රූ රැජිනක් වීමට පෙරුම් පුරන අනන්‍යා

රූ රැජිනක් වීමට පෙරුම් පුරන අනන්‍යා

  1. අනන්යා ඔබේ පෞද්ගලික තොරතුරු කියනවා නම්
    මගේ නම අනන්‍යා රුවින්දි ද සිල්වා. ළඟම අයට රුවී, හුඟක් අයට අනා. මට අවුරුදු 23ක් වෙනවා. මම ඉගෙන ගත්තේ කොළඹ විශාඛා විද්‍යාලයෙන්. දැනට මාස් බොඩි ලයින් ආයතනයේ සේවය කරනවා. සත්තුන්ට ගොඩක් ආදරේ මම වැඩියෙන්ම ආදරේ මගේ අම්මාට.
  2. ඔබ දැනට ඉදිරිපත් වී සිටින තරගය ගැන කෙටි විස්තරයක්
    මිස් ඉන්ටකොන්ටිනෙන්ටල් කියන තරගයට තමා මම සහභාගි වන්නේ. දැනට මම අවසාන දස දෙනා අතර ඉන්නවා. අවසාන මහා තරගය තියෙන්නෙ නොවැම්බර් මාසේ 7 වැනිදා.
  3. ඇයි ඔබ මේ වගේ තරගයකට ඉදිරිපත් වන්නට තීරණය කලේ
    මම ජීවිතේ හුඟක් අභියෝග තිබ්බ කෙනෙක්. ලොකුම අභියෝගය වෙලා තිබ්බේ මගේ බර. මම මගේ දිහා කණ්නාඩියෙන් වත් නොබලපු කාලයක් තිබ්බා. එ්ත් ආ මම කිලෝ 18ක් අඩු කරගෙන, තවත් මම වගේ අය හුඟ දෙනෙක්ට උදව් කරමින් ඉන්නවා. මගේ ජීවිතේ අරමුණ මට ලැබිලා තියෙන දේවල් වලින් කාන්තාවන්ට උදව් කරන්න. මේ කිරුළ මට හුඟක්ම වැදගත් වන්නේ අපේ රටේ කාන්තාවන්ව දිරිමත් කරන්න සහ උදව් කරන්න.

4. ලංකාවේ සංස්කෘතිය සමඟ මෙවන් තරගයකට සහභාගි වීමේදී යම් කිසි ගැටලූ ඇති වුනාද? එ් මොනවාද? ඔබ එ්වාට ගත් පිළියම් මොනවාද?
ඔව් අනිවාර්යයෙන්ම. අද කාලේ මේ ක්ශේත‍්‍රයේ ඉන්න සමහර කාන්තාවන් අති සිදු වන දේවල් නිසා මිනිස්සු හැම දෙනා දිහාම බලන්නේ එ් විදියට. ලොකුම ගැටලූව තමා මිනිසුන්ගේ වැරදි ආකල්ප. මම හැම වෙලාවෙම උත්සාහා කරන්නේ මගේ හැසිරීමෙන් වැරදි ආදර්ශයක් පිළිබිඹු නොවන ලෙස කටයුතු කරන්න.

5. ඔබ ඉන්නා ක්ශේත‍්‍රය, නිරූපණ ක්ශේත‍්‍රයට සමාජයේ ඇති පිළිගැනීම කොහොමද?
මෙම ක්ශේත‍්‍රය,ගැන දෙවිදියකට මත දරන පිරිසක් ඉන්නවා. රිනාත්මක සහ ධනාත්මක ලෙස. ධනාත්මකව සිතන පිරිස අතරේ අපිට නිසි ඇගයීමක් ලැබෙන අතර රිනාත්මක කණ්ඩායම කොයි වෙලේත් නිරූපණ ක්ෂේත‍්‍රය යන වචනය ඇසෙන විට පවා වැරදි මතවාද ගොඩ නංවනවා.

6. කාන්තාව පිළිබඳව ඔබගේ දැක්ම කුමක්ද?
කාන්තාව කියන්නේ මනුෂ්‍යාගේ ඇරඹුම. එතැනින් එහාට විස්තර කරන්න අවශ්‍ය නෑ මම හිතන්නෙ.

7. කාන්තාවක් ශක්තිමත් කෙනෙක් බව ඔබ සිතනවාද? එසේ සිතීමට හේතු?
ඔව් අනිවාර්යයෙන්ම. ගැහැණු දරුවෙන් විශේෂයෙන්ම වැඩිවියට පත් වුණාට පසුව මුහුණදෙන ගැටලූ ගත්තොත් ශක්තිමත් නැත්නම් එ්වාට මුහුණ දෙන්න සහ දරාගන්න අපහසුයි. කාන්තාව ලස්ස්නට ඇන්දත් වැරදියි, නොසැලකිලිමත්ව ඇන්දත් වැරදියි. ඔය වගේ නොයෙක් ආකල්ප නිසා කාන්තාවන් බොහෝ විට මානසික පීඩනයට පත් වනවා.
ඊට අමතරව මේ වන විට ලංකාවෙන් ඉතා විශිෂ්ඨ ගණයේ කාන්තාවන් බිහි වී තියෙනවා. වැදගත් වන්නේ තමන්ගේ ශක්තිමට්ටම් හඳුනාගනිමින් ඉදිරියට යාමයි.

8. අද ඔබ සිටින මේ ස්ථානයට එන්න ඔබ කල කැපවීම් මොනවාද?
ඇත්තටම ශරීරයක බර නිසි පරිදි පවත්වාගෙන මේ වගේ සුරූපිනියන් රාශියක් මැද තරග වදින්න සූදානම් ලෙස මම මාව සූදානම් කළ එකම ලොකු කැපවීමක්. එ් සඳහා මම කළ යුතු සියලූම දේ අඩුවක් නැතිව සිදු කළා.

9. අද සමාජයේ කාන්තාවන්ට විවේචන එල්ල කරන්නේ කාන්තාවක්මයි. මේ ගැන ඔබගේ අදහස්?
මට මේ සම්බන්ධයෙන් නම් හුඟක් අත්දැකීම තියෙනවා. කෙනෙක් දියුණු වෙද්දි එ් කෙනා එ් වෙනුවෙන් කළ කැපකිරීම් මොනවද කියා නොදැන තමන්ගේ පටු අදහස් ලෝකය පුරා පතුරවන කාන්තාවන් අද සුලබයි. කාන්තාවන් විදියට අප කළ යුත්තේ එකිනෙකාව අගය කිරීම මිස විවේචනය කිරීම නොවෙයි. ඔබ තව කාන්තාවකගේ වැරැද්දක් දැක්කොත් එ්ක පෞද්ගලිකව පෙන්වා දීලා හදා ගැනීමට උදව් කරන එක තමයි වැදගත්කම නැතිව එ් පිළිබඳව රටේ ලෝකෙට අණබෙර ගහන්න නෙමෙයි.

10. ඔබට මේ ගමනේදී සහය වූ අය සිහිපත් කරනවා නම්?
මුලින්ම මතක් කරන්න ඕනෙ මගේ අම්මව. හැමදේකදීම මගේ පිටිපස්සෙන් සිටි තවත් එක් දිරිය කාන්තාවක්. ඊට පස්සේ මගේ ආදරණීය අක්කයි අයියයි. එ් දෙන්නට මම තමා මුලූ ලෝකෙන්ම ලස්සන. හැම වෙලේම මාත් එක්ක ඉන්න මගේ යාලූවෝ පිරිසත් අමතක කරන්න බෑ. අන්තිමටම ඉන්නේ මගේ ආදරණීය බලූ කෝලම. දුක හිතුනම දුක කියන්නත් සතුට වෙලාවට බදාගන්නත් මට ඉන්නෙ එයා.

මම අනන්‍යා ද සිල්වා

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *