වැස්ස

වැස්ස

හීන් හිරිපොදේ පොතක් එක්ක කෝපි කෝප්පයක් තොල ගාන්නට කැමති අපිට අනෝරා වැස්සක් පිළිබඳව නම් ඇත්තේ එතරම් පහන් සිතුවිල්ලක් නොවේ. කළු වූ මන්දාරම් අහසේ තැනින් තැන රිදී පැහැ අකුණක් දිස්වෙන්නේ තත්පර කිහිපයකට පසු එන ගිගුරුමින් කන් බිහිරි කරවමින්.
කර්කෂ වූ සාහිත්‍යමය පොළවට සැප්තැම්බරයේ අලූතින්ම එක් වූ පොත වන්නේ වැස්සයි. රක්තඝෝර ග‍්‍රන්ථය ඔස්සේ නවකතාකරණයට යොමු වූ ඉසුරු හිදැල්ලආරච්චි මහතාගේ දෙවන නවකතාව වන්නේ වැස්සයි.
මෙය එක්තරා ආකාරයක මනෝවිද්‍යා ප‍්‍රබන්ධයක් වන අතර එය අපට පැහැදිලි වන්නට නම් පොත අවසානය දක්වා කියවිය යුතුය. ඉතාමත් සරල සහ සුන්දර සිදුවීමකින් ආරම්භ වන මේ ග‍්‍රන්ථය ෆැන්ටසි සහ රියැලිටිය අතර දෝලනය වන අපූරු ග‍්‍රන්ථයකි.
කතාවේ ඇරඹුම සහ ගලා යාම ඉතා රසවත්ව සහ සජීවී රූප පාඨක සිත් මත මවමින් සිදු වන අතර ඉතා කුඩා අවස්ථාවන් පවා වර්ණනාත්මකව පැවසීමට කතුවරයා උත්සුක වී ඇත. අපූරු ආදර කතාවක් යැයි විටෙක අපට අඟවා අපව වෙනත්ම ඉසව්වකට රැුගෙන යාමට මෙහි කතුවරයා සමත්ව ඇත.
ෆැන්ටසි සුරංගනා කතාවකට ආසන්නයෙන් ගලා යන ආකර්ෂ”ය ආදර නවකතාවක් ලෙසින් එකවරම පෙනුනත් පාඨකයාව එක් දිශාවකට යොමු කර කථාන්තරය සම්පූර්ණයෙන් වෙනස්ම මගකට ගෙනයාමට කතුවරයා සමත්වී ඇත්තේ ලංකාවට තවමත් ආධුනික එඅසිඑ ැබාසබට වර්ගයේ සාහිත්‍ය කාණ්ඩයට ඌණ පූර්ණයක් එක් කරමිනි.
ග‍්‍රන්ථකරණයට නවක වුවද ඉතා ප‍්‍රබුද්ධ අන්දමින් සිදුවීම් සහ භාෂා හසුරවා රචිත වැස්ස කෘතිය සාහිත්‍ය මස දොරට වැඩි ඉතා ඉහළ රසාඥතාවයකින් යුතු ග‍්‍රන්ථයකි.
හංසනි හිදැල්ලආරච්චි

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *