හේලි සෙනෙවිරත්න

හේලි සෙනෙවිරත්න

වයඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳව කතිකාචාර්යවරියකි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් උපාධිය හැදෑරූ ඇය වර්තමානයේදී ආහාර විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳව නව පර්යේෂණ නිපැයුම් කිහිපයක හිමිකාරීත්වය දරයි.
මන්දපෝෂණය වැළැක්වීම සඳහා පහසුම ක‍්‍රමයක් ලෙසට ඇය විසින් හඳුනාගත් සහල් වලට පෝෂක එක් කිරීම සඳහා මේ වන විට පේටන්ට් බලපත‍්‍රය හිමි වී ඇත. එය දැනට සිංගප්පූරුවේ ප‍්‍රමුඛතම කෘෂි ව්‍යාපාරයක් ද ලංකාවේ සහල් සමාගමක්ද විසින් ක‍්‍රියාවට නංවමින් පවතීයි.
පසු ගිය දිනෙක Top 50- Sri Lanka professional and career& women   සම්මාන උළෙළේ දී තරුණ නායකත්ව සම්මානය ඇය සඳහා හිමි වූයේ ඈ විසින් ආහාර තාක්ෂණ විෂයයට සහ පර්යේෂණ ක්ශේත‍්‍රයේ දක්වන දායකත්වය නිසාවෙනි.
2016 ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවති ලෝක නව නිපැයුම් සම්මාන උළෙලේ දී, රන් සම්මාන දෙකකට පාත‍්‍ර වූ ඇගේ නව නිපැයුම් වල සිට මේ දක්වා පැමිණි ගමන් මගෙහි ඇගේ මීළඟ එක් අරමුණක් වන්නේ, ලංකාවේ සිටින කාන්තා නව නිපැයුම් කරුවන් එක්ව සංගමයක් පිහිටුවා ගැනීම සහ එ් තුළින් කාන්තාවන් ගේ නව නිපැයුම් සඳහා ඇති දායකත්වය වැඩි කර ගැනීමයි.

සටහන සහ සේයා
වෛද්‍ය සින්දූපා සෙනෙවිරත්න

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *