මේක සියලුම කාන්තාවන් දාන්නම ඕන චන්දයක්

මේක සියලුම කාන්තාවන් දාන්නම ඕන චන්දයක්

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතුඇටයයි.කතාව නම් සත්‍යයකි .ස්වාබාදහම සුන්දරම දේ ලෝබ නැතුව අනිත් රටවලට වඩා වැඩිපුර අපට ලබා දී ඇත .

නමුත් අවසනාවක මහත නම් ,අපේ කිරිකිත්තට අනුවත් අපේ රට දියුනු වෙමින් පවතින රටකි.දශක ගණනාවකට පසුව අද , ඔබට සහ මට අනුවත් තවම අපේ රට දියුනු වෙමින් පවතින රටකි.කෙසේ සිදුවූ නමුත් රටවැසියන් ලෙසට ඉපදී මැරුණු ,සහ ජීවත්වන සියල්ලන් සුලු සුළු වශයෙන් හෝ මෙයට වග කිව යුතු නොවේද?

කුමක් හෝ වරදක් සිදුව ඇත.පක්ෂ පාට අදාල නැති නමුත් සියලු පාලකයෝ සහ පාලිතයෝ මෙයට වග කිවිය යුතුව ඇත .

දකුණු ආසියාවේ දක්ෂතම ගැහැණු ඉන්න රට ශ්‍රී ලංකාවයි ,එහි තර්කයක් නැත .ලොවම ප්‍රථම කාන්තා අගමැතිවරිය බිහිකල මේ පොලව කාන්තා ජනාධිපතිවරියක  යටතේද පාලනය විය .

කාන්තාවන් ලෙස අපි මේ පිළිබඳව මීට වඩා පුළුල් දැක්මකින් යුතුව දායක විය යුතුය .

මන්ද ,කෝටි දෙකකට අධික ජනගහනයක් වාසය කරන අපේ රටේ ජනගහනයෙන් 52% කාන්තාවන් වන අතර චන්ද දායකයින්ගෙන් 56% කාන්තාවන්ය .

එසේ බලන කල රටේ පාලනයට ඍජුවම බලපෑම් කිරීමට පුරුෂයින්ටත් වඩා බලතල ඇත්තේ කාන්තා අපටය .ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තිය අනුව ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයද  තහවුරු කර ඇති නමුත් පුරුෂයින්ට සාපේක්ෂව දේශයපාලනය කිරීමට හෝ පාලකයින් පත් කිරීමට හෝ කාන්තා අපගේ  දායකත්වය ප්‍රතිශතාත්මකව අඩු බවක් පෙනෙයි.

වර්තමානයේ තිවිලර් රියදුරු රැකියාවේ සිට ගුවන් නියමුවරියන් දක්වා  මෙකී නොකී සියළුව ක්ෂේත්වල නිරතවෙමින් අපේ ගව්රවනීය කාන්තාවන් රට පුරා ලොව පුරා නම් තබා ඇත .ඔවුන්  මේ සියල්ල කරන්නේ ගෘහනියක , මවක , බිරිඳක , දියණියක යන සියලු තනතුරුද අදාළ වගකීමද දරමිනි.තවද ,

තරාතිරම කුමක් වුවත් සෑම කුටුම්බයකම වියපැහැදම් , ඉතුරුම් ,මිලදීගැනීම් ගෘහණිය නොහොත් කාන්තාව මුලිකව සිදුවන නිසා ආර්ථිකයේ සිදුවිය යුතු වෙනස්කම් , ප්‍රයෝගික විසඳුම්, පිලිබඳ බොහෝ අදහස් කාන්තා මනසට තරමක් වැඩිපුර දැනෙයි,

ඒ නමුත් ආර්ථිකය මෙහෙයවීමට රට බාරදීමට සුදුස්සන් තේරීමට පවතවන  ඡන්දයෙදී බොහෝ කාන්තාවන් තම අදහස් ඉදිරිපත් කිරීමට, රට පාලනය කිරීමට ,  හෝ තමාගේ ගව්රවනීය අයිතියක් වන ඡන්දය පාවිච්චි කිරීමට හෝ  දක්වන්නේ තරමක උදාසීන කමකි ,අඩු දායකත්වයකි.එහි ප්‍රතිපලය ලෙස ඔලුව කැක්කුමට කොට්ටය මාරු කරනවා සේ බිහිවන පාලකයින් සහ පවතින ගැටළු අතර කිසිඳු ගැලපීමක් නැත .එහෙව් රටක් කිසි දිනක දියුනු  වන්නේද  නැත.

ජනවහර අනුව ගැහැණු නුවන හැඳිමිටේ දිගට සීමා කලද , විද්‍යාවේ නවතම සොයාගැනීම්  වලට අනුව  කාන්තා බුද්ධිය සහ තීරණ ගැනීමෙහි  තියුණු බව පුරුෂයින්ට සාපේක්ෂව ඉහලය.මනුස්සයෙකුට දැරිය හැකි වේදනාවේ උපරිමය දරමින් දරුවෙකු බිහිකිරීමට තරම් ශක්තිමත් අපේ කාන්තාවෝ රට පාලනයට  නායකයින් තේරීමේදී  හෙවත් ඡන්දය පාවිච්චි කිරීමේදී තම අයිතිය අපතේ යාමට නොදී නිසි ආකාරව ඒ අවස්ථාවෙන් උපරිම  ප්‍රයෝජන ගැනීමට අද දවසේ පෙළගැසිය යුතුව ඇත.

කවුරු  දිනුවත් වැඩක් නෑ .කිසි කෙනෙක් රට හදන්නේ නෑ ,කියන බොහොමයක් කාන්තාවන්  ඡන්දෙ දවසේදී තම මනාපයවත්  ප්‍රකාශ නොකොට ටීවී එකේ ගිය ටෙලිනාට්‍ය නරඹමින් පමණක් රට හදන්න දායක වුවෝ වෙති.

ඔබගේ චන්ද අයිතිය අපතේ යාමට ඉඩ දීමෙන් සිදුවන්නේ වඩාත් නුසුදුසු පාලකයෙකු පත්වීමට ඇති ඉඩ කඩ වැඩි වීම පමණි .අශ්වයා පැන  ගිය පසු ඉස්තාලය වසා පලක් නැත.මේ එළඹී ඇත්තේ ඒ තීරණාත්මක අවස්ථාවයි.ඔබගේ හර්දසාක්ෂියට අනුව පක්ෂය සහ  පාට ඔබ තොරගන්න.

වඩා වැදගත් වන්නේ ඔබ සහ මම ඇතුළු කාන්තාවන් වන අප සැමගේ සක්‍රීය දායකත්වයයි.ඔබට අවශ්‍ය පාලකයා පත් වීමට හෝ නොවීමට ඉඩ ඇත .නමුත් කාන්තාවන් වන අපි සැම අපගේ ඡන්ද අයිතිය පාවිච්චි කිරීමෙන් වඩාත් සුදුසු බහුතර කැමැත්ත සහිත පාලකයා බිහිවනු ඇත .

රටේ හෙට දවස සහ අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඔබේ චන්දය අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න .එය කාන්තාවන් වන ඔබෙත් මගෙත් යුතුකමක් පමණක් නොව වගකීමකි.

මේ එළඹ ඇත්තේ සියලුම ලියන්ගේ සමයයි .රට පාලනයට සුදුසුම පුද්ගලයා තීරණය කිරීම ඔබ සතුයි.

අනිශා ජයකොඩි

සිංගප්පුරුව

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *