නෝටි ශාන්

නෝටි ශාන්

යුධ බිමක වෙද මහිම සහ වගුරු බිමෙන් ඉසුරු පුරට යන කෘතීන් දෙකෙහි කර්තෘ වෛද්‍ය පැතුම් කර්නර් මහතාගේ නෝටි ශාන්
කෘතිය පසුගිය දා දොරට වැඩියේ ඔහුගේ පෙර පොත් වල ආරයෙන් තොර වූ වෙනත්ම ආකාරයක ග‍්‍රන්ථයක් ලෙසය.
සිය කුඩා අවධියේ මතකයන් අපූරුවට පෙළගස්වා පාඨක සැමගේ සිත් සතන් අතීතය කරා ගෙන යෑමට ඔහු මේ කෘතිය තුළින් සමත්කම් දක්වා ඇත.
දිප්පිටිගොඩ යන ග‍්‍රාමයේ පුංචි පැතුම් ගෙවූ කුඩා කාලයත් වෙදමුල්ල පාසලෙන් සහ නාලන්දාවෙන් ලැබූ පන්නරයත් අපූරුවට අකුරු තුළ ගොනු කොට ඔහු නෝටි ශාන් කෘතිය තුළින් තිළිණ කොට ඇත. කුඩා කල කළ දඟ වැඩ හේතුවෙන් නෝටි සන් ලෙස දෙමාපියන් විසින් පටබැඳි නම ගැමි වහරේ දී නෝටි ශාන් බවට පත් වී ඇත. එතැන් පටන් දිගහැරෙන්නේ ඔහුගේ නිමක් නොමැති දඟකාරකම් ය.
සිය පියාගේ ඇවෑමෙන් මව විසින් පැතුම් ඇතුලූ දරුවන්ට ඇවසි අවශ්‍යතා සපුරාලමින් ගෙන ගිය දිවිය සහ ඔහුගේ වර්තමාන රැුකියාවට මූලික අඩිතාලම වැටීමද එකල සිය මව නිසාම සිදු වී ඇති අයුරු අපූරුය.
අප‍්‍රතිහත දිරියෙන් යුතුව දිදුලන අනාගතයක් දක්වා මාර්ගය නෝටි ශාන් ,ඔහුගේ සොහොයුරා සහ සොහොයුරිය විසින් අඩිතාලම කුඩා කල සිට නොයෙක් දුෂ්කරතාවයන් ඔස්සේ දමාගත් අයුරු සහ විශේෂයෙන් ඔහුගේ මවගේ කැපවීම මෙම ග‍්‍රන්ථය තුළින් ඉස්මතු වී පෙනේ.
ඉතා සරල බසකින් හසුරවා ඇති මෙම කතාන්තරය ඇවැසි තැන්හිදී උපමා උපමේයන්ගෙන් අලංකාරව ඇත.
2019 වසරේ අගෝස්තුවේ එළිදැක්වුණු මේ කෘතිය බාල මහලූ කොයි කාටත් එක සේ රස විඳිය හැක.

හංසනි හිදැල්ලආරච්චි

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *