පොඩ්ඩොත් එක්ක සෞරග්‍රහමණ්ඩලයක් හදමු

පොඩ්ඩොත් එක්ක සෞරග්‍රහමණ්ඩලයක් හදමු

ඔන්න තවත් අලුත් මාසයක්.

පුංචි පොඩිත්තොත් එක්ක ඔයාල හුගක් කාර්‍ය බහුල ඇති මමත් එහෙමයි.

ඉතින් අදත් හැමදාම වගේ මගේ පුතාගෙන් ඉගෙන ගත්ත දෙයක් තවටිකක් ඔපමට්ටම් කරල එයාට හොදට මතක හිටින, ආස හිතෙන විදියට කියල දුන්න.

අපි දවසක් පුතාගෙ ඉස්කෝලෙට යනකොට පුතා ලාවට අහසෙ පේන හද පෙන්නල මට කිව්ව. හද කියන්නෙ ප්ලැනට් එකක් කියල. තව අපි ඉන්න අර්ත් එකක් ප්ලැනට් එකක් කියල.

  ඉතින් අපි ප්ලැනට්ස් ගැන කතා කරකර ඉස්කෝලෙ ගිහින් , හවස ගෙදර ඇවිල්ල සෞරග්‍රහමණ්ඩලයක් හැදුව.

අපිට ඕන උනේ කතුරක්

පාට පැන්සල්

නූල්

සුදු පාට කාඩ්බෝඩ් ( පොඩි රවුම් නමයක් සහ ලොකු රවුමක් කපාගන්න)

අපි ගාව පේප ප්ලේට් එකක් තිබුන නිසා අපි ඒක ගත්ත .

ග්‍රහ ලෝක නමය පොඩි පොඩි රවුම් විදියට කපල පාටකර ගන්න.

ඊටපස්සෙ ඒවගෙ නම් ලියල අලවන්න.

නූල්වලින් අර ලොකු රවුම වටේ එල්ලන්න. ඉර මැදටත් අනෙක් රවුම් ටික වටේ ටත්.

දැන් එයාලගෙ වයසට අනුව කියල දෙන්න.

ඉර වටේට ග්‍රහ ලෝක කැරකෙන නිසා තමයි දවල් රෑ ඇති වෙන්නෙ,

බුද

ඉරට ළගින්ම ඉන්න, පුංචිම ග්‍රහයා

සිකුරු

සෞරග්‍රහමණ්ඩලයේ ඉන්න ලස්සනම ග්‍රහය. ඉරබට තරුව පහන් තරුව කියලත් හදුන්ව.

සමහර දවසට උදේ පාන්දරට, ඉරබැහැල ගියාම   දකින්න පුලුවන්.

පෘථිවිය

පෘථිවියේ විතරයි මිනිස්සු ඉන්නෙ. ඒ ඔක්සිජන් තියෙන නිසා. ඔක්සිජන් නැතුව අපිට හුස්ම ගන්න බෑ.

අගහරු

මේ ග්‍රහයා රතු පාටයි. ඒක නිසා මෙයාට රතු ග්‍රහයා කියලත් කියනව.

බ්‍රහස්පති

ලොකුම ග්‍රහ ලෝකය

සෙනසුරු

මෙයාගෙ වටේට ලස්සන වලලු පද්දතියක් තියෙනව

යුරේනස්

 සෞරග්‍රහමණ්ඩලයේ  ඉන්න තුන්වෙනි ලොකු ග්‍රහය.

නෙප්චූන්

මෙයා නිල් පාටයි

ප්ලුටෝ

දෙවනියට ඉන්න පුංචි ග්‍රහයා.

ග්‍රහ ලෝක  එක්ක සෙල්ලම් කරල මහන්සි නිසා අපි දැන් මොනව හරි කමු.

මොනවද කන්නෙ ? රසවත් ගුනවත් දෙයක් ?

 බටර් මිල්ක් ඕට්ස් පෑන් කේක්.

අවශ්‍ය ද්‍රව්‍ය

නැවුම් කිරි

දෙහි ඉස්ම

බිත්තරයක්

ඕට්ස් පිටි

රට ඉදි , මුද්දරස්පලම්  කැමතිනම්. එහෙම නැත්නම් සීනි ටිකක්, හකුරු ටිකක් එකතු කරන්න.

ලුණු චුට්ටක්

ඉසසෙල්ලම නැවුම්  කිරි  කෝප්පයකට දෙහි බෑයක දෙහි ඉස්ම දාල පැත්තකින්තියන්න.

(ගොඩක් හදනවනම් කිරි, දෙහි  ප්‍රමාණය  වැඩි කරන්න. )

ඔයාට අවශ්‍ය ප්‍රමානයට  ඕට්ස් ටික අරගෙන හොදට බ්ලෙන්ඩර් එකකට දාල පිටි කරගන්න.

දැන් අර පැත්තකින් තියපු කිරි ටික කැටි ගැහිල ඇති. ඒක තමයි බටර් මිල්ක්. දැන් මේ මිශ්‍රණයට ඕට්ස් පිටි ටික ටික දාල ටිකක් උකුපදමක් හදාගන්න .

ගසාගත් බිත්තරය, ලුණු  ටිකක් චුටියට කැපූ, රට ඉදි, මුද්දරස්පලම් එකතුකර හොදින් කලවම් කරන්න.

බටර් ටිකක් දැමූ පෑන් එකක් ලස්සන පුංචි බටර් මිල්ක්  පෑන් කේක් හදාගන්න.

මම

හර්ෂණී රණසිංහ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *