කාවින්ද්‍යා 02 කොටස

කාවින්ද්‍යා 02 කොටස

ව්‍යාපාරයේ කඩා වැටීමටත් වඩා පෞද්ගලික  ජීවිතේ සිදුවුන සිදුවීමක් නිසයි අද මේ තැනට එන්න මට ශක්තියක් වුනෙ….

අපි ජීවිතේ ආරම්භ කරේ කුලී නිවසකින්…පුතා ලැබෙනකන් අපිට ඒ නිවසේ අඩුපාඩුවක් දැනුනෙ නෑ… ඒත් පුතාට අවශ්‍ය වටපිටාවක් නැති බව අපිට ඒත්තු ගැන්වෙන්නට වැඩි කාලයක් ගියෙ නෑ..

“ජනේල අරින්න බැරුව රස්නෙයි නේද…”

“ඔව් බබා… ඒත් මොනවා කරන්නද… එහා ගෙදර ටොයිලට් පිට් එකේ ගද එනවා…”

“අපි මීට වඩා ලොකු ෆෑන් එකක් ගමු කවී….”

“ඔව්.. එකත් හොදයි ..ඒත් වෙන ගෙදරකට මාරු වුනා නම් හොදයි කියලා මට හිතුනා… අපි දෙන්නා මෙහෙම හිටියට පුතා පව්..දාඩියට බිබිලිත් දාලා…”

“හ්ම්ම්..ඒක ඇත්ත.. කවී හෙට අපි අම්මලගෙ ගෙදර යං..ඔයාට වැඩක් නෑනෙ…”

“නෑ… අපි යං…”

—————————-

කාලෙකට පස්සෙ අපි සහන්ගෙ අම්මලගෙ ගෙදර  යන්න පිටත් වුනා… එහෙ ගිහින් දැකපු දෙයට මට ඉවසගෙන ඉන්න බැරි වුනා… සහන්ගෙ අම්මයි තාත්තයි මහ ගෙදර නංගිට ලියලා…මගේ පුතාට වඩා මාසයක් වැඩිමල් එයාගෙ දරුවට වෙනමම ලස්සනට කාමරයක් හදලා… ලස්සන ලස්සන සෙල්ලම් බඩු පුරවලා… ඒ සිදුවීම මට දරාගන්න බැරිවුනා..ඒකට හේතුව මමත් අම්මා කෙනෙක් නිසා වෙන්න ඇති…ගෙදර එනකන් මම හිටියෙ පුදුම ඉවසීමකින්…

“කවී… කවී… ඔහොම ඉන්න… මම දැනගෙන හිටියෙත් නෑ අම්මලා ගේ නංගිට ලිව්වා කියලා….”

“මට කමක් නෑ ලිව්වට… ඒත් අපිට කියන්න තිබුනා.. ඇයි අම්මලා එහෙම කරන්නෙ…”

“මම දන්නෙ නෑ කවී…”

“දෙයියනේ මගේ දරුවට තමයි මුකුත්ම නැත්තෙ…දාඩිය දාගෙන දොර ජනේල අරින්න බැරුව ගුහාවක වගේ හිර වෙලා දුක්විදින්නෙ මගේ දරුවා… එයාට විතරයි මුකුත් නැත්තෙ… එයාගෙ අම්මා විදිහට මට බලන් ඉන්න බෑ එයා දුක් විදිනවා…

“අඩන්න එපා කවී… “

“වෙන මොනව කරන්නද මම… එහෙන් බිස්නස් එක… මෙහෙන් මගේ දරුවා දුක් විදිනවා…මට බෑ මේ හැම දේම දරාගන්න…”

“ඔයාට පුලුවන් කවී… ඔයා ශක්තිමත්.මොනවා වුනත් අපි දෙන්නට අපි දෙන්නා ඉන්නවනෙ….”

“ඔයා බලන්න සහන්.. මේ ලෝකෙ තියෙන හැම සම්පතක්ම මම පුතාට දෙනවා..කොහොම හරි මම ලස්සන ගෙයක් හදනවා එයාට…එයා වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් නෑ…”

ඒ තමයි මගේ සාර්තකවයේ ලොකුම හැරවුම් ලක්ශය…මගේ ජීවිතේට මම ඉලක්කයක් තියා ගත්තා..මගේ ලොකුම හීනය වුනේ මගේ පැටියට සුවබර ජීවිතයක් ලබා දෙන්න.ඒ වෙනුවෙන් මහන්සි වෙන්න මම පලවෙන් අඩි තාලම විදිහට සල්ලි ගැන නොහිතා පුතා බලන්න සහයට කෙනෙක් ගැනීමයි…

“අම්මෙ , ඔයාට පුලුවන් නේද පුතාව බලාගෙන ගෙදරට වෙලා ඉන්න… මම හෙට ඉදන් මීටින්ග්ස් වගයක් දාගත්තා…”

“කොහෙද ලොකූ… “

“ලංකාවෙ ලීඩින්ග් ම හොටෙල්ස් එක්ක… හොදම සාම්පල් හදාගෙන ගිහින් මම පෙන්නනවා… මට පුලුවන් ලොකු මාකට් එකක් හදාගන්න… ෆේස් බුක් එකෙන් ටික ටික  බිස්නස් එනවා… ඒක නිසා මුල් ටිකේ හොදට මහන්සි වෙන්න ඕනෙ…”

“ඔයාගෙ හිත හයියයිනෙ ලොකූ… ඔයාට පුලුවන්…”

නිදි මරාගෙන අලුත් අලුත් සාම්පල් හැදුවා.. ඒය අසුරන පෙට්ටි පවා යූටියුබ් බල බල මමම තනියම හැදුවෙ වියදම අඩුකරගෙන වැඩි ලාභයක් ලබාගන්න…

මගේ මහන්සියේ ප්‍රතිපලය වුනේ අවසානයේ තරු ගනයේ හොටල් වලින් මගේ නිශ්පාදන ගන්න කැමත්ත පලකිරිම

“සහන්….”

“හ්ම්ම්….”

“මට ශොප් එකක් දාන්න ඕනෙ…”

“ඒකට ලොකුගානක් යයි නේද…”

“අපි උත්සහ කරලා බලමු…”

මාස ගනනක් මම කඩ කාමර බලන්න යනවා…ගෙදර ඇවිත් ගනන් හදනවා … ආපහු වැඩේ අත්හරිනවා… හැබැයි ඒකෙන් වුනෙ මගෙ සිහිනය කරා යන්න තව තව මම උනන්දුවුන එක…

ව්‍යාපාරය පටන් අරගෙන අවුරුද්දක් යනකොට මගෙ හිතකවත් නොතිබුන දෙයක් මට අහන්න ලැබුනා…

“සහා..න්..  සහා….න්….”

“ඇයි බබා….”

“මේ බලන්නකො….”

“මොකක්ද….”

“ඉන්ටනැශනල් හොටෙල් චේන් එකකින් මගේ සාම්පල්ස් ඉල්ලලා එවලා..එයාලගෙ හෙඩ් ඔෆ් බිස්නස් ලංකාවෙ නිවාඩුවකට ඇවිත් ඉන්නකොට අපේ ප්‍රඩක්ස් යූස් කරලා. එයා එහෙ ගිහින් රෙකමන්ඩ් කරලා අපේ ප්‍රඩක්ස්… දැන් සාම්පල් ඉල්ලනවා… දෙයියනේ… මගේ හිතකවත් තිබ්බෙ නෑ ඉන්ටනැශනල් මාකට් එක අල්ලන්න….

“මම දැනගෙන හිටියා.. ඔයාගෙ ශක්තියයි කැපවීමයි නිසා තමයි මේ හැමදේම…”

“මම මෙච්චර මහන්සි වෙන්නෙ මගෙ පුතා නිසා… එයාට අවශ්‍ය හැමදේම දෙන්න ඕන නිසා… මම එයාව බස් එකකවත් යවන්න කැමති නැත්තෙ ඒකයි.. ලොකු කමකට නෙමි සහන්… ඒත් අම්මා කෙනෙක් විදිහට මම කැමතියි මේ ලෝකෙ හැමදේම එයාට දෙන්න… ඒකට මට කොච්චර මහන්සි වෙන්න වුනත් කමක් නෑ…”

අපි සාම්පල් යවලා සතුටුදායි ආරංචියක් එනකන් බලාගෙන හිටියා… හරියටම පුතාගෙ දෙවෙනි උපන්දිනය දවසෙ මට මේල් එකක් ආවා… අවුරුදු දෙකකට කන්ට්‍රැක් එකක් අත්සන් කරන්න… රටවල් තුනක තියෙන තරු හෝටල් හයකට අවශ්‍ය ශැම්පු කන්ඩිශනර් සහ බොඩි ලෝශන් වලට … සිනමන් , ලෙමන්ග්‍රාස් , ලෙමන් කියන වර්ග වලට තමයි වැඩි ඉල්ලුමක් තිබුනෙ…කන්ට්‍රැක් එක අත්සන් කරපු ගමන් මාස හයක අත්තිකාරම් මුදලක් මට ලැබුනා… මෙපමන දවසක් දහයයි දහයේ කාමරකට සීමා වුන මගේ ව්‍යාපාරය තව දුරටත් එම ස්ථානයේම පවත්වාගෙන යන්න බැරි බව මට තේරුනා…ලැබුනු ආත්තිකාරමෙන් මම ටිකක් විශාල මගේම පුංචි කර්මාන්ත ශාලාවක් විවෘත කරා…

“බබා….”

“මම හිතුවෙ රස්සාවෙන් අස් වෙන්න…”

“එක පාරටම…”

“පුතා එක්කයි ගෙදර වැඩ එක්කයි ඔයාට තනියම බිස්නස් එක කරගෙන යන්න අමාරුයි… මටත් ජොබ් එක නිසා ෆුල් ටයිම් ඔයාට උදව් කරන්න බැහැ… ඒක නිසා මම අයින් වෙලා ෆුල් ටයිම් ඔයාට උදව් කරන්න හිතුවා…”

“ඔයාගෙ ගෙදරින් මොනවා හරි කියයිද.. මෙච්චර ඉගන්නුවට පස්සෙ කර කර ඉන්න හොද රස්සාවක් දාලා බිස්නස් කරනවා කියලා…”

“මේක වෙන කෙනෙක්ගේ බිස්නස් එකක් නෙමි… අපේ බිස්නස් එක.. මොනවා කිව්වත් කමක් නෑ…ඔයා තනියම මහන්සි වෙනවා මට බලන්න බෑ…”

“මම හරි වාසනාවන්තයි ඔයා වගේ කෙනෙක් ලැබෙන්න සහන්…”

ඊලග අදියර වුනෙ අපේම කියලා ශොප් එකක් ආරම්භ කරපු එක…

එදා මගේ නිශ්පාදන සාලය මැද තියාගෙන අඩපු මම අද සාප්පු කිහිපයකම හිමි කාරිනියක්…. ඒ විතරක් නෙමි සමාජ ජාලා නිසා මගේ නිශ්පාදන ඉක්මනින්ම බොහෝ දෙනෙක් අතරට ගියා…

රුපියල් තුන්දහකින් ආරම්භ කරපු මගේ පුංචි ව්‍යාපාරය අවුරුදු දහයක් ඇතුලත සියයකට වඩා රැකියා සපයන ආයතනයක්…. ජනේලයක් අරින්න බැරුව දාඩිය දමමින් හිටපු මගේ පුතාට අද වෙනකොට අංගසම්පූර්ණ කාමරක්ම දෙන්න මට පුලුවන් වෙලා තියෙනවා… මගේ හිතේ තිබුනු සිහින මාලිගය හදන්න යොදවපු හැම රුපියලක්ම ඉපැයුවේ මගේ ව්‍යාපාරයෙන්… අද මේ වෙනකොට හැම කෙනෙක්ම මාව හොදම යාලුවා කරගෙන… මම මහන්සිවෙලා පස්සෙන් ගිහින් මගේ නිශ්පාදනවලට මීටින්ග්ස් ඉල්ලපු අය අද මට කතා කරලා මගෙන් වෙලාව ඉල්ලනවා…ඉතින් ජීවිතේ කියන්නෙ හරිම පුදුම දෙයක්.. අත හරින්නෙ නැතුව තමන්ගෙ සිහිනය කරා ගමන් කරොත් ලගා කරගන්න බැරි දෙයක් නෑ…මේ වෙනවිට මම දෙදරු මවක් .. කොයිතරම් කාර්‍ය බහුල වුනත් මම ඒ හැම දේම කරන්නෙ මගේ දරුවො පාසල් ගියාම…ෆැක්ට්‍රියට යන්නෙ , මීටින්ග්ස් දාගන්නෙ හැමදේම දරුවො පැමිනෙන්න පෙර… දරුවො නිවසට පැමිනියට පස්සෙ කොයිතරම් අත්‍යාවශ්‍ය වුනත් මම ව්‍යාපාරයේ දේවල් වලර සම්බන්ධ වෙන්නෙ නෑ… මම හැමවෙලාවෙම උත්සහා කරනවා දරුවො සමග කාර්‍ය බහුල නොවී ඉන්න… කාර්‍ය බහුල ව්‍යාපාරයක හිමිකාරිනියකට පෙර මම මවක්… කොයි තරම් මුදල් ඉපැයුවත් දරුවො වෙනුවෙන් වෙන්කරන කාලය මුදල් වලට සමාන කරන්න බෑ… ඉතින්  ධෛර්යය , දැඩි අදිශ්ටානය සහ පරාජය භාර නොගෙනීම නිසා ජීවිතේ ඉතාමත් කෙටි කලයකින් ජයගත් මම කාවින්ද්‍යා …

නිමි

සනාලි ප්‍රනාන්දු

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *