මේ ගෙවෙන්නේ තත්පරදැයි මම නොදනිමි

මේ ගෙවෙන්නේ තත්පරදැයි මම නොදනිමි

මේ ගෙවෙන්නේ තත්පරදැයි මම නොදනිමි. නුඹ නොමැතිව ගෙවෙන තත්පර පවා මෙතරම් දිගු ඇයිදැයි කියන්නට දන්නා කවුරුන්ම හෝ වෙත්දැයි සෙවූ වාර ගණන අපමණය.

ඉදින් මා බලා උන්නෙමි… ඈතම අතීතයේ මා හා අත් පටලාන ඇවිදවුත් නුඹ මගෙන් සමුගත්ත කළු පාලමේ කෙලවර දිහා අදත්, නුඹ ගැන හිතන හැම මොහොතකම හිත පහුරු ගාන අමිහිරි මතක කොහාට හරි විසිකරන්න ලෝබකමට…”

පාලමට යටින් ගලනා මහවැලිය එදා වාගේම අදත් ගලන්නේ සතුටින් අලුත් වෙන නිසාද , නතර නොවෙනා නිසාදැයි මම අසළ පිපි රොබරෝසියා කිනිත්තකින් ඇහුවේ නිකමට…

මල් පෙති උඩ රැඳිල තිබුන පිනි බිංදු සට සට ගාලා බිමට හැලුනේ “ඔව්” කියනවා වගෙයි…

ඉතින් ඇයි ඔබ ජීවිතේ හැමදාම විඳවන්නේ.. හැම උදයකම පොළොවට එන ඉර රැස් වලින් දවස අලුත් වෙනවා නම් අලුතින් මල් පිපෙනවා නම් ඇයි ඔබට අලුත් වෙන්න බැරි… ?

මගේ හිත කීරි ගැහුනේ රොබරෝසියා මල් වල කතාවට . ඒත් ස්වභාවධර්මයේ රීතිය තමයි මල් වලින් වචන උනේ..

අද අතු අගිස්සේ පිපෙන මල් හෙට පර වේවි ..ඒත් ඒ අතුම අලුතින් මල් පුබුදුවාවි.. පරව යන බැව් දැන දැනම හෙට දවසේත් රොබරෝසියා යායට පිපේවි.. ඉතින් ඒකයි හැමදාම අපි අවට ලස්සනම..

ජීවිතේ හැමදාම පිළුනු උන මතක එක්ක ජීවත් වෙන්න උවමනාමද…?

හදවතට ඇතුළු වෙන දොර කවුළු අගුළු දාලා අඳුරෙ සැඟවිලා ඉන්න හැම මොහොතකම කාලය ගමන් කරනවා…

අතීතය කියන්නෙම අවසන් වුණ සංසිද්ධියක් කිව්වොත් නිවැරදියි නේද..

ස්වභාවධර්මය කියන්නේ විශ්වය සමබර කරන රීතීන් වල එකතුව..

ඉතින් මම බිම වැටුන රොබරෝසියා මල් දිහා මොහොක් බලන්හිටියා…

මම හෙව්වෙ මල් වල කඳුලු තියෙනවද කියලා.. මම එකම කදුලක්වත් දැක්කේ නැහැ… එ් වෙනුවට මම දැක්කේ නිවීම… අත් හැරපු බැඳීමක උනත් පසුතැවීමක් නැතිව නිවීමක් මම දැක්කා…

ඉතින් මම අාපස්සට හැරුණා.. අායෙමත් කවමදවත් කලුපාලම ළග මතක අලුත් නොකරනවා කියන සිතිවිල්ලත් එක්ක….

සචින්තා ලයානි

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *