මිහිලි

මිහිලි

හැමදාම ලියාරා ඔස්සේ ආදරය ගැන කතා කරපු මම අද ඔයාලව බලන්න ආවේ පුංචි යාලූවෙක් එක්ක. එ් තමයි මිහිලි. මීදුම් ගම්මානේ ඉන්න හරිම හොඳ පොඞ්ඩෙක් තමා මිහිලි කියන්නේ. එයාගේ එ් ගම්මානය ලංකාවේ සාම්ප‍්‍රදායික ගම්මානයක්.
මිහිලි කරන හොඳ වැඩ ගොඩාරියක් තියෙනවා. ඉතින් එයා හරිම හොඳ පුංචි බබෙක් නිසා එයාට ගමේ හැමෝම විතරක් නෙවෙයි සුරංගනාවියෝ පවා ආදරේ කරනවා. රතු මාමා, කතන්දර ගුරුතුමී වගේම වෙද සීයත් මිහිලිගේ ගමේ ඉන්න මිහිලිට ගොඩාක් ආදරේ කරන කට්ටිය.
මේ හොඳ පුංචි බබා ආසාවෙන් ඉන්නවා සුරංගනාවියක් වෙන්න. හීන සුරඟන, ආත්මීය සුරඟන ආදී මායා පුරයේ වෙසෙන සුරඟනන් දක්වාත් මිහිලිගේ හොඳ ගැන කතා පැතිරෙනවා.
මිහිලිට උදව්වට එන පියාසර එක්ක රවුමක් යන මිහිරිගේ නැවතුම කොහේ වෙයිද?
කුඩා දරුවන්ට ආදර්ශමත් ලෙස සහ අපේ පැරණි සංස්කෘතීන් නැවත ආවර්ජනය වන සේ මා අතින් රචිත පළමු ග‍්‍රන්ථය වන මිහිලි ඔබ හැමෝම කියවා බලන මෙන් මම ආදරයෙන් ඉල්ලා සිටිනවා.

සචින්තා ලයානි

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *