පියයුරු පිළිකා

පියයුරු පිළිකා

ලොව පුරා කතුන් ගෙන් සියයට විසිපහක් පමණ ගොදුරු වේ.මූලික අවධියේදීම හඳුනාගැනීම තුලින් පිළිකාමය තත්වයක් බවට පත්වීම වලක්වා ගත හැකිය.

පියයුරු පිළිකාවක් යනු කුමක්ද ?

පියයුරු වල ඇති සාමාන්‍ය සෛල පාලනයකින් තොරව වර්ධනය වීමයි.

පියයුරක ගැටිත්තක් / ගෙඩියක් මඟින් පිළිකාමය තත්වය බොහෝ විට හඳුනා ගනී.

පිරිමින්ට වඩා කාන්තාවන්ට මෙම තත්වය ඇතිවන අතර පිරිමින්ටද පියයුරු පිළිකා ඇතිවිය හැක.

පවුලේ ආරයෙන්ද මේවා ඇතිවීමට ඉඩ තිබේ.

ඔබට පියයුරක ගැටිත්තක් හෝ ගෙඩියක් ඇතිබව දැනුණොත් වෛද්‍යවරයෙක් මුණගැසී වැඩිදුර පරික්ෂා කිරීම ඉතාම වැදගත් වේ .

පියයුරු වල ඇතිවන ගැටිති හෝ ගෙඩි සියල්ල පිළිකා නොවන නමුත් එය තහවුරු කරගැනීම වඩා වැදගත් වේ.

පිළිකා හඳුනාගැනීමට වෛද්‍යවරුන් මේ සඳහා විශේෂ එක්ස් කිරණ පරික්ෂා සිදුකරයි.

එය මැමෝග්‍රෑම් පරීක්ෂණය නම්වේ.එහි අසාමාන්‍යතාවයකදී

බයොප්සි ගැනීමෙන් මේ බව තහවුරු කරගත හැකිය.

පිළිකාවක අවස්ථාව හඳුනාගැනීම තුලින් එය පැතිරී තිබෙන ආකාරය සොයා බලා නිවැරදි ප්‍රතිකාරකය සිදුකිරීමට පහසු වේ.

පියයුරු පිළිකා වලදී සිදුකරන ප්‍රතිකාර

පහත ඒවායින් එකක් හෝ කීපයක් සිදුකිරීමට ඉඩ ඇත.

1 ශල්‍යකර්ම

පැතිරී ඇති ආකාරය අනුව මෙය තීරණය වේ.

සම්පූර්ණයෙන්ම පියයුර ඉවත් කිරීම හෝ පිළිකාමය කොටස ඉවත් කිරීම ලෙස ක්‍රම දෙකකි.

2 විකිරණ ඇල්ලීම

පිළිකා සෛල විනාශ කිරීම සඳහා

3 ඖෂධ ලබාදීම / කීමෝතෙරපි

පිළිකා සෛල වර්ධනය වලක්වන / පිළිකා සෛල විනාශ කරන ඖෂධ ලබා දීම සිදු කරයි.

ශල්‍යකර්මයට පෙර පිළිකා කොටස හකුළුවාලන ඖෂධ ලබාදීමද සිදුකෙරේ.

ශල්‍යකර්මයෙන් පසුත් ඖෂධ ලබාගැනීමට සිදුවේ.

4 හෝර්මෝන ප්‍රතිකාර ලබාදීම

5 ඉලක්ක කල ප්‍රතිකාර  / ටාගටඩ් තෙරපි

සමහර විශේෂිත ඖෂධ පිළිකාව මත ක්‍රියා කරයි.වෛද්‍යවරුන් මේවා ලබාදෙමින් පිළිකාවේ ප්‍රතිචාර පරික්ෂා කරයි.

ප්‍රතිකාර වලින් පසු

වෛද්‍යවරුන් නිර්දේශ කරන ලෙස නැවත නැවත පරික්ෂා කල යුතු වේ.

සමහරවිට නැවතත් පිළිකාව මතු වෙන්නටද ඉඩ තිබේ.

ඉන්පසු ජීවිතය __

පියයුරු පිළිකා ප්‍රතිකාර වලින් පසු ගොඩක් දෙනාගේ ජීවිත සාමාන්‍යයෙන් තත්වයට පත්වේ .

වැදගත්ම වන්නේ.,

දිගටම පරික්ෂණ වලට සහභාගි වීමත් වෛද්‍යවරුන් නිර්දේශ කරන ඖෂධ ලබාගැනීමත් ය.

ඒ වගේම ඖෂධ වල අතුරු ආබාධ සහ ඔබට දැනෙන වෙනස්කම් ,අපහසුතා මේ සියල්ල වෛද්‍යවරුන් සමඟ කතා කල යුතුය .

පියයුරු පිළිකා වලක්වාගන්න මොනවද කරන්න ඕන කියලා ඊළඟ ලිපියෙන් බලමු.

තොරතුරු Up ToDate 2019

රොනිති සර්ධාතිලක

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *