හිසකෙස් වලට කෘතිම කෙඳි සහිත පනාවලින් වෙන හානිය ගැන ඔබ දැනුවත්ද ?

හිසකෙස් වලට කෘතිම කෙඳි සහිත පනාවලින් වෙන හානිය ගැන ඔබ දැනුවත්ද ?

අපේ කාන්තාවන් කොයි තරම් කොණ්ඩයට ආදරේ කරනව ද කියලා මම දැනගත්තේ රූපලාවන්‍ය පිළිබඳව ලිපි ලියන්න පටන් ගත්තට පස්සෙයි. මගෙත් එක්ක දිගටම රැඳිලා හිටිය මගේ ලිපි කියවපු ඔයාල නම් දන්නවා අපි කොයි තරම් කොණ්ඩෙට වැරදි සත්කාර කරලා තිබුණ ද කියලා.

මේ අතරින් ප‍්‍රධානම වැරුද්ද වෙනවා අපි කොණ්ඬේ පීරනකොට. පරිස්සමෙන් පිරුවේ නැත්නම් බොහෝ වෙලාවට කෙස් ගහ මගින් කැඩිලා යනවා. කොණ්ඩය මුලින් ගැලවිලා යන එක සහ මැදින් කැඩෙනවා කියන එක දෙකක්. මුලින් ගැලවිලා යනවාට බලපාන කාරණා ගොඩක් තිබුනත් මේ මැදින් කැඞී යන ප‍්‍රශ්නයට ප‍්‍රධාන වශයෙන් බලපාන්නේ අපි පාවිච්චි කරන පනාව සහ එය පාවිච්චි කරන ආකාරය යි.

ඉතින් කොණ්ඬේ යනවා කියන ප‍්‍රශ්නයට කෝකටත් තෛලය හැටියට අපි හිසේ සමට දිනපතා උත්තේජනයක් දෙන්න නියම කරනවානේ. එ්ක තෙල් ,හෙයා ටොනික්, සීරම් වගේ දේවල් පාවිච්චි කරලා ඇඟිලි වලින් දෙන තෙරපුමක් එක්ක කරන සාත්තුවක් වෙන්න පුලූවන්. නමුත් කාර්ය බහුල ජීවිතයේ අපට මේක දිනපතා කරන්න අමාරුයි. එහෙම අයට මම උපදෙස් දීලා තියෙනවා රාත‍්‍රී නින්දට පෙර හෙයා ටොනික් හෝ සීරම් එකක් පාවිච්චි කර හෝ නොකර හිසේ සම නළල ළග ඉඳලා බෙල්ල ළගට වෙනකල් හොඳින් දැනෙන්න පීරන්න කියලා අඩුම ගානේ සියවතාවක්වත් ඔලූවම උත්තේජනය වෙන විදිහට. හැබැයි එ් කාර්යය කිරීම සඳහා මම හැම විටම යෝජනා කරන්නේ ස්වභාවික කෙඳි සහිත පනාවක් තෝරා ගන්නා ලෙසයි. ඉතින් අපිට පහසුවෙන්ම සොයා ගන්න පුළුවන් ස්වභාවික කෙඳි සහිත පනාව තමයි ලී වලින් හදන පනා. ඉතින් ඇයි ලී පනාවක්….?

කෘතිම දේවල් වලින් හදපු පනාවක් පාවිච්චි කිරීම වෙනුවට ස්වභාවික කෙඳි සහිත පනාවක් පාවිච්චි කිරීම නිසා ඔබේ හිසකෙස් මගින් කැඞීයාම පලූදු වීම වළක්වලා හොඳ දීප්තිමත් පෙනුමක් ලබා දෙන්න උදව්වක් වෙනවා. පිම්බෙන අවුල් සහගත කොණ්ඩයක් නම් නම් වැඩි වාර ගානක් හිසකෙස් මේ වගේ පනාවකින් පීරූවහම හොඳ දීප්තිමත් කඩා හැලෙන පෙනුමක් ලබා ගන්න පුළුවන් . කොහොමද එහෙම වෙන්නේ…?

කෘතිම දේවල් උපයෝගී කරලා හදපු පනා වලින් වැඩි වාර ගණනක් හිසකෙස් පිරුවම ස්ථිති විද්‍යුතය (ස්ටැටික් ඉලෙක්ටි‍්‍රසිටි* ඇති වෙලා කෙස් ගහේ පිට සිවිය( කියූටිකල්* විවෘත වෙනවා. එ්ක එහෙම උනහම තමයි කෙස් ගස් අවුල් ස්වභාවයක්, ගැට ගැසෙන ස්වභාවයක් සහ පිම්බුණු ස්වභාවයක් ගන්නේ.

හැබැයි උකුණන් ඉවත් කරන්න නම් සුදුසුම කෘතිම කෙඳි සහිත පනාවක්. ස්ථිති විද්‍යුතය නිසා ඔවුන්ට හිස කෙස් අතර ඉන්න බැරිවෙනවා ඉක්මනට බිමට වැටෙනවා.

ඉතිං හිසේ සමට උත්තේජනයක් දෙනකොට ඉබේම අපට වැඩි වාර ගණනක් පීරන්න සිද්ධ වෙන නිසා සමටත් හිසකෙස් වලටත් වඩාත්ම සුදුසු වන්නේ ලී පනාවක්. ලේ ගමනය හොඳින් සිද්ධ වෙලා කේශ මූලයට පෝෂණයක් ලැබිලා හිසකෙස් නිරෝගීව වේගවත්ව වැවෙන්න ගන්නවා එහෙම දිනපතා හිසේ සම හොඳින් පීිරුවාම. තෙල් දැමීම අත්‍යවශ්‍ය නැති නිසා ඔයාලට මේක ?ට නිදාගන්න කලින් කරන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ ස්වභාවික කෙඳි සහිත පනාවේ ප‍්‍රතිඵල විඳලා බලන්න

සූරේඛා පෙරේරා

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *