කොයිම වෙලාවකවත් කන්න බෑ කියන්නේ නැති මාලු පාන්

කොයිම වෙලාවකවත් කන්න බෑ කියන්නේ නැති මාලු පාන්

බලන්න කෝ සුපර් සොෆ්ට් එකට ඇතුල තියෙන ලස්සන😋😋😋😋

දැන් උදේ පාන්දරම කට්ටියට බඩගිනි උනා නේද????

මෙහෙම දිස්නේ දෙන කොට නොකා කොහොමද නේද???? 😃😃😃

හරිම ලේසි විදියට ගෙදරදී ම හදන්න කියලා දෙන්නයි මේ ලෑස්තිය…දැන් මොකටද බේකරි ගානේ දුවලා මහන්සි වෙන්නේ.

මාලු පාන්

ඇතුල පිරවුම මාලු හෝ සැමන් දාලා සාදාගන්න.නැතිනම් සීනිසම්බල් හදලා ඇතුලට දාන්න.

පිටි 500 g

සීනි තේ හැදි 5

ලුනු තේ හැදි 1

බේකින් පවුඩර් තේ හැදි1

ර්ස්ට් මේස හැදි 1

කිරි 250 ml / මද රස්නේ ඇති වතුර

( දල වශයෙන් කිව්වේ වතුර ටිකක් අඩු වැඩි වෙන්න පුලුවන්)

කැමති නම් බිත්තරයක් හෝ බටර් තේ හැදි  1ක් එකතු කරන්න.නැති වුනත් කිසිම ප්‍රශ්නයක් නෑ

( එකතු කරාම නම් සුපර් සොෆ්ට් ගතියක් එනවා)

කිරිවලින් අනන්නේ රසින් වැඩිවෙනන.සහ ඇතුලත සොෆ්ට් වෙන්න.

මුලින්ම භාජනයකට පිටි ටික දමා වටේටම ලුනු, සීනි , බේකින් පවුඩර් දමන්න දැන් පිටි ටික මැදින් හිලක් වගේ සාදා කිරි ටික ටිකක් රත් කරා මයික්‍රෝ එකේ.තප්පර ගානයි මම රත් කරේ.මද රස්නේ කිරි තමයි පිටි එක ඇනීමට උවමනාවෙන්නේ.

මද රස්නේ කියන්නේ ගොඩාක් රස්නේත් නෑ සීතලත් නෑ.ඇගිල්ලට තරමක රස්නයක්.

රස්නේ වැඩි නම් කියාකාරි වෙන්නෑ ගොඩාක් රස්නේ වුනත් ඒවගේම සීතල වුනත් )

දැන් මද රස්නේ කිරි ටිකක්  පිටි මැදට දමා ගත් ර්ස්ට් මතට දමා මුලින් හොදට ර්ස්ට් දිය කරගන්න.දැන් අනික් කිරිටිකත් දමා ටිකෙන් ටික පිටි සියල්ලම අනන්න පටන් ගන්න.හොදට අතේ නොගෑවෙන ගානට පිටි මෝලිය හොදට අනමින් සකසා ගන්න.

පිටි මෝලියේ තෙල් ටිකක් උඩින් ගාන්න (උඩ වේලෙන්න ගතියක් එනවා පිටි මෝලිය පිපෙන කොට)

දැන් තෙත රෙදි කෑල්ලකින් වසා පැය දෙකක් පමන තබන්න.

 ❤ ඒ වගේම පිටි එක මතට කෙලින් ඊස්ට් එකතු කරලා හදන්න ටිකක් බය නම් ( ඊස්ට් කියාකාරී වෙන එකක් නෑ කියලා හිතෙනවා නම් )

ඊස්ට් ටික පොඩි කෝප්ප යකට දමා සීනිත් දමා මද රස්නේ ඇති වතුර හෝ කිරි කෝප්ප භාගයක් පමණ එකතුකර හොදට හැන්දකින් කලවම් කර පීරිසයකින්  වහන්න.

විනාඩි 15කට පසූ පිපුන ඊස්ට් ටික

ලුනු, බේකින් පවුඩර්, බටර් එකතු කරගත්ත පිටි භාජනයට දමා

නැවතත්  මද රස්නේ ඇති කිරි හෝ වතුර දමා අනන්න.

වතුර පාවිච්චි කරන කොට මෙතන සැලකිය යුතුයි.මොකද 250ml වතුර යන්නේ නෑ.ඊට ටිකක් අඩු වෙන්න පුලුවන්.

හේතුව අපි කලින් ඊස්ට් එකට වතුර කෝප්ප භාගයක් දැම්මා නේ😊😊😊

අතේ නොගෑවෙන විදියට හොද පිටි මෝලියක් එනවා.ඉතා හොදට අනා ගන්න.

පිටි මෝලියේ තෙල් ටිකක් උඩින් ගාන්න.දැන් වහලා තියන්න.

පිටි මෝලිය හොදට පිපිලා තියේවී.දැන් නැවතත් පිටි එක හොදට අනාගන්න.ඉන් පසු තැටියක් ගෙන පිටි ටිකක් ඉස පාටි මෝලියෙන් පොඩි ගුලි කඩා බෝල කර තැටිය මත තබන්න.

ඉන්පසු නැවතත් රෙදි කෑල්ලෙන් වසා පැයකට හෝ දෙකකට පසු කරි එකක් ඇතුලට පුරවා

මාලුපාන් නම් ත්‍රිකෝන හැඩයට නවා තැටිය මත අතුරා බිත්තර කහමදේ පින්සලකින් ගාන්න.

200 grad විනාඩි 20 – 25 කාලයක් බෙක් කරන්න.අවන් එකින් අවන් එකට කාලය වෙනස් වෙනවා.ඒ ගැන සැලකිලිමත් වෙන්න.

ලස්සන බ්‍ර්වුන් පාට වුනාම එලියට අරන් එහෙම්මම බටර් ටිකක් ගාන්න.( මතු පිට හොදට මෙලක් වෙන්න කරන්නේ මගේ මාලු පාන් ටික පේනවා නේද??)

ටිකක් නිවෙන්න තියලා කෑමට ගන්න

චාමලී මදනායක

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *