Men in Black

Men in Black

මොලී පුංචි දැරියක්. දිනක් ඇගේ නිදන කාමරයට අමුතුම ආකාරයක කුඩා ජීවියෙක් පැමිණෙනවා. බැලූ බැල්මට හරිම හුරුබුහුටි එම සත්වයා පිටසක්වලයෙක්. කුඩා දැරියට එම සත්වයාගෙ භාෂාව තේරෙන්නෑ. එ්ත් එයා එම සත්වයට බේරිලා යන්න උදව් කරනව. ඔහු යෑමට කලින් කුමක්දෝ නොතේරෙන භාෂාවකින් වාක්‍යයක් කියල යනව. මේ අතර ජනේලයෙන් එළියේ කලූ ඇඳගත් මිනිස්සු දෙදෙනෙක් තමන්ගෙ දෙමාපියන් සමඟ කතා කරනව මෝලී දකිනව. ඔවුන් පවසන පරිදි මෙම ජීවියා පිටසක්වලයෙක්. ඔහු පැන යන නිසා ඔවුන් ඔහුව අල්ලා ගන්න ඇවිත් තියෙන්නේ . ඇත්ත සියල්ලම කිව්වට පස්සෙ ඔවුන් කලූපාට උපැස් යුවල් පැළඳ පෑනක් වගේ යමකින් අගේ දෙමාපියන්ගේ ඇස් වලට ආලෝක කදම්බයක් යවා ඔවුන්ගේ මතකය වෙනස් කර අලූත් මතකයක් තැන්පත් කරනව. එ්ත් පුංචි මෝලිට සියල්ල මතකයි. මොකද එයා ජනෙල් රෙද්දට මුවාවෙලා තමයි මේ සියල්ල බලාන හිටියෙ. ඉතිං එයාගෙ මතකය මැකුනෙ නෑ.
මේ දැරිය වැඩිවියට පත්වුණාට පස්සෙ ඇය කළේ මේ පිටසක්වලයන් පිළිබඳව හොයන සංවිධානය ලූහුබඳින එක. ඇයට අවශ්‍ය වුණේ එම සංවිධානයට බැඳෙන්න. එම සංවිධානයෙ නම මෙන් ඉන් බ්ලැක්. එහෙමත් නැත්නම් කලූ ඇඳගත් මිනිසුන්. ඉතිං මෝලිට පුලූවන් වේවිද මෙන් ඉන් බ්ලැක් සංවිධානයට බැඳෙන්න. මෝලිගෙ අනාගතය කුමක් වේවිද?
2019 ජූනි මස 11 වැනි දින නිව්යෝර්ක්හි දී තිරගත වීම ආරම්භ කළ මෙන් ඉන් බ්ලැක්-ඉන්ටනැෂනල් චිත‍්‍රපටය මෙන් ඉන් බ්ලැක් චිත‍්‍රපට මාලවේ හතර වැන්නය. මෙන් ඉන් බ්ලැක් චිත‍්‍රකතා මාලාව පසුබිම් කරගෙන සිනමාකරණයට නැඟුණ මෙන් ඉන් බ්ලැක් චිත‍්‍රපට මාලාව මුලින්ම තිරගත වීම ආරම්භ වුණේ 1997 දී ය. 1997 ,2002 ,2012 වසර වල තිරගත වූ මෙන් ඉන් බ්ලැක් චිත‍්‍රපට මාලාවන් හි ප‍්‍රධාන ජවනිකාව නිරූපණය කළේ විල් ස්මිත් නම් ලෝකප‍්‍රකට නලූවාය. එහෙත් වෙනසකට මෙන් මෙවර ඔහු මෙම චිත‍්‍රපටයේ චරිත නිරූපණය නොකරයි. ටෙසා තොම්සන් නම් නිළිය විසින් ප‍්‍රධාන චරිතයට පණපොවන අතර චෙරිස් හොම්ප්ස්වර්ත් ද මෙහි රංගනයෙන් දායක වෙයි. එෆ්. ගේ‍්‍ර ගේ‍්‍ර ගේ අධ්‍යක්ෂණයකින් එළියට එන මෙම චිත‍්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා ආදායම් ඩොලර් මිලියන 253.1 ලබා ඇත. නිෂ්පාදන ක කම්පැ ර්‍ණ පහක සුසංයෝගයකින් නිෂ්පාදිත මෙම චිත‍්‍රපටය බෙදාහැරීමේ කටයුතු සෝනි පික්චර්ස් සමාගම සතුය.
හංසි රණසිංහ

මොලී පුංචි දැරියක්. දිනක් ඇගේ නිදන කාමරයට අමුතුම ආකාරයක කුඩා ජීවියෙක් පැමිණෙනවා. බැලූ බැල්මට හරිම හුරුබුහුටි එම සත්වයා පිටසක්වලයෙක්. කුඩා දැරියට එම සත්වයාගෙ භාෂාව තේරෙන්නෑ. එ්ත් එයා එම සත්වයට බේරිලා යන්න උදව් කරනව. ඔහු යෑමට කලින් කුමක්දෝ නොතේරෙන භාසාවකින් වාක්‍යයක් කියල යනව. මේ අතර ජනේලයෙන් එළියේ කලූ ඇඳගත් මිනිස්සු දෙදෙනෙක් තමන්ගෙ දෙමාපියන් සමඟ කතා කරනව මෝලී දකිනව. ඔවුන් පවසන පරිදි මෙම ජීවියා පිටසක්වලයෙක්. ඔහු පැන යන නිසා ඔවුන් ඔහුව අල්ලා ගන්න ඇවිත් තියෙන්නේ . ඇත්ත සියල්ලම කිව්වට පස්සෙ ඔවුන් කලූපාට උපැස් යුවල් පැළඳ පෑනක් වගේ යමකින් අගේ දෙමාපියන්ගේ ඇස් වලට ආලෝක කදම්බයක් යවා ඔවුන්ගේ මතකය වෙනස් කර අලූත් මතකයක් තැන්පත් කරනව. එ්ත් පුංචි මෝලිට සියල්ල මතකයි. මොකද එයා ජනෙල් රෙද්දට මුවාවෙලා තමයි මේ සියල්ල බලාන හිටියෙ. ඉතිං එයාගෙ මතකය මැකුනෙ නෑ.

මේ දැරිය වැඩිවියට පත්වුණාට පස්සෙ ඇය කළේ මේ පිටසක්වලයන් පිළිබඳව හොයන සංවිධානය ලූහුබඳින එක. ඇයට අවශ්‍ය වුණේ එම සංවිධානයට බැඳෙන්න. එම සංවිධානයෙ නම මෙන් ඉන් බ්ලැක්. එහෙමත් නැත්නම් කලූ ඇඳගත් මිනිසුන්. ඉතිං මෝලිට පුලූවන් වේවිද මෙන් ඉන් බ්ලැක් සංවිධානයට බැඳෙන්න. මෝලිගෙ අනාගතය කුමක් වේවිද?

2019 ජූනි මස 11 වැනි දින නිව්යෝර්ක්හි දී තිරගත වීම ආරම්භ කළ මෙන් ඉන් බ්ලැක් ඉන්ටනැෂනල් චිත‍්‍රපට ය මෙන් ඉන් බ්ලැක් චිත‍්‍රපට මාලවේ හතර වැන්නය. මෙන් ඉන් බ්ලැක් චිත‍්‍රකතා මාලාව පසුබිම් කරගෙන සිනමාකරණයට නැඟුණ මෙන් ඉන් බ්ලැක් චිත‍්‍රපට මාලාව මුලින්ම තිරගත වීම ආරම්භ වුණේ 1997 දී ය. 1997 ,2002 , 2012 වසර වල තිරගත වූ මෙන් ඉන් බ්ලැක් චිත‍්‍රපට මාලාවන් හි ප‍්‍රධාන ජවනිකාව නිරූපණය කළේ විල් ස්මිත් නම් ලෝකප‍්‍රකට නලූවාය. එහෙත් වෙනසකට මෙන් මෙවර ඔහු මෙම චිත‍්‍රපටයේ චරිත නිරූපණය නොකරයි. ටෙසා තොම්සන් නම් නිළිය විසින් ප‍්‍රධාන චරිතයට පණපොවන අතර චෙරිස් හොම්ප්ස්වර්ත් ද මෙහි රංගනයෙන් දායක වෙයි. එෆ්. ගේ‍්‍ර ගේ‍්‍ර ගේ අධ්‍යක්ෂණයකින් එළියට එන මෙම චිත‍්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා ආදායම් ඩොලර් මිලියන 253.1 ලබා ඇත. නිෂ්පාදන කම්පැණි පහක සුසංයෝගයකින් නිෂ්පාදිත මෙම චිත‍්‍රපටය බෙදාහැරීමේ කටයුතු සෝනි පික්චර්ස් සමාගම සතුය.

©හංසි රණසිංහ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *