සැමියාගේ දියුණුවට අත හිත දෙන්න ලිපි පෙළේ සත් වැන්න

සැමියාගේ දියුණුවට අත හිත දෙන්න ලිපි පෙළේ සත් වැන්න
  • DorothyCarnagie’s How to help your husband Get Ahead ඇසුරෙනි.
  1. හදිසි අවස්ථාවන් සඳහා සූදානමින් සිටින්න.
    1980 වර්ෂයේ ජූනි මාසයේ වැටුප් වැඩි කිරීමක් ඉල්ලා රජයේ සේවකයෝ වැඩ වර්ජනයක යෙදුනාහ. එවකට සිටි රජය දැඩි මතයක පිහිටමින් (40,000* කට වැඩි වර්ජකයින් පිරිසකට රැුකියා අහිමි කළේ ය. රංජිත් සහ කමලා යුවලට ද එසේ තම රැුකියා අහිමි විය.
    දස දහස් ගණනකට එකවර රැුකියා අහිමි වූ නිසා අලූත් රැුකියාවක් සොයාගැනීම ඉතා අපහසු කරුණක් බවට පත්ව තිබිණ . පාසල් යන දරුවන් තිදෙනාගේ ඉගෙනීම හා පෝෂණය ගැන බැලීම මෙන් ම පදිංචිව සිටි නිවසේ කුලිය ගෙවීම කළ යුතු ම කාර්යයන් විය.
    රංජිත් සහ කමලා එක් වී තම මිල කළ හැකි වටිනාකම් තක්සේරු කළහ.
    ලිපිකරුවන් සේ සේවය කළ ඔවුන් සතුව වෘත්තීය නිපුණතා තිබුණේ අල්ප වශයෙනි. වත්කම් ලෙස තිබුණේ මංගල මාලය හා මුදු දෙකත් දෙමාපියන්ගෙන් ලද ලී බඩු ටිකත් පමණකි.
    කමලා කේක් හා වෙනත් කැවිලි වර්ග සෑදීමට ඉතා දඏ කාන්තාවකි. ගෙදර අය මෙන් ම මිතුරු මිතුරියන් ද ඇයගේ කෑමවල රසය ගැන පුන පුනා වර්ණනා කිරීමට පුරුදුව සිටියෝය. ඔවුන්ට ඇති එකම ශක්තිය ඇයගේ මෙම හැකියාව බව ඔවුහු වටහා ගත් හ.
    තමා උත්සව අවස්ථාවන්ට කෑම සැපයීම සඳහා සූදානමින් සිටින බව ඇය තම මිතුරු මිතුරියන් වෙත දැනුම් දුන්නා ය. එ් අතරතුරේ දිවා ආහාරය සඳහා සැකසූ බත් මුල් කලින් වැඩ කළ සේවා ස්ථානයේ කැන්ටිම වෙත ලබා දී එදිනෙදා වියදම සොයා ගන්නට ඔවුහු ක‍්‍රියා කළහ. ක‍්‍රම ක‍්‍රමයෙන් විසිතුරු කේක් සඳහා ඇනවුම් මෙන්ම උත්සව සඳහා කට්ලට් ,පැටිස් ආදී කෙටි කෑම ඇනවුම් ද දිවා ආහාර සැපයීම් සඳහා ඇනවුම් ද කමලා වෙත ගලා එන්නට විය.
    තම කාර්යාල වෘත්තියේ ගර්වය ඉවත ලූ රංජිත් නගරයේ බේකරියක රැුකියාවක් සඳහා ගියේ අනාගත බලාපොරොත්තු සිත් හි රඳවාගෙන ය. ඉතා ඕනෑකමින් එහි බක්කරේට අත් උදව් දුන් ඔහු බේකරි කර්මාන්තය ගැන හසළ දැනුමක් ලබා ගත්තේ ය. දැන් ඔවුහු කුඩා අවන්හලක සාඩම්බර හිමිකරුවන් වෙති.
    පවුල් ජීවිතයේ මෙවැනි නොයෙකුත් අර්බුද මතුවීමට ඉඩ තිබේ. සැමියා හා බිරිඳගේ සහයෝගයෙන් එවන් අවස්ථා ජයගැනීම කළ යුතුය. කමලා තම ශක්තීන් එ් සඳහා ඉවහල් කරගෙන එම ව්‍යාපාරයට මුල පිරුවේ තම පවුලේ අනාගත දියුණුව සලකාගෙන මිස තමාගේම වෘත්තියක නියැලීමේ සාඩම්බර තෘප්තිය පමණක් සලකාගෙන නොවේ.
    මෙවන් තත්ත්වයකට මුහුණ දී තම මුළු පවුලම මුළුමනින්ම වෙනස් ජීවනෝපායක් කරා සාර්ථකව ගෙන ගිය තවත් කාන්තාවක ගැන මම අසා ඇත්තෙමි.
    තම සැමියා හදිසියේ අසනීප වීම නිසා රැුකියාවෙන් ඉවත්වන්නට සිදු වූ විට වරුණි ට මුහුණ දෙන්නට සිදු වූයේ ඉතාමත් අසීරු අවස්ථාවකට ය. ජීවිත කාලයම ගෘහනියක් ලෙස කටයුතු කළ ඇයගේ ශක්තිය වූයේ ගේ දොර පිරිසිදුව තබාගෙන කළමනාකරණය කිරීමේ හැකියාව සහිත ඉතා සංග‍්‍රහශීලි කාරුණික කාන්තාවක් වීම පමණකි.
    කුමක් කරන්නදැයි විපිිළිසරව පසුවන මොහොතක පිළිසරණට ආවේ ඇගේ මිතුරියකි. අන්තර්ජාලය හරහා ක‍්‍රියාත්මක වන ්එයා බී ඇන් බී ්්
    ( ්සරඉබඉ* නම් වෙබ් අඩවිය ගැන වරුණිි දැනුවත් කළේ ඇයගේ මිතුරිය යි. එ් අනුව නිවසේ ඉහළ මාලයේ පිහිටි කාමර දෙක සංචාරකයින් සඳහා නවාතැන් ලෙස ලබා දීමට ඇය තීරණය කළා ය.
    රජයෙන් මූලික අවසර පත් ලබාගෙන වෙබ් අඩවියේ ලියාපදිංචි වූ ඇය නවාතැන් ලබා දීම ඇරඹුවා ය. ඇගේ නිවසේ පිරිසිදුකම, ඇගේ ප‍්‍රියමනාප සංග‍්‍රහශීලි බව නිසා සංචාරකයින් ඇගේ නවාතැනට උසස් නිර්දේශ සපයනු දකින්නට ලැබිණිි. ඇයට දැන් නවාතැන් ඉල්ලා සිටින්නන් ගෙන් අඩුවක් නැත. නවාතැන් ලබා දෙන්නේ කවුරුන්හට ද යන්න තෝරා බේරා ගත හැකිවීම නිසා ඇගේ ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් ද ඇති නොවේ. ඇය දැන් එමඟිින් සැලකිය යුතු ආදායමක් ලබයි. උදෑසන ආහාරය පමණක් සපයන බැවින් අසනීප තත්ත්වයේ සිටින සැමියා බලා කියා ගැනීම ද ඇයට අපහසුවකින් තොරව කරගත හැකි ය.
    අප කිසිවෙකු අනාගතයේ කුමන අන්දමේ අනපේඏිත තත්ත්වයනට මුහුණ දෙන්නට සිදුවේ දෝයි නොදනී.
    එබැවින් නැවතී මදක් කල්පනා කරන්න.
    ඔබට එවන් අවස්ථාවක ප‍්‍රයෝජනයට ගත හැකි යම් නිපුණතාවක් ශක්තියක් තිබේ ද?
    ඔබ විනෝදාංශයක් ලෙස පුරුදු පුහුණු වී ඇති යම් දෙයක් එවැනි ශක්තියක් බවට පෙරළා ගත හැකි ද?
    එසේ නැත්නම් මේ එවැන්නක් ආරම්භ කිරීමට සුදුසු ම කාලය යි. මානෙල් විජිතා ප‍්‍රනාන්දු
Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *