පුද්ගල සිය දිවි නසාගැනීම සහ ලාංකේය සමාජය – දෙවන කොටස

පුද්ගල  සිය දිවි නසාගැනීම සහ ලාංකේය සමාජය – දෙවන කොටස

අධ්‍යාපනය පිළිබඳව කියන්නට ඇත්තේ ද බොහෝ විට එවැනිම ශෝචනීය තත්ත්වයකි. අපේ රටේ අධ්‍යාපනය රජුන් තනනු වෙනුවට වහලූන් නිර්මාණය කරයි. මාලූන් ගස් නංවන්නටත් , වඳුරන් පිහිනුම් ශූරීන් කරන්නටත් වෙහෙසෙයි. එහෙත් ළිඳේ උපන් මැඩියාට ළිං කටින් එහා ලෝකය දකින්නට ලබා දෙන අවස්ථාවන් ඉතා විරල වන අතර ළිං කට තරණය කරන්නට වෙහෙසෙන අතලොස්සක් වන අසාමාන්‍යය මැඩියන්ගේ හැකියාවන් ද තිඹිරි ගෙයිහිම වළලනු ලබයි.

මේ රටේ ජනමාධ්‍යය මිනිසුන් මරන, මානව අගයයන්, වටිනාකම් හා හරයයන් අමු අමුවේ ම විනාශ කරන, කොටින් ම මූලික මිනිස් අයිතිවාසිකම් පවා නිර්දය ලෙස සමූල ඝාතනය කරන අලූගෝසුවන්ගෙන් පිරී ගොස්ය. සමාජ මාධ්‍යය ජාලා හරහා පමණක් නොව ප‍්‍රධාන පුවත්පත් හරහා පවා ස්ත‍්‍රී ¥ෂණ, ළමා අපයෝජන, මනුෂ්‍ය ඝාතන හා පුද්ගල සිය දිවි හානි කර ගැනීම් වාර්තාකරණය මෙන් ම වෙනස් ලිංගික දිශානතීන්ට හා විශ්වාසයන්ට අයත් මනුෂ්‍ය ප‍්‍රජාව කෙරෙහි දක්වන ද්වේශ සහගත හා අවඥා සහගත හෙළා දැකීම සත්‍යය වශයෙන්ම ශෝකජනකය.
මේ සියල්ලෝ එකතුව ශ‍්‍රී ලංකාව ලෝකයේ සිය දිවි නසා ගැනීම් බහුල රටවල් අතරින් අංක එක බවට පත් කරන්නට නොමද මෙහෙයක් ඉටු කරනු ලබති.

මම සතුන් නොමරමියි උදේ සවස ස්වයං ශික්ෂාවක් සපථ කරන ජාතියක් මිනිසෙකුගේ ජීවත් වීමේ අයිතිය අහිමි කිරීමට කෙතරම් දුරට දායක වන්නේ දැයි නැවත නැවතත් තම තමන්ගෙන්ම විමසා බැලීමට කාලයයි.
තවකෙකුගේ අයිතිවාසිකම් කඩ නොවන අයුරින් අපට කැමැති අයුරකින් අපේ ජීවිතය පවත්වා ගත හැකිය. එහෙත් අපට අවශ්‍ය පරිදි තවකෙකුගේ ජීවිතයක් පාලනය කළ නොහැකි බව එ් හැමවිටම සිහි තබා ගත යුතුය.

එසේ නම් මේ පුද්ගල නිදහස, සමානාත්මතාව හා මනුෂ්‍යයත්වය රජ යන රටක් ගොඩ නගන්නට ඔබේ සහාය අවශ්‍යම කාලයයි.
අමාලි අලකොළංග

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *