ලවන්යා දෙවන කොටස

ලවන්යා  දෙවන කොටස

හෙලෝ ලවී කොහේද මේ යන්නේ?

මැජස්ටික් සිටි සාප්පු සංකීර්ණයේ සදේෂ්ගේ අතේ වෙලී ඇවිදමින් සිටි ලවන්යා ඒ හඬ ඇසී හැරි බැලූවේ තිගැස්සීය. ලවී එසේ ඇමතුවේ ඔහුය. ඒ ඇමතුම නැවතී මාස තුනක් ගතවී ඇත.

රවිදු

ලවන්යාගේ දෙතොල් විමතියෙන් සැලූනි. ඒ ඇගේ පළමු ආදරයයි. විශ්වවිද්‍යාලයට පැමිණ ඇය පළමු වසරේ සිටිය දී ඔහු සිටියේ අවසන් වසරේය. ලවන්යාට ඉබේම බැලූනේ ඇය අසලම සිටි සදේෂ් වෙතය. සදේෂ් ඔහු දෙස බලා සිටියේ කිසිඳු හැඟීමකින් තොරවය.

මේ අලූත්ම බෝයි ෆ්රෙන්ඞ්ද?

රවිදු සරදම් සිනහවක් මවාගෙන පවසද්දි ලවන්යා ඔහු දෙස යලි බැලූවාය.

කී වෙනි බූරුවද මේ තමුසේගේ ඔය පොත්තේ රතට පිස්සු වැටුන?

ඔහු යලි අසද්දි ලවන්යාට දැනුනේ තරහකි. ඔහුගේ ඒ වදන් ඒ අමන සිතුවිලිවල වෙනසක් නැත.

රවිදු ප්ලීස් ආපු අතක් බලාගෙන යනව ද පව් නොදි

ලවන්යා පැවසුවේ හිතට දැනුන ආවේගයෙන්මය. ඔහුගේ නෙත් තරහින් රතුවනු ඇය දුටුවාය. සදේෂ් වදනක්වත් නොපවසා රවිදු දෙස බලා මදහසක් පෑවේ රවිදු ගැන මේ වන විටත් ඔහු දැන සිටි නිසාවෙනි.

පව් නොදී උඹට තාම මං පව් දෙන්න පටන් ගත්තේ නෑ ලවන්යා. මගේ ජිවිතේම විනාශ කළාට මම උඹට තාම පව් දෙන්න පටන් ගත්තේ නෑv

ඔහු දත් මිටි කමින් පවසද්දි ලවන්යා සරදම් සිනහවක් පෑවාය.

තමුන් විහින් ජිවිතේ විනාශ කරගත්තාට මම පලිද ? ගිහිං කණ්නාඩිය ඉස්සරහ හිටගෙන බලනවා ඔය ජිවිතේ විනාශ කරේ මමද නැත්නම් තමුන්ගේ ඔය දෙකයි පනහේ තින්කින් එක ද කියලා

ඇගේ වදන් එදා මෙන් ම හී සැර මෙන් රවිදුගේ දෙසවන් පාරද්දි ඔහුගේ අත මිට මෙලවුනේ ඇයට පහරක් ගසන්නටය. ලවන්යාගේ ඒ මිට මෙලවුන අත වෙත නෙත ගියාය.

ඇයි තමුසේ අදත් මට ගහන්නද හදන්නේ? ගහලා බලනවා…. මම මේ පාර නවතින්නේ පොලීසියේ එහෙම වුනොත්.

ලවන්යා හෙමින් නමුත් දැඩි හඬින් පවසද්දි රවිදු ඇය වෙත කඩා පනින්නට ගියත් සදේෂ් වහා මැදට පැන ඔහුව පසෙකට තල්ලූ කළේය.

මේ මට ඔයාලගේ පරණ හුට පට අදාල නෑ. දැන් ලවන්යා මගේ ගර්ල් ෆ්රෙන්ඞ් එයාට අත තියන්න කලින් දෙපාරක් හිතනවා. මම නිකන්ම සදේෂ් නෙමෙයි. සදේෂ් වික‍්‍රමසිංහ. ලවන්යා ගැන ඇලට් එකේ ඉන්න නිසා මාත් කවුද කියලා තමුසේ දන්නවා ඇතිනේ ?

එය තර්ජනයකි. ලවන්යා සදේෂ් පිටුපස සිට සරදම් සිනහවක් පානු දුටු රවිදුගේ තරහ දෙගුණ විය. එහෙත් සදේෂ් පවසන්නාක් මෙන්ම ඔහු හා ගැටෙන්නට ඔහුට ශක්තියක් නැත. සදේෂ් වික‍්‍රමසිංහ යනු කොළඹ පළාතම හොල්ලාගෙන සිටින ධනවත් ව්‍යාපාරිකයෙකුගේ පුතෙකි.

ලෙට්ස් ගෝ බේබි

සදේෂ් ලවන්යාගේ ඉඟ වටා අතක් යොමා ඇයව ළං කරගෙන ඔහුට පිටුපා යද්දි ලවන්යා යලි හැරී තරහින් පුපුරන රවිදු දෙස බැලූවේ ඒ සරදම් සිනහවෙන්මය. රවිදුට ඒ සිනහව විෂකටු මෙන් විය. ඔහු අත මිට මොලවා අත් වැටට පහරක් ගැසුවේ කේන්තියෙන් දැවෙමිනි.

හොඳයි ලවන්යා කුමාරිහාමි අපි බලමු උඹ ඔහොම ඉන්නේ කොහොම ද කියලා

රවිදු දත්මිටි කාගෙන පැවසුවේ ඔහුට පිටුපා යන යුවල දෙස බලා ගෙනය. වාහනයට එනතුරුම ලවන්යා සිටියේ මද තිගැස්මකිනි. සදේෂ් රවිදුට කුමක් කීවත් ඔහු වාහනයට එනතුරුම නිහක්‍ෂවම පැමිණි නිසා ලවන්යාට දැනුනේ බියකි.

vසදේෂ් “v

ලවන්යා යමක් පවසන්නට කට හැදුවත් සදේෂ් අතින් සංඥා කළේ කුමක්වත් නොපවසා වාහනයට නගින ලෙසය. කුමක් වුවත් සදේෂ්ගේ හිතට ද ලවන්යාගේ ඒ අතීතය දැන් වදයක් වී තිබුණි. රවිදු හා සම්බන්ධය ගැන ලවන්යා පවසා තිබුණත් එය ලවන්යා ඔහුට ළං වන තුරු හිතට වදයක් නොවුනි. එහෙත් දැන් එය වදයක් වී ඇත.

ඔයා තරහින්ද?

වාහනයට නැගුන ලවන්යා ඔහු දෙස බලා අසද්දි ඔහු නිහඬවම සුක්කානම වේගයෙන් කරකවා වාහනය රථගාලින් ඉවතට ගත්තේය.

සදේෂ්

මට මේක මහ වදයක් ලවන්යා. ඕකා මට දෙන වදේ ඉවරයක් නෑ. මීට කලිනුත් ඔයාට නොකිව්වට ඕකා මාව හොයාගෙන අපේ කම්පැණි එක ළඟටත් ඇවිත් තියනවා. සිකියුරිටි එකෙන් එළවලා. අපේ ක්ලබ් මැච් එක අස්සටත් ඇවිත් පිස්සුවක් කෙලියා. මොන මගුලක් ද මේ?

මම කිව්වනේ මිනහා මානසික ලෙඩෙක් කියලා. සොරි මං නිසානේ සේරම. ඔයාටත් මාව වදයක් නම් කමක් නෑ. අත අරින්න මාව. ඔතනින් බස්සන්න මම යන්නම් ටැක්සියක් අරන්

ලවන්යා කීවේ ඔහුගේ කේන්තියෙන් පුපුරන මුහුණ දෙස බලමින්ය. මේ ලවන්යා රත්වත්තගේ හැටිය. අහංකාර, මුරණ්ඩු ඇයගේ හැටිය. මාතර රත්වත්ත වලව් පැලැන්තියේ පවුලේ බාලයා මෙන්ම සැමගේම හුරතලය නිසාම මුරණ්ඩු වු ලවන්යාගේ හැටිය.

සදේෂ් ඇය දෙස වාහනය හසුරවන ගමන් බැලූවේ සුක්කානම අතින් තද කරගෙන තරහා පාලනය කරගනිමිනි. ඇය කවුලූවෙන් ඉවත බලාගෙන සිටියේ හිස් අහසට රවමින්ය.

ඔයාගේ ඔය මුරණ්ඩුකම නිසා වෙන්න ඇති අරූවත් පිස්සෙක් කරලා අත ඇරලා එන්න ඇත්තේ. පව් අහිංසකයා

ඔහු පවසද්දි ලවන්යා ඔහු දෙස බැලූවේ එකවරමය. ඒ සමඟම ඇගේ නෙත් කඳුලින් බොඳ විය.

ඔයත් අනිත් අය වගේම එහෙමම හිතනව ද සදේෂ්? කැම්පස් එකේ හැම එකාම මගේ දිහා බලන්නේ සතෙක් දිහා බලනවා වගේ. මම රවිදුට මහා අපරාධයක් කරා වගේ. ඒත් ඒ අය හැමදේම දන්නේ නෑ. ඔයා දන්නවා. එහෙම වෙලත් ….

ඇයට ඉතිරිය පවසාගත නොහැකි විය. ඇයට හැඬන්නට ආ නිසා දෙතොල් සපාගෙන කවුලූවෙන් එපිට බලා ගත්තේ ඒ හැඬම නවතා ගන්නටය. සදේෂ් සුසුමක් හෙලූවේය. රවිදුගේ ආදරය හරියට වදකාගාරයක හිරවුන වහල්ලියකට දක්වන ආදරයක් මෙනි. විශ්වවිද්‍යාලය තුළ වැරදීමකින් හෝ පිරිමි ළමයෙකු සමඟ කතා කළ නොහැක. එදින හවසට ඔහු ඇයව සොයා එන්නේ යකෙකු මෙනි. ඒ රුදුරු වදන් දැරිය නොහැකි තරම්ය. තම වසරේම ඉගෙනුම ලබන සිසුන් පිරිසක් සමඟ දිනක් ව්‍යාපෘතියක් ගැන සාකච්ඡුා කරමින් සිටිය දී ඔහු එතැනට කඩා වැද යකෙකු මෙන් කෑගසා ඇයව ඇදගෙන ගිය හැටි මතකය. වෙනදාට රුදුරු වදන් වලින් අවසන්ව ඒ කෝපය එදින අවසන් වුනේ ලවන්යාගේ කම්මුලට පහරවල් කිහිපයක්ම එල්ල කර ඇගේ ගෙල ද ඒ දරදක්‍ෂුු අතින් සිර කරය. ඒ ඔහු වෙනුවෙන් ඇගේ හිතේ වු ආදරය මරා දැමු දිනය විය.

හරි දැන් ඉතිං ඔය ටැප් එක ඇරගන්නේ නැතුව යමු. මට ටිකක් තරහා ගියා සොරි

සදේෂ් මදවේලාවකට පසු පැවසුවේ ලවන්යා දෙස බලා එක් අතකින් සුක්කානම හසුරවමින් අනිත් අතින්.ඇගේ සිනිඳු පැහැපත් අතක් අල්ලා ගනිමින්ය. ලවන්යා ඔහු දෙස බැලූවේ නෙත්වල කදුලූ පිසදමමින්ය.

චූටි

ඒ හඬට ලවන්යා අතීත මතකයන්ගෙන් මිදී නෙත් හරවා විවර වු දොර දෙස බැලූවාය.

අක්කා

ලවන්යාගේ නෙත්වල කදුලූ අලූත් වුනේ තම සොහොයුරිය නෙත ගැටෙද්දිය. ඩෙනිම් කලිසමක් හා සුදු පැහැ සිල්ක් බ්ලවුසයක් හැඳ ඉනට දිගු ස්ටේ‍්‍රට් කළ කොණ්ඩය මුදා හැර සිටි පාරමී ලවන්යා දෙස ළං වුයේ ඇය දෙස අනුකම්පාවෙන් බලමින්ය. ලවන්යා තම සොහොයුරිය දැක වහා යහනෙන් නැගිටින්නට හැදුවත් ඇය අඤුුයට දෙකට ළංව ඇයව වළක්වා වහා තම බාල සොහොයුරියව තුරුල් කරගත්තාය.

හැමෝම මාව රැවැට්ටුවා අක්කා. තාත්තා, අයියා හැමෝම

මම මේ ගැන දන්නේ නෑ චුටී. මම දන්නවා නම් මේ දේ වෙන්න දෙන්නේ නෑ

පාරමී සිය නැගණිය තුරුල් කරගෙන ඒ හිස අත ගෑවේ අනුකම්පාවෙනි. තම සොහොයුරියට පවුලේ සැවොම එක්ව විශාල අපරාධයක් කර ඇති බව ඇය සිහිනෙකින්වත් නොදැන සිටියාය. විවාහයෙන් පසු කොළඹ පදිංචියට පැමිණි පසු බොහෝ විට නිවසේ වන දේවල් පෙර මෙන් සොයා බලන්නට ඇයට නොහැකි විය. ලවන්යා ඉපදී හෝරාවකින් මව මෙලොවින් සමුගත් පසු ඇයට මවක් වුයේ අවුරුදු දහයක් වයසැති පාරමීය. ඒ හිත එනිසාම කාටත් වඩා ඇය හඳුනයි. ලවන්යාට වඩා වසර පහකින් වැඩිමහල් පවන්ට වඩා පාරමී ළං වුයේ ලවන්යාටය.

මට ගෙදර එන්න එපා කිව්වා තාත්තා අක්කේ. මේ මිනිස්සු එක්කම ඉන්නලූ. තාත්තා මට එහෙම කරන්නේ කොහොමද අක්කේ? එයා මට එහෙම කරන්නේ කොහොමද?

ලවන්යා හඬමින් පවසද්දි පාරමී ඒ මුහුණ දෝතටම ගෙන ඒ කදුලූ පිසදැම්මේ මහත් සෙනෙහසකිනි.

ඔයා එන්න මගේ ගෙදර. මට ඔයාව බලා ගත හැකි. මේ වංචාකාර පවුල එක්ක ඉන්න ඕනා නෑ

පාරමී කීිවේ විවාන්ගේ මුලූ පවුලම සමඟ ඇති වු කළකිරීමෙනි. මුල සිටම විවාන්ට වැඩි කැමැත්තක් ඇයට තිබුණේ නැත. මධ්‍ය පාන්තිකයෙකු වු මාස් පඩිකාරෙකුට තම නැගණිය විවාහ කරදිම ගැන ඇය විටෙක පියා සමඟ වාද කරගත්තාය.

මාව මේ අයගෙන් ඈතට ගෙනියන්න අක්කේ. මට මේ මිනිස්සු එක ඉන්න බෑ. මගේ හුස්ම හිරවෙනවා මේ මිනිස්සුන්ගේ හුළගක් වදිද්දිත්

ලවන්යා හඬමින්ම කීවාය.

ලවන්යා කොහේවත් යන්නේ නෑ… මගේ ගෙදරට මිසක්

ඒ හඬෂට සොහොයුරියන් දෙදෙනාම එකවරම හැරි බැලූහ. කාමරයට ඇතුල් වුයේ විවාන්ය. ඒ මුහුණේ වුයේ කවදාවත් නැති අසරණ බවකි. පාරමී හුන් තැනින් නැගිට ගත්තේ තරහින් දැවෙමිනි.

මේ කරපු දේවල් මදි ද මිනිහෝ? බලනවා මගේ නංගිට වෙලා තියන දේ?

මට සමාවෙන්න

විවාන් කීිවේ ලවන්යා දෙස ඒ රතු වු නෙත් යොමු කරමින්ය. ඒ මුහුණ දකිද්දි ඇයට සිහින් වේදනාවකින් පපුව ඇවිලීි යනු දැනුනත් ඇය ඒ නෙත් මග හැර තරහින් ඉවත බලා ගත්තාය.

සමාව සමාව දෙන්න පුලූවන් වරදක්ද මේක? තව එක විනාඤුුයක් තමුසේගේ ඒ හිඟන ගෙදර මගේ නංගි ඉන්නේ නෑ. එයා මාත් එක්ක යයි

එවර විවාන් එක එල්ලේ බැලූවේ පාරමී දෙසය.

ලවන්යා කාගෙවත් ගෙවල් වලට යන්නේ නෑ. මගේ හිඟන ගෙදරට ඇර

තමුසේ කවුද මිනිහෝ මාව නවත්තන්න

මම ලවන්යාගේ හස්බන්. ඒ වගේම මේ බඬේ ඉන්න ළමයාගේ තාත්තා.

ඒ හඬ කාමරයේ ගිගුරුම් දුන්නේ පාරමීව තිගස්සවමිනි. විවාන්ගේ නෙත්වලින් ඒ අසරණ බව පහව ගොස් ඒ නෙත්වල කෝපය පිරී එන්නට විය. අවසන් වදන් පෙල ඇසෙත්ම පාරමී ලවන්යා දෙස බලා ඒ ඔස්සේම ඇගේ අත රැඳි කුස දෙස බලද්දි ලවන්යාට ඉකි ගසා හැඬනි.

මොනවා ළමයෙක්

ඒ වදන් පාරමී යලිත් මිමිණුවේ දෙතොල් වියළී ගතම සීතලව යද්දිය.

මතු සම්බන්ධයි…

චේතනා ද සිල්වා

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *