සුන්දර නිරෝගී දිවියකට යෝග අභ්‍යාස

සුන්දර නිරෝගී දිවියකට යෝග අභ්‍යාස

ලස්සන නිරෝගී ශරිරයක් මෙන්ම නිරෝගී මනසක් සමග ප්‍රීතිමත් යහපත් ජිවිතයක් ගතකිරීම අප හැමෝගෙම බලාපොරොත්තුවයි.එනමුත් වර්තමානයේ රැකියාව , නිවසේ වැඩ කටයුතු ආදියට මුල් තැන දීම නිසා අපට නිරෝගී නිරවුල් යහපත් ජිවිතයක් වෙනුවට දියවැඩියාව ,අධි රුධිර   පීඩනය ,කොලෙස්ටරෝල් ආදී රෝග මෙන්ම විෂාදය ,මානසික ආතතිය වැනි මානසික රෝගත් ,වේගයෙන් වියපත් වීම අදික තරබාරුව ආදී බාහිර රූපය පිලිබඳ ගැටලු සමඟ අසහනකාරී ලෙස අසතුටින් ජිවත්වීමට සිදු වී ඇත .

ගෙදර දොර වැඩ කටයුතු පහසු කරන අලුත් තාක්ෂණික උපකරණ භාවිතය නිසා දින පතා නොමිලයේම ශරිරයට ලබාගත හැකි ව්‍යායම්  මග හරීමෙන් ශාරීරික ගැටලු මතු වීමත් සන්නිවේදනය පහසු කරන උපකරණ භාවිතයෙන් පවුලේ හා සමාජයේ මානුෂික බැඳීම් දුරස්ථ වීමෙන් මනසික පීඩාවන්ට ගොදුරු වීමටත් කාන්තාවට සිදු වී ඇත.

සුළු පිරිසක් බටහිර ව්‍යායාම ක්‍රම අනුගමනය කලත් ඉන් අප බලාපොරොත්තුවන ප්‍රතිඵල නොලැබෙන්නේ එයින් ශාරීරයට යම් බලපෑමක් ඇති වුවත් මානසික සහනයක් ලබාගත නොහැකි වීමයි.

   එසේ නම් අපේ අපේ කය හා මනස දෙකම නිරෝගී කල හැකි ක්‍රමයෙක් පිලිබඳ ව අප සිතිය යුතුය .ඒ සදහා ඇත විශිෂ්ඨතම  ක්‍රමවේදය යෝග අභ්‍යාසය‍යි .එමගින් ශරිරයේ නම්‍යශීලීත්වය ,කායික හා මානසික නිරෝගීතාව මෙන්ම ශරිරයේ හැඩයද නිසි ලෙස පවත්වා ගත හැකි අතර නොයෙක් රෝග පාලනයට ද ඉවහල් වේ.යෝග වල ඇති ප්‍රාණායාම හෙවත් හුස්ම ගඇනීමෙ පාලනය මගින් මානසික හා ආධ්‍යාත්මික ශක්තිය වැඩි දියුණු වේ.ඒ අනුව යෝග මගින් අප බලාපොරොත්තුවන නිරෝගී ලස්සන ශරිරයක් හා නිරෝගී නිරඅවුල් මනස සමගින් ප්‍රීතිමත් යහපත් ජිවිතය අපට ලබාගත හැක.

යෝග අභ්‍යාස ආරම්භ කිරීමට සුදුසුම කාලය ලෙස සලකන්නේ  බ්‍රහ්ම මූර්තිය ලෙසින් හැදින්වෙන උදෑසන 4.12-5.12 කාලය වේ .මේ කාලයේ පරිසරය පිරිසිදු හා නැවුම් වන අතර විශ්ව ශක්තිය වැඩිය. උදෑසන අවදි වි හිස් බඩ බීමට හැකි උණුසුම් ජලය පානය කර යෝග අභ්‍යාස පුහුණු වී මද වේලාවක් භාවනා කර දවස පටන් ගඇන්මෙන් මුලු දවසම සුභ වන අතර තම අරමුණු ලගාකර ගත හැක .

යෝග පාඩම් මාලාව යටතේ අප මුලින්ම හදුන්වා දෙන්නේ ජල ප්‍රතිකාරයයි.එනම් උදෑසන අවදි වි මුව නොසෝදා හිස් බඩ බීමට  ගත හැකි උණුසුම් වතුර වීදුරු 4ක් (160×4=640ml)පානය කිරිම  වේ. මුල දි මෙය තරමක් අපහසු විය හැක . නමුත් ක්‍රමයෙන් හුරු කල යුතුය .මේ ආකාරයට පානය කරන එක් වීදුරුවකට ඕගනික් කහ ඇගිලි තුඩින් ගත හැකි ඉතා කුඩා ප්‍රමාණයක් ද,තව වීදුරුවකට ලෙමන් බින්දු කිහිපයක් ද,තවත් වීදුරුවකට මී පැණි තේ හැන්ද්ක් දමා පානය කල හැක .ගැස්ට්‍රයිටිස් ඇති අයට ලෙමන් සුදුසු නොවන අතර දියවැඩියාව ඇති අයට මීපැණි නුසුදුසු ය.එවැනි අයට උණුසුම් වතුර පමණක් පානය කල  හැක .කහ ,ලෙමන් ,මීපැණි භාවිතයෙන් ශරිරයේ විශ ගතිය  බැහැර කරන අතර තව ද තරබාරුව නැති කර සිරුර පැහැපත් කරයි. ජල ප්‍රතිකාර යෙන් වි.45ක් යන තුරු කිසිම ආහාරක් නොගත යුතු අතර ජල ප්‍රතිකායෙන් වි.30ටපසු යෝග අභ්‍යාස ආරම්භ කල හැක .

මෙම ජල ප්‍රතිකාර ක්‍රමය ඔබේ ආරම්භක අභ්‍යාසය ලෙස යොදා ගැනිමෙන් බොහෝ දෙනා   පීඩා විදින කායික මෙන්ම මානසික රෝග රැසකට සහනය ලැබේ . මෙම ප්‍රතිකාරය මාසයක් කරන්න . ප්‍රතිකාරයට පෙර දියවැඩියාව ,අධි රුධිර පීඩනය ඇති අය තම රෝගි තත්ත්වය පරීක්ෂා කර බලා ප්‍රතිකාරය අවසානයේ නැවත පරීක්ෂා කර බලන්න . එවිට ජලප්‍රතිකාරය ගැන තමන්ටම අවබෝධයක් ලබා ගත හැක . (තමන් ගන්නා ඖෂධ වර්ග නතර කිරිම  කිසිසේත්ම නොකළ යුතුය )

මා හට නිති ගුරු හරුකම් ලබාදෙන මාගේ ආදරණිය ගුරු පියාණන් ආචාර්ය චාමින් වර්ණකුලයන් බැති සිතින් සිහිපත් කරමි.මා එතුමා යටතේ වසරක ඩිප්ලෝමා වකින් පසු එතුමා ගේ සෙත්සඳ යෝග නිකේතනය යටතේ යෝග උපදේශිකාවක ලෙස කටයුතු කරමි.

එසේ නම් කායික මානසික සුවය මෙන්ම ලස්සන සිරුරකට ඇලුම් කරන ඔබ සැම වෙනුවෙන් යෝග ආසන,යෝග භවනා මෙන්ම යෝග ප්‍රතිකාර ක්‍රම රැගෙන නැවත හමුවෙමු .ඔබ සැමට දිර්ඝායු වේවා. ගැනීම

දුලිනි රංචිගොඩ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *