යමුද යාල පැත්තේ සෆාරි ටුවර් එකක්?

යමුද යාල පැත්තේ සෆාරි ටුවර් එකක්?

ලංකාවට එන සංචාරකයන්ගෙන් යාල නොයන කෙනෙක් ඉන්නවා නම් ඒ එහෙමත් කෙනෙක් විතරයි. කතරගම බලා එන දේශීය සංචාරකයන්ගේත් අනිවාර්ය විනෝදජනක අත්දැකීමක් තමයි යාල කියන්නේ. ලංකාවට අවේණික කොටියා, වලහා ඇතුළු සජීවී පරිසරයේ දකින්න අපහසු දුර්ලභ සතුන්ගෙන් යාල පොහොසත් වීමත් වියලි කලාපීය පරිසර පද්ධතියේ අමුතුම චමත්කාරයත් නිසා යාල දෙස් විදෙස් සංචාරක සිත් ඇඳ බැඳ ගන්නා තැනක්. යාල විතරක් නෙමේ අලි ඇතුන්ට ප්‍රසිද්ධ බූන්දල සහ උඩවලවත් දකුණු ලංකාවේ හම්බන්තොටට එද්දී විමසා බැලෙන සංචාරක ගමනාන්තයන්.

ඉතිං, මේ ගමන් හිතූ හැටියෙන් යන්න පුලුවන් ඒවත් නෙමේ. ගමනේ දුෂ්කර බව සහ උපරිම සොබා චමත්කාරය වෙනුවෙන් ගැලපෙන ප්‍රවාහන සේවාවක් ලබා ගන්නම වෙනවා. යාල, බූන්දල, උඩවලව කේන්ද්‍ර කරගෙන අනේක ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක උනත් ඒ අතරේ තිස්සමහාරාම, දෙබරවැව පැංචි සෆාරි ජීප් ටුවර්ස් කියන්නේ ඒ අතරින් සුවිශේෂී එකක්. එවෙලේ දකින වාහනයක් ගත්තා, ගියා කියලා පූර්ව සැලසුමක් නැතිව ගිහින් මුදලත්, විනෝදයත් අහිමි කරගන්නේ නැතිව ඉතාම ආරක්ෂිතව සහ විශ්වාසවන්ත සේවාවක් සපයමින් ඔබේ චාරිකාව අමතක නොවන මතකයක් කරන්නට පැංචි සෆාරි වලට හැකියි. වනෝද්‍යානයක  සංචාරකයන් රැගෙනයාමේ වගකීම කොයි තරම් බැරෑරුම්දැයි වටහාගත්, සංචාරකයා වගේම පරිසරයත් තමන්ගේ ව්‍යාපාරයේ වටිනාම අංශ බව විශ්වාස කරන පලපුරුදු සංචාරක සැලසුම්කරුවන්, රියදුරන් මෙම ආයතනයට හිමියි. ඒ නිසා යාල හෝ බූන්දල වගේම උඩවලව සංචාරයන් පවා අධික ශබ්දය හෝ කලබලයකින් තොරව පරිසර හිතකාමී දැක්මකින් ඉටු කර දෙන්නටත් මේ අයට හැකියි.

යාල ගමනාන්තයේ අනිවාර්යෙන් පසුකර යන, ඒ වගේම සංචාරකයන්ට සියලු අවශ්‍යතා ඉටු කරගන්නට ඇති තිස්සමහාරාම නගරයේම ක්‍රියාත්මක ජීප් රථ සේවාවක් නිසා පහසුවෙන් සෆාරි ගමන ඓතිහාසික මාගම රාජධානිය ආරම්භයේ සිටම පටන්ගන්නට පුලුවන්. ඒ වගේම ඔබේ කැමැත්ත මත කුරුලු හා අනෙකුත් ජෛවීය සුන්දරත්වය ඇති දෙබරවැව, තිස්සවැව, වීරවිල වැව ආදී සුවිශේෂ ස්ථානත් නරඹන්න අවශ්‍ය නම් ඒ කටයුතුත් පැංචි සෆාරි ජීප් ටුවර්ස් ඉටු කර දෙනවා.

දීර්ඝ දුෂ්කර මාර්ගයක අපහසුවකින් තොරව යා හැකි සුව පහසු ආසන, පුළුල් නැරඹුම් පහසුකම, සතුන් වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන ගැන අත්දැකීම් ඇති රියදුරන් ආදී බොහෝ ප්‍රතිලාභ ඔබට පැංචි සෆාරි සමඟ ගමන් ඇරඹීමෙන් ලැබේවි. දෛනික යාල සෆාරි ඔබට කැමති ආකාර තුනකින් තෝරාගන්න පුලුවන්.  සාමාන්‍ය උදෑසන සෆාරි උදේ 5.00 ට ආරම්භ කර 9.30 ට අවසන් වෙනවා. හවස සෆාරි දහවල් 1.30 ට පටන් ගෙන හවස 6.00 ට අවසන් කරනවා. ඊට අමතරව විශේෂ ලෙපර්ඩ් සෆාරි ගැනත් කියන්නම ඕන. යාල යන බොහෝ සංචාරකයන් ගේ අරමුණ වන ශ්‍රී ලංකාවට ආවේණික කොටින් නැරඹීම වෙනුවෙන් උන් ගැවසෙන ස්ථාන ඉලක්ක කරගෙන මේ ලෙෆර්ඩ් සෆාරිය ඔවුන් විශේෂයෙන් සංවිධානය කරනවා. දෛනිකව එය ආරම්භ වෙන්නේ උදේ5.00 ට සහ අවසන් වෙන්නේ දහවල් 12.00 ට. ඒ වගේම සම්පූර්ණ දවසක් යාල ඇතුලේ ගත කරන්න අවශ්‍ය අයට පහසුකම් සමඟ උදේ 5.00 ට ආරම්භ වී හවස 6.00 ට අවසන් කරන සෆාරි ටුවර් එකකුත් තිබෙනවා .

පැංචි සෆාරි ගැන තවත් විස්තර අවශ්‍ය නම් www.srilankayalasafaritours.com යන ඔවුන් ගේ වෙබ් අඩවියටත්  https://www.facebook.com/Panchi-Safari-jeep-tours-141796532667012/ යන ෆේස් බුක් සමූහයටත් එකතු වෙන්න පුලුවනි. Trip advisor හරහාත් පැංචි සෆාරි ගැන තොරතුරු දැනගන්න පුලුවනි. ඒ වගේම panchisafari@gmail.com විද්‍යුත් ලිපිනයත් +94777251518 / +94773998781 / +94472238503 යන දුරකථන අංක ඔස්සේ අබේධීර අමිල මහතා සම්බන්ධ කර ගෙන ඔබේ අමතක නොවන සෆාරි අත්දැකීම ලබාගන්න.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *