ගී බිස්කට් – Ghee biscuit

ගී බිස්කට් – Ghee biscuit

කටේම දියවෙන බිස්කට් එකක් කිව්වම මොකද හිතෙන්නේ…

දැන් හදන්න හිතෙනව නේද.පැය බාගයක් වගේ සුලු වෙලාවක් යන නිසා හවස තේ වෙලාවට උනත් හිතුන ගමන් හදන්න පුලුවන්.

ඕන වෙන්නේ ඉතා සුලු අමුදුව්‍ය ටිකක්.

පාන්පිටි 100g

අයිසින් සීනි 100g (සීනි කුඩු කරලා ගන්නත් පුලුවන්)

⁣එළගිතෙල් 80 ml

බේකිං පවුඩර් තේ හැදි එකක්

ලුණු ස්වල්පයක්.

ගිතෙල් ගන්නකොට කෑමට පාවිච්චි කරන හොද ගිතෙල් එකම ගන්න.පහන් පත්තු කරන්න තියෙන ගිතෙල් කියලා වෙනම තියෙනවා.ඒක හොද මදි.

පාන්පිටි වලට, අයිසින් සීනි හා බේකිං පවුඩර් , ලුණු එක්කර කලවම් කරන්න.

මෙයට ගිතෙල් ටික ටික දමා අනන්න.

හරි පදමට එන් නැත්නම් තව ගිතෙල් ටිකක් වැඩියෙන් දැම්මත් කමක් නැහැ.

එකට ගුලියක් සේ සැකසික හැකි පදමට ආ විට කුඩා බෝල සකසා මෙම බෝල පැතලි කරන්න.බටර් තැවරෑ බේකිං තැටියක අතුරන්න.

බිස්කට් වලට උඩින් උඩින් කපාගත් කජු,ආමන්ඩ් හෝ මුද්දරප්පලම් තබා ගතහැකියි.

⁣සෙල්සියස් අංශක 160 උෂ්ණත්වයට විනාඩි 20 ක් පමණ බේක් කරගන්න.

අවන් එකින් එලියට ගද්දී බිස්කට් මෙලෙකට දැනුනත්  නිවුනු පසු කරස් ගා හැපෙන මට්ටමට පැමිනේ.

බොම්බේ ස්වීට් කඩෙන් ගන්න ගී බිස්කට් වගේමයි.හරිම රසයි.

පොඩිත්තන්ගෙන් නම් බේරගන්න බැරිවෙයි

චමීරා පතිනායක

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *