ලෝක ළමා දිනය

ලෝක ළමා දිනය

ළමුන්ට හා වැඩිහිටියන්ට එකසේ වැදගත් වන ඔක්තෝම්බර් පළවෙනිදා
ඔක්තෝම්බර් 01 වන දිනය ලංකාවාසී දරුවන්ටත් වැඩිහිටියන්ටත් සුවිශේෂී දිනයකි. ඒ ලෝක ළමා හා වැඩිහිටි දිනය මෙරට සහයෝගයෙන් යුතුව සමරනු ලබන නිසාය. මෙදින වැඩිහිටියන්ට වඩා දරුවන් වැඩි අවදානයට ලක්වන බැවින් එ් දවස සාමාන්‍ය ජන සමාජයේ වඩාත් ප‍්‍රචලිත වී ඇත්තේ ලෝක ළමා දිනය ලෙසයි. නමුත් අන්තර්ජාතිකව ලෝක ළමා දිනය ලෙස ප‍්‍රකාශයට පත් කර ඇත්තේ නොවැම්බර් 20 වන දාය. ලෝකයේ විවිධ රටවල් එ් එ් සමාජ දේශපාලනික කටයුතු වලට අනන්‍ය වෙමින් වසරේ විවිධ දිනයන්හි ළමා දිනය සමරන අතර ඔක්තෝම්බර් 01 දා ළමා දිනය ලෙස ශ්‍රී ලංකාව හැර සමරනු ලබන අනෙක් රටවල් වනුයේ එල්සැල්වදෝරය හා ගෝතමාලාවයි. අසල්වැසි ඉන්දියාව එම දිනය නොවැම්බර් 14 වන දා සමරයි.

ලෝක ළමා දිනය බිහි වීමේ ඉතිහාසය දහනව වන සියවස දක්වා දිවෙයි. ඇමෙරිකා එක්සත් ජනපදය මැසචුසෙට්ස් ප‍්‍රාන්තයේ චෙල්සියා හි දේවගැතිවරයකු වූ චාල්ස් ලෙනාඞ් 1857 සිට සෑම ජුනි මාසයකම දෙවන ඉරිදා දවස ඔහු කැපවුණු දරුවන් ගේ කාර්යයන් වෙනුවෙන් වෙන්කර සැමරීම පටන්ගෙන තිබූ අතර එම දවස ඔහු විසින් රෝස දිනය ලෙස හඳුන්වා තිබු”. පසුව එය මල් දිනය ලෙස වෙනස් වූ අතර ඉන් පසු ළමා දිනය ලෙස විරුදාවලීගත විය.

තුර්කිය විසින් 1920 අපේ‍්‍රල් 23 රජයේ නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කරමින් ලෝක ළමා දිනයට වැදගත්කමක් දීමෙන් අනෙක් රට වලට ද ළමයින් වෙනුවෙන් දිනයක් වෙන් කිරීමේ වැදගත්කම අවධාරණය කෙරු”. 1950 සිට ජුනි 01 වන දා ලෝක ළමා සුරැකුම් දිනය ලෙස නම් කිරීමට ජාත්‍යන්තර සමාජවාදී කාන්තා ෆෙඩරේෂනය 1949 මොස්කව් සමුළුවේ ගනු ලැබූ තීරණය ද ළමා දිනය පිළිබඳ ඉතිහාස කතාවේ වැදගත් වේ. නමුත් එක්සත් ජාතීන් ගේ මහා මණ්ඩලය විසින් කරන ලද නිර්දේශ මත 1954 සිට බලාත්මක වන ලෙස සෑම වර්ෂයකම නොවැම්බර් 20 වන දිනය විශ්ව ළමා දිනය ලෙස තහවුරු කර තිබේ.

ළමා අයිතිවාසිකම් පිළිබඳ කටයුතු කරන ගෝලීය සංවිධාන අතර එක්සත් ජාතීන් ගේ සංවිධානය වැදගත් වේ. එම සංවිධාන 1989 දී ළමා හිමිකම් ප‍්‍රඥප්තිය ඉදිරිපත් කිරීමත්, එය ගෝලීය රටවල බලාත්මක කිරීමට එකඟතාව ලබා ගැනීමත් ළමා හිමිකම ලෝකය පුරා සුරක්ෂිත කිරීම වෙනුවෙන් ගනු ලැබූ වැදගත් ක‍්‍රියාමාර්ගයකි. එමෙන්ම 1945 දී ආරම්භ කළ එක්සත් ජාතීන් ගේ සංවිධානය 1946 වන විටම ඊට අනුබද්ධව ළමුන් වෙනුවෙන් කටයුතු කිරීමට යුනිසෙෆ් සංවිධානය පිහිටුවා ගැනීමෙන් ද එම සංවිධානය ගෝලීයව ළමුන් ගේ කටයුතු වෙනුවෙන් කෙතරම් අවධානයක් දක්වා ඇතිද යන්න පැහැදිලි වෙයි. ලොව බොහෝ රටවල ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව, අධිකරණ හා කම්කරු නීතීන් අතරට ළමුන් ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම පි ර්‍ණස ගොඩ නැගුණ නීති අණපනත් වෙත මැදිහත් වීම එ් අතර ප‍්‍රධාන කාර්යයකි. එතකින් ද නොනැවතී ලොව රටවලට බලකෙරෙන සහස‍්‍ර සංවර්ධන අරමුණු 08 න් 03 ක්ම දරුවන් හා සෘජුව සම්බන්ධ වන එ්වා වීම ද විශේෂයකි. එනම් අනිවාර්ය ප‍්‍රාථමික අධ්‍යාපනය, ළමා මරණ අවම කිරීම, මාතෘ සෞඛ්‍ය වැඩිදියුණු කිරීම එසේ ළමයින් ගේ තත්වය සංවර්ධනය යනාදියයි.

දරුවන් වෙනුවෙන් දවසක් විශේෂයෙන් වෙන් කළ යුතු ද යන්නත් වරින් වර විවාදයට බඳුන් වනු හඳුනාගත හැක. එ් දරුවා එක දිනයක නොව වසරේ සියලූ දිනයකම එක සේ අවධානයෙන් රැක ගත යුතුය යන අදහස නිසයි. නමුත් ගෝලීයව එවැනි දිනයක් නම් කිරීම විශේෂත්වයක් වන්නේ ලොව පුරා වැඩිහිටි සමාජයෙන් අනේකවිධ කුරිරුකම් වලට ලක්වන දරුවන් වෙත ආදරය, රැකවරණය දිය යුතුම බව සමාජයට එ්ත්තු ගැන්වීමට මෙම විශේෂ දිනය යොදාගත හැකි වීමයි. කායික හිංසනයන් පමණක් නොව මානසික, වාචික හිංසනයන් පවා දරුවන් සම්බන්ධව පිටු දැකිය යුතු දේ බවට පොදු සමාජයම පිළිගැනීම තෙක් මේ කතිකාවන් අද වන විට සංවර්ධනය වී තිබීමෙන් එ් බව වටහාගත හැකියි. එමෙන්ම ත‍්‍රස්තවාදය, මානව ජාවාරම්, ගර්‍ණකා වෘත්තිය, ළමා විවාහ, මත් ද්‍රව්‍ය ආදී සමාජ දුරාචාරයන් ඔස්සේ දරුවන් ගේ අනාගතය ඉතා භයානක ලෙස විනාශ කිරීමට එරෙහිව ගෝලීයව හක්‍ෂ අවධි කිරීමටත් මෙම වැඩටහන් උත්තේජනය ලබා දෙයි.

ගෝලීයව සැමරෙන ළමා දිනය ලොව පුරා රටවල මහා ඉහළින් සමරන අතර මේ සඳහා ද යුනිසෙෆ් ආයතනය මැදිහත් වී ක‍්‍රියා කරයි. සෑම වර්ෂයක ලෝක ළමා දිනය සඳහා යුනිසෙෆ් ලාංඡුනයේ නිල් පැහැය ලොව පුරා සංකේතමය ලෙස භාවිතා කිරීම ද විශේෂත්වයකි. ඒ සඳහා එදිනට නාගරික ගොඩනැගිලි ආලෝකයන්, ඇඳුම් පැළඳුම්, සමාජ මාධ්‍ය වල වර්ණ භාවිතාවන් නිල් පැහැය මුල් කරගෙන සිදු කිරීමට පොළබවන ප‍්‍රචාරණයන් ලොව පුරා පතුරුවනු ලබයි. ලංකාවේ ළමා දින සැමරුම තේමාවන්ට අනුව සිදු කරයි. ඒ අනුව 2018 වර්ෂයේ තේමාව දිරියෙන් පෙරමුණට යන්න ළමා කැළට සවිය වන්න විය. 2019 වර්ෂය සඳහා තේමාව සුමිතුරු දැයකින් දිනවමු දරුවන් වේ. ශ්‍රී ලංකාවේ ළමා දිනය ජනාධිපතිවරයා, ළමා හා කාන්තා කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා සහ ළමා හා කාන්තා කටයුතු කාර්යංශය ආදී රජයේ නිලධාරීන් හා ආයතන වල මූලිකත්වයෙන් සමරනු ලබනවා.

ළමා දිනය වගේම වැඩිහිටි දිනයත් මෙදිනටම යෙදී තිබීම ද ලංකාවාසීන්ට විශේෂයක් වේ. අපේ සංස්කෘතියේ වයසට යන වැඩිහිටියන් ද දරුවන් මෙන් රැක බලාගත යුතු පිරිසක් සේ සැලකීමත්, දරුවන් හා ඉතා මානුෂීය සබඳතාව පවත්වන සමාජ කණ්ඩායම ලෙස වයෝවෘද වැඩිහිටියන් හඳනාගත හැකි වීමත් මේ දිනය හා බැඳුනු අනෙකුත් විශේෂතා ලෙස දැක්විය හැක. ජාත්‍යන්තර වැඩිහිටි දිනය හා ලංකාවේ වැඩිහිටි දිනය සමපාත වන අතර එයද ප‍්‍රකාශයට පත් කර තිබෙන්නේ එක්සත් ජාතීන් ගේ සංවිධානය විසිනි. ලෝක වැඩිහිටි ජනගහනය 2050 වන විට ලෝක ජනගහනයෙන් 30% ඉක්වනු ඇති බවට දැනටමත් පුරෝකථනය කර තිබේ. මෙනිසා වැඩිවන වැඩිහිටි ජනගහනය වෙනුවෙන් රැකවරණය සැලසීම ඉදිරි දශකයන් සඳහා සෑම රටකටම දරාගන්නට වන අභියෝගයක් වේ. වැඩිහිටි දිනය මෙම ගැටළු විසදීම අරමුණු කරගෙන සමරනු ලබන අතර මෙවර ලෝක වැඩිහිටි දින තේමාව වැඩිහිටි අපයෝජනයට එරෙහි හඬ නැංවීම වේ.
සජිනි උයන්ගොඩ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *