මිරකල් නැචුරල් හර්බල් කෙයාර් ප්‍රයිවට් ලිමිටඩ් හී නිර්මාතෘ සාරා නියොමි

මිරකල් නැචුරල් හර්බල් කෙයාර් ප්‍රයිවට් ලිමිටඩ් හී නිර්මාතෘ සාරා නියොමි

ඉතාමත් කෙටි කාලයක් තුළ සමාජ ජාලා  මාධ්‍ය ඔස්සේ වෙළඳපල ජයගත් දිරිය කාන්තාවක් ගැන තමයි ලියාරා මේ සටහන… මිරකල් නැචුරල් හර්බල් කෙයාර් ප්‍රයිවට් ලිමිටඩ් හී නිර්මාතෘ එහෙමත් නැත්නම් එහි අධිපතිනී සාරා නියොමි මෙනවිය සමගයි අද මේ පිලිසදර..

1. ඉතිං සාරා කියන්නකො ඔයාගෙ විස්තර ටිකක් ..

මගේ නම සාරා නියොමි .දැනට පදිංචි වෙලා ඉන්නේ මොරටුවෙ.ආයුර්වේද හෙළ ඖෂධ වෛද්‍ය විද්‍යාව ගැන හදාරමින් සිටිනවා.. ඊට අමතරව ආයුර්වේද රූපලාවන්‍ය සම්බන්ධයෙන් ඩිප්ලෝමාවක් සම්පූර්ණ කරා..ඉතින් මම සතුටින් මගේ අභියෝග වලට මුහුණ දෙමින් මගේ හීන වලට ගමන් කරමින් ඉන්නවා…

2. සාරා ඉගෙන ගත් පාසල මතක් කළොත් ..

මම ඉගෙන ගත්තේ ජයලත් අප ස්වාමි දූගේ  කන්‍යාරාමය මොරටුව ..පාසලෙන් ලැබුණු පන්නරය නිසා තමයි අද මට ඉතා කෙටි කාලයකින් මේ වගේ ගමනක් එන්න පුළුවන් වුණේ ..

3. මිරකල් හෙයාර් ඔයිල් කියන්නෙ ඉතාමත් කෙටි කාලයක් තුල ලොකු විශ්වාසයක් දිනා ගත් නිෂ්පාදනයක් ..කොහොමද මේ අදහස මුලින්ම ඇති වුණේ …

මට අවශ්‍ය වුණේ හොඳ නිරෝගිමත් ලස්සන කෙස් කලඹක් ලබා ගන්න ..ඉතින් කිසිම බාහිරින් ලබා ගන්නා ඖෂධයක් වත් රසායනික දේවල් වත් අඩංගු නැතුව ස්වභාවිකව ම කොන්ඩෙට සත්කාර කරන්න අවශ්‍ය නිසා මම රහස් වට්ටෝරුවක් නිර්මාණය කළා ..ඇත්තටම ඒ වට්ටෝරුව මම අත්හදා බැලුවේ ඉතිහාසයේ අපේ මුතුන් මිත්තන්ගේ වට්ටෝරුවල එකතුවකින්..මුලින්ම මෙය මගේ පෞද්ගලික පරිහරණය සඳහා තමයි නිර්මාණය කළේ 

4. මේ නිෂ්පාදනයේ තියෙන විශේෂත්වය මොකක්ද ?

මෙහි ඇති ප්‍රධානම විශේෂත්වය තමයි ස්වභාවික  ශාක සාරයන් පමණක් යොදා ගෙන විශේෂ අනුපිළිවෙලකට මෙය සකස් කිරිම .කල්තියා ගැනීමේ ද්‍රව්‍ය වත් නො දමා සකස් කිරීම තවත් විශේෂ කාරණයක්.. ඉතින් මම මෙහි ප්‍රතිඵල ගැන 100% ක්ම සහතික වෙනවා .

5. ඔබේ නිෂ්පාදනය අලෙවි කිරීම සඳහා ඔබ තෝරා ගන්නේ සමාජ ජාලා මාධ්‍ය ..ඔබ දකින විදිහට මේක සාර්ථක ක්‍රමයක් ද ?

ඇත්තටම මෙය අහම්බෙන් පටන් ගත්ත ව්‍යාපාරයක්..මගේ ළඟම මිතුරියක් මම පාවිච්චි කරන තෙල් එක මිලදී ගැනීමෙන් පසුව තමයි මේ අදහස මට මුලින් ම ඇති වෙන්නේ ..ඉතාමත් අඩු පහසුකම්වලින් ඉක්මනින් පාරිභෝගිකයා වෙත යන්න පුළුවන් මාර්ගය තමයි අද සමාජ ජාල මාධ්‍ය කියන්නේ ..ඒ විතරක් නෙමෙයි පාරිභෝගික විනිවිදභාවය සමාජ ජාලා ඔස්සේ ඉස්මතු වන නිසා තව කෙනෙකුට නිෂ්පාදනය ගැන විශ්වාසයක් ඒ හරහා ඇති වෙනවා.. ඒ කියන්නේ මේ නිෂ්පාදනය පාවිච්චි කරපු පාරිභෝගිකයන්ගේ ප්‍රතිචාර නැවත මම සමාජ ජාලා ඔස්සේ ම ප්‍රචාරය කරන නිසා අලුතින් මිලදී ගන්නා කෙනෙකුට සැකයක් නැතිව මිලදී ගන්න පුළුවන් ..ඉතින් මට නම්  සමාජජාලා මාධ්‍ය කියන්නේ අපි වගේ කුඩා ව්‍යවසායකයින්ට තෝතැන්නක්…

6 . සාරා රැකියාවක නිරත වෙමින් ද මේ සඳහා කාලය යොදා ගන්නෙ..

මම මුලින්ම පෞද්ගලික අංශයක රැකියාවක් කරා..නමුත් දවසින් දවස මගේ නිෂ්පාදනය සදහා ඉල්ලුම වැඩි වන විට ඇත්තටම මට රැකියාවත් සමග තෙල් නිෂ්පාදනය කරන්න අසීරු වුනා..දැන් මම පූර්ණ කාලීනව මගේ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා තමයි ඉන්නේ ..

7 සාරා කියන්නේ ආදරවන්තියක්…කොහොමද එයාගෙන් ලැබෙන සහයෝගය 

ඔහු මුදිත ඒකනායක.. එයා මට ශක්තියක් වුන නිසා තමයි මට මෙපමණ දුරක් එන්න පුලුවන් වුනේ..එයාගෙ විවේකී දවස් වලට මට ලබාදෙන සහයෝගය කියා නිම කරන්න බැරි තරම් 

8. මේ ආපු ගමන් මග තුළ  මතක් කරන්න විශේෂ කෙනෙක් ඉන්නවද ?

මගේ අම්මා ගැන මුලින්ම මතක් කරන්න ඕනේ..ඇය ආයුර්වේද වෛද්‍ය සෞම්‍යා ඩිලානි සිල්වා..ඇය නිසා තමයි මේ දායාද මට ලැබුනෙ. රොශේනි ගුනසේකර , සනාලි ප්‍රනාන්දු , මෙලෝනි සිල්වා කියන්නේ මගෙම සහෝදරියන් වගේ මමත් සමග ඉන්න තුන්දෙනා..පලවෙනි දවසේ ඉඳන් අද වෙනකන් උපදෙස් දෙමින් මාව දිරිමත් කරන්නේ ඒ තුන් දෙනා ..ඒ ශක්තිය මට ගොඩක් වටිනවා ..ඒ වගේම මුදිත එයා මාව තේරුම් අරගෙන සහ විශ්වාස කරමින් මට දෙන සහයෝගය අමතක කරන්න බැහැ..මගේ පළමු පාරිභෝගිකා වන ශශීවත් මට විශේෂයි..එයා නිසා තමයි අද මම සාර්ථක ව්‍යාපාරයක හිමි කාරිනියක් වුනෙ…මේ හැමෝටම මම ස්තූති වන්ත වෙනවා ..

9 තමන්ගේ ම ස්වයං රැකියාවක් පටන් ගන්න ඉන්න අපේ ලියාරා කාන්තාවන්ට මොකක්ද ඔයා දෙන පණිවිඩය ..

තමන් නියැලෙන ඕනෑම දෙයක් සම්බන්ධයෙන් හොඳ හැදෑරීමක් කරලා ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන මිලදී ගන්නා මුදලට සාධාරණයක් ඉටු කරමින් නිෂ්පාදනය කලොත් ඔබට ද 

වෙළෙඳපොළ ජය ගන්න පුළුවන් .කවදාවත් උත්සාහය අත්හරින්න එපා .. 

10 ලියාරා කතකට අවශ්‍ය නම් ඔබව සම්බන්ද කරගන්න… ඒ කොහොමද කියලත් කියමුද

 0750876596 call/ whatsapp /binet

Facebook : Miracle Natural Herbal Care

Instagram : Miracle Natural Herbal Care

        –  සනාලි ප්‍රනාන්දු

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *