවන් අදාල රටෙහි දිගුකාලීන නිපුණතා හිඟ රැකියා අතර තිබේදැයි සලකා බැලිය යුතුය.
ඉන් පස්සේ ඔයාට ගැලපෙන පාඨමාලාව ඇතුලත් විශ්ව විද්‍යාල හෝ පොලි ටෙක්නික් ආයතන තෝරාගෙන එයට අයදුම් කිරීම සිදු කළ යුතුයි. එහිදී ඔබට ප‍්‍රථමයෙන් ලැබෙන්නේ කන්ඩිශනල් ඔෆර් ලෙටර් එකක් එහෙමත් නැත්නම් කොන්දේසි සහිත ලියුමක්. මෙහීදී කොන්දේසි වශයෙන් ඔබගේ අඩුපාඩු සහතික, පාඨමාලා ගාස්තු , මුදල් පෙන්වීම ආදිය පැවතිය හැකියි.
නවසීලන්තයට ඉගෙන ගන්න එද්දී අනිවාර්යෙන්ම පළවෙනි අවුරුද්දේ පාඨමාලා ගාස්තු ගෙවන්න ඕනේ. මේක සමහරවිට ඔබ කරන්න බලාපොරොත්තු වන පාඨමාලාව අනුව වෙනස් විය හැකියි. මේ මුදල බොහෝ විට නවසීලන්ත ඩොලර් 17000ට ඉහළ ගණනක් එ් කියන්නේ x ලංකා රුපියල් වලින් ලක්ෂ 18ක් පමණ වනවා. මෙය ගෙවූ පසු තමයි ඔබට වීසා එක ලබා දෙන්නේ. ඊට අමතරව වීසා ලබාදීම සඳහ තව කරුණු කීපයක් සලකා බැලෙනවා.

ඔබට නවසීලන්තයේ අධ්‍යාපනය හැදෑරීමට තරම් වත්කමක් තිබෙන බව ඔබ නවසීලන්ත ආණ්ඩුවට පෙන්විය යුතුයි. එ් සඳහා ඔබගේ පාඨමාලා කාලයට අදාල මුදල සහ වසරක් සඳහා ජීවන වියදම් (නවසීලන්ත ඩොලර් 15000 ක් වගේ ගාණක් * ඔබගේ බැංකු පොතක හෝ දෙමාපියන්ගේ නමට බැංකුවක තැන්පත් කර තිබිය යුතුයි. මෙය වීසා ඉල්ලූම් කරන දින සිට මාස හයකට පෙර ගිණුමේ තිබීය යුතුයි. යුවලක් පැමිණෙනවා නම් මෙම මුදල් ප‍්‍රමාණය දෙගුණ වනවා.
මීට අමතරව දෙමාපියන් සහ ඔබ අතර නෑකම තහවුරු කරන්න උප්පැන්න සහතික ආදියත් ඉදිරිපත් කරන්න ඕනේ.

එයාලා මේ ඉතුරුම බලන්නේ සාධාරණ හේතුවක් ඇතිව. ශිෂ්‍ය වීසා අරන් එන කෙනෙක්ට සතියකට වැඩ කරන්න පුලූවන් පැය 20යි. එ්ත් සමහර විට ආපු ගමන් රස්සා හොයා ගන්න අමාරුයි. හැබැයි වීසා වැදිලා තියන කෙනාට බැංකුවේ සල්ලි තියනවා. එ් හින්දා ජොබ් එකක් නැති උනත් මේ රටේ ජිවත් වෙන්න පුලූවන්. ඔන්න ඔහොම හිතල තමා මේ ඩිපොසිට් එක අනිවාර්ය කරල තියෙන්නෙ. සමහර අවස්ථීා වල ආගමන විගමන එකෙන් කියනවා ඔය පෙන්නපු සල්ලි නවසීලන්ත බැංකු ගිණුමක එකකට දාන්න කියලා.හැබැයි අපිට ඕනේ විදියට සල්ලි ගන්න බෑ. ඊට පස්සේ එයාලා එ් සල්ලි සතියකට සෑහෙන ප‍්‍රමාණයක් අයිතිකාරයාගේ වියදම් වලට ලබා දෙනවා. මේ හැම දෙයින්ම එයාල පෙන්නන්න හදන්නෙ ශිෂ්‍යායන්ලා එන්නේ ඉගෙන ගන්න මිසක් සල්ලි හම්බ කරන්න නෙවෙයි කියන එක.
නවසීලන්තයට ආපු සහ ඇවිත් ඉන්න ගොඩක් දෙනෙක් ඇවිත් ඉන්නෙ ශිෂ්‍ය වීසා අරගෙන. බහුතරය ඇවිත් තියෙන්නේ නියෝජිතයන් හරහා. හැබැයි ගොඩාක් දෙනෙක් මෙහේ එනකල් දන්නේ ඔය නියෝජිතයන් මවලා තියන ලස්සන රූපේ ඉන්නෙ නවසීලන්තයේ තණ බිම් ටික විතරයි. එතනින් එහාට කිසි අවබෝධයක් නෑ. මේක කියවන කවුරු හරි, ඔයාල දන්න කවුරු හරි නවසීලන්තයට ඉගෙන ගන්න යනවා නම් පොඞ්ඩක් පහත කරුණූ ගැන සැළකිලිමත් උනොත් අතුරු ආබාධ ටිකක් අවම කර ගන්න පුලූවන් වෙයි.

  1. ආගමන විගමන නීති තද වැඞීයි. හැබැයි එහෙම උනත් ඔයාලා ඉගෙන ගන්න යන දේට අදාල රස්සා නිපුණතා හිඟ ලැයිස්තුවක් එකේ තියනවා නම් ඔයාට ගොඩ යන්න අවස්ථාවක් තියනවා.
  2. අධ්‍යාපන නියෝජිතයන් කියන දේවල් විතරක් අහලා තීරණ ගන්න එපා. එයාල කරන්නේ බිස්නස් එකක්. එයාලට වැඩි පුර කොමිස් මුදල් හම්බ වෙන විශ්ව විද්‍යාලයක් හෝ පාඨමාලාවක් හරි ප‍්‍රවර්ධනය කරන්න එයාල බලන්නේ. එ් නිසා ඔබ කැමති පාඨමාලාව ඔබ කරන්න.
  3. සමහර පාඨමාලා වලට සහකරුවාට හෝ සහකාරියට වීසා දෙන්නේ නෑ. සමහර සමහර නියෝජිතයන් තමන්ගේ පාට්නර් ව සංචාරක වීසා අරන් දීලා එවනවා. ගිහිල්ලා රැුකියාවක් හොයාගෙන රැුකියා වීසා අයදුම් කරන්න කියලා. එ් වැඬේ ඇත්තටම අමාරු දෙයක්. සංචාරක වීසා අරන් ආවම කිසිම රස්සාවක් කරන්න බෑ. ඉගෙන ගන්න එන කෙනාට පැය 20යි වැඩ කරන්න පුලූවන්, ඒකෙන් දෙන්නෙකුට ජීවත් වෙන්න අමාරුයි
    4.හොර සුදුසුකම් හදාගෙන එන එක සෑහෙන අවදානම්. අහු උනොත් රටින් පිටණීවහල් කරනවා.
  4. මෙහේ අධ්‍යාපනය ඉවර කලාම ජොබ් සර්ච් වීසා එකක් එකක් දෙනවා. මේකෙන් ඔයා ඉගෙන ගත්ත විෂයයන් වලට අදාලව රැුකියාවක් හොයාගන්න ඕනෙ. අවුරුදු 2කට හේා 3කට, එ් අතරතුර පර්මනන්ට් රෙසිඩන්සි එක ගොඩ දා ගන්න වෙනවා.
    ම්ං ඔය කියලා තියන්නේ පොඩි විස්තර ප‍්‍රමාණයක්. කියන්න තියන එකම දේ තමයි දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග. ඉතින් නවසීලන්තයට යන හරි පාරේ විස්තර වැඩිදුර විස්තර ලබන සතියෙ ලියාරා තුළින් අරගෙන එන්නම්.

ම්ං
යසසිි ගූණරත්න

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *