උත්සව සමයේ අනතුරු වළකමු

උත්සව සමයේ අනතුරු වළකමු

දයාබර සොහොයුරියනි ළඟ එන උත්සව සමයේ කාය–බහුල ඔබ සැමට තවත් නීරෝගී සතියක් ප‍්‍රාර්ථනා කරමින් උත්සව සමයේ මුහුණ පාන අනතුරු කිහිපයක් සහ එ්වා වලකාලීම , අවම කිරීම හා එ් එ් අවස්ථාවේ ක‍්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ මෙවර කලාපයෙන් අපි ඔබ දැනුවත් කරමු .
පිළිස්සීම් උත්සව සමයේ සුලභව දැකිය හැකි අනතුරකි.
රතිඤ්ඤා වැනි පුපුරන ද්‍රව්‍ය මගින් සිදුවන පිලිස්සීම්, උණුසුම් ජලය මගින් සිදුවන පිලිස්සීම් , විදුලිය මගින් සිදුවන පිලිස්සීම් ලෙස වර්ග කළ හැක. පිලිස්සීමකදී සිදුවන හානිය , සංකූලතා, ප‍්‍රතිකාර චර්ම ස්ථරයේ ගැඹුර අනුව තීරණය වේ.
එ් අනුව මතුපිට ස්ථරයේ සිදුවන පිලිස්සීමකදී දිය බුබුළු මතුවීම සිදුවන අතර ස්නායු පද්ධතියට හානි නොවන බැවින් දැනීමේ වෙනසක් ඇති නොවේ. තුවාල සුව වීම ශීඝ‍්‍රයෙන් සිදුවන අතර එ් සදහා ශල්‍යකර්ම අවශ්‍ය නොවේ.

ගැඹුරු ස්ථරයට සිදුවන පිලිස්සීම් වලදී ස්නායු තන්තු වලට සිදුවන හානිය අනුව වේදනාව දැනීම වෙනස් වේ. තුවාල සුව වීම සදහා සති තුනක් පමණ ගත වේ. සමේ සම්පූර්ණ ස්ථරයටම සිදුවන පිලිස්සීම් අවදානම් ගණයට අයත් වේ. මෙවැනි තුවාල සුව වීම ප‍්‍රමාද වන අතර බොහෝ අවස්ථා වලදී සම යථා තත්ත්වයට පත් කිරීමට ශල්‍යකර්ම අවශ්‍ය වේ.
පිලිස්සීමකදී රෝගියා රෝහල් ගත කීරීමට පෙර ගලා යන ජලයෙන් (සෙල්සියස් අංශක 15* තුවාලය සිසිල් කරන්න. පිලිස්සීම සිදු වී පැයකට ප‍්‍රථම මෙය සිදු කීරීම වාසි සහිතය. පිළිස්සුම් තුවාල මතුපිට වෙනත් ද්‍රව්‍ය ආලේප කීරීම නො කළ යුතුය (කෝමාරිකා* එමගින් පිලිස්සුම් තුවාල ආසාදනය විය හැකිය.
පිලිස්සීමකදී රෝහල් ගත කීරීමට සිදුවන අවස්ථා වන්නේ;
මුහුණ , අත් ,පාද හා ලිංගික අවයව ආශ‍්‍රිත පිලිස්සීම්
විෂ වායු ආඝ‍්‍රහණය වු අවස්ථාවන්
කුඩා දරුවන් (අවුරුදු 5ට අඩු* හා වැඩිහිටියන් (අවුරුදු 60 ට වැඩි* පුද්ගලයන්
හදිසි අනතුරු නොවන පිලිස්සීම් ( මානසික රෝගීන් ,මිනීමැරුම් වැනි අවස්ථා*

විවිධ ආහාර වලින් වර්ණවත් වන උත්සව සමයේ සිදුවන තවත් සුලභ අනතුරකි ආහාර අසාත්මිකතාව ය.
අන්නාසි , තක්කාලි ,විනාකිරි , ඉස්සෝ, දැල්ලෝ, හරක් මස්, ඌරුමස් සමහර පුද්ගලයන්ට ආසාත්මික වේ. ඔබටත් මෙම ආහාර ආසාත්මික නම් එ්වායින් වැළකී සිටීම නුවණට හුරු වන්නේ මෙමගින් මරණය වුවද සිදුවිය හැකි බැවිනි.
ආසාත්මිකතාවයකදී සුළු කැසීමකින් ඇරඹී සමේ රතු පැහැති පළු මතුවීම දැකිය හැක.

නාසයේ බර ගතිය , කිවිසුම් යාම, කැස්ස , හුස්ම ගැනීමේ අපහසුතා වමනය උදරයේ අපහසුතා රෝග ලක්ෂණ වෙයි . ආසාත්මිකතාවයකදී වෛද්‍ය ප‍්‍රතිකාර සදහා ප‍්‍රමාද නොවන්න. සුළු තත්ත්වයන් ලෙස සලකා නොසලකා හැරීම අවදානම් සහගත. ආසාත්මිකතාවයන් සුව වීම සමහර අවස්ථා වලදී සති දෙකක් පමණ විය හැකිය එවන් අවස්ථා වලදී රෝග ලක්ෂණ නැවත මතු විය හැක. එම නිසා ඔබගේ වෛද්‍යවරයා විසින් නිර්ණය කරන ලද ඖෂධ නියමිත කාලය තුළ නියමිත මාත‍්‍රාවෙන් භාවිතා කරන්න.
මේ උත්සව සමය ඔබ සැමට නීරෝගී සතුට පිරි සමයක් වේවායි අපි ප‍්‍රාර්ථනා කරමු.

වෛද්‍ය කේ. එන්. විජේසිංහ
මුලතිව් මහ රෝහල
ඍැට බද 34393

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *