කිතු දහමේ සඳහන් පරීසර සංරක්ෂණය

කිතු දහමේ සඳහන් පරීසර සංරක්ෂණය

ලියාරා තුළින් පරීසරය රැක ගැනීමේ වැදගත්කම ගැන අප නොයෙක් ආකාරයෙන් කතා කරමින් යන්නෙමු. දියුණු තාක්ෂණය හා සංනීවේදන ක‍්‍රම සමඟ ඉහළ ජීවන තත්වයක සිටීන නූතන මානවයා ඔහුගේම ඉහළ පරිභෝජන රටාව නිසා දිනෙන් දින ඉහළ යන පරිසර හානිය තුළින් මේ මහ පොළොව ඉතා අනතුරුදායක තැනක් බවට පත් කරගනිමින් සිටී. මේ කරුණ ගෝලීය වශයෙන් කතා කිරීමට පටන් ගත්තේ ඉතා මෑතකදී වුවත් අතීත මානවයා තමන්ගේ වටපිටාව තුළ පරීසරය හා වනජීවී සංරක්ෂණය පිළිබඳ මනා අවබෝධයකින් ජීවත්ව ඇත. මුළු ලොවම නත්තල් අසීරීයෙන් බබළන මේ මාසයේ ජේසුස් වහන්සේ ලොවට ඉගැන්වූ විශේෂ කරුණක් පිළිබඳ ඔබේ අවධානය යොමුකිරීමට කැමැත්තෙමී. එනම් මුළු ලොවටම ආදරය, දයාව හා කරුණාව පැතිරවූ ජේසුස් වහන්සේ සතුන් හා පරීසර සංරක්ෂණය පිලිබඳ ලෝවාසීන්ට දුන් පණිවීඩයයී. බයිබලය ඇතුළු ශුද්ධවූ ලියවිලි කීපයක් පරිහරණය කරමින් කි‍්‍රස්තියානී ධර්මයේ සඳහන් පරීසර සංරක්ෂණය පිළිබඳ ඉතා කෙටි සංෂිප්තයක් පමණක් මෙම ලිපියෙන් ඉදිරිපත් කරමී.
මීට වසර දහස් ගණනකට පෙර ජේසුස් වහන්සේගේ ශුද්ධ වචනයට අනුව බයිබලය ලියා ඇති ජනයා වන සතුන්, ගෘහාශි‍්‍රත සතුන් හා පරීසර සරක්ෂණය ගැන මනා අවබෝධයකින් කටයුතු කළ බව නොරහසකී. විශේෂයෙන් ගවයන් ඇතුලූ ගොවිපල සතුන් ඇති කිරීම හා ගොවිතැනට උදව් කරන සතුන් පාලනය පිළිබඳ දැඩි නීතී රීතී බයිබලයේ සඳහන් වේ. දෙවියන් වහන්සේ මැවු සියලූ සත්වයින් දුකින් හා වේදනාවෙන් මිදීය යුතු බවද එහි සඳහන්. බයිබලයේ බොහෝ අවස්තාවල දෙවියන් වහන්සේ මිනිසුන්ට සහ සතුන්ට එක සමානව සැළකූ ආකාරය සහීත උදාහරණ බොහෝමයී. දෙවියන් වහන්සේ විසීන් නෝවා සහ ඔහුගේ පවුල මහා විනාශයෙන් බේරාගත් ලෙසම සතුන්ද බේරාගනිමින් මේ සියල්ල එක සමානයයී පෙන්වාදුන් බවද බයිබලයේ සඳහන්. නමුත් නූතන කෘෂිකර්මාන්තය හා ගොවිපළ කර්මාන්තය කි‍්‍රස්තියානී සාරධර්ම උල්ලංඝනය කරන අතර එම නිසා නොයෙක් සමාජීය හා පාරීසරික ප‍්‍රශ්න ඇතිවී තිබේ. එනම් නූතන ලෝකයේ කර්මාන්තශාලා හා ගොවිපළවල් ඉතා අයහපත් තත්වයන් යටතේ ලාබ අරමුණු කොටගෙන තම ව්‍යාපාර පවත්වාගෙන යන අතර එ් නිසා සත්ව හිංසනය හා පරිසර ¥ෂණය ඇති කරමින් මිනිස්සුන්ගේ සෞඛ්‍යටද හානී කරයී.
ස්වාභාවික පරිසරයට ගරු කිරීම සහ ආරක්ෂා කිරීම මිනිසුන්ගේ යුතුකමක් යන්න බයිබලය පුරා දක්නට ලැබෙන තේමාවකි. මේ යුතුකම ඉටු නොකිරීම ලොවපුරා අප මුහුණ දෙන බොහෝ පාරීසරීක ගැටලූවලට සෘජුවම සම්බන්ධ වේ
ගොවිපළ සත්ව හිංසනය, වන ජීවීන් හා ඔවුන්ගේ වාසස්ථාන විනාශ කිරීම සහ භූමිය, ජලය සහ වාතය
දූෂණය කිරීම මින් ප‍්‍රධානයී. මොසෙයික් නීතීය අඩංගු පෙන්ටටියුච් හී පස්වන පොතෙහී (Deuteronomy 23(13-15) මිනිස් අපද්‍රව්‍ය වලින් මහ පොළොව  දූෂණය කිරීම තහනම් කර ඇති අතර ජෙරමියා 9:9-11 සහ හබක්කුක් 2:17 යන පොත්වල සොබාදහම සහ වන ජීවීන් විනාශ කිරීමට එරෙහිව දෙවියන් වහන්සේ අනතුරු අඟවන බවද සඳහන්.
ගස් හා වනාන්තර කෙරෙහි බයිබලය විශේෂ සැළකිල්ලක් දක්වන ලද බවට හොඳම උදාහරණය වන්නේ පොරොන්දු දේශයට ”ඇතුල් වූ විට” ඊශ‍්‍රායල්වරුන්ට අණ කරන ලද පළමු දෙය ලෙස ගස් සිටුවීමට හා පලතුරු අනුභව කිරීමට පෙර එ්වාට පරිණත වීමට ඉඩ දීමයි යම්කිසී යුද්ධයකදී ඵල දරන ගස් විනාශ කිරීම තහනම් කිරීමට විශේෂ ආරක්ෂණ රෙගුලාසීයක් මොසෙයික් නීතීය පනවා ඇති අතර ගස් රැක බලා ගැනීම සම්බන්ධයෙන් දැඩි හා සවිස්තරාත්මක නීති රීති ද එහි සඳහන් . භූමිය කෙරෙහි මිනිසුන්ට ඇති වගකීම අවධාරණය කිරීමේදී බයිබලය පුරාම ශක්තිමත් සංරක්ෂණ පණිවිඩයක් ලබා දෙන අතර ස්වාභාවික සම්පත් පරිහරණය කිරීමට හා එ්වා පැළඳීමට එරෙහිව අනතුරු අඟවයි . වනාන්තර, සතුන්, ජලය, වාතය හා භූමීය රැකගතහොත් එහි සුභදායී ප‍්‍රතිඵල මිනිසුන්ට ලැබෙන බවත් ස්වභාව ධර්මය මිනිසා ආරක්ෂා කරන බවත් එහි තවදුරටත් සඳහන් ය.
ත්‍සාබා දහම දෙවියන් වහන්සේගේ මහිමය හා ශේ‍්‍රෂ්ටත්වය ප‍්‍රතිනිර්මාණය කරන බව බයිබලය අවධාරණය කරනවා පමණක් නොව, ස්වාභාවික පරිසරය ආරක්ෂා කිරීම හා රැකබලා ගැනීම සඳහා මිනිසුන්ට විශේෂ වගකීමක් ලබා දී ඇති බවද මෙම ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වේ. එහෙත් එම උපදෙස් හා නීතී වර්තමාන වාණීජ්‍යකරණයේදී උල්ලංඝණය වී ඇති බවද නොරහසකී. ආරක්ෂා කරමින් වගකීම ඉටුකරනවා වෙනුවට තණ්හාව හා අධීක පරීභෝජනය නිසා මිනිසා විසීන් පරීසරය විනාශ කරමින් තමන්ගේ ඕනෑ එපාකම් ඉටුකර ගැනීමට පෙළඹී ඇත. මෙම තත්වය ලෝකයේ බොහෝ ප‍්‍රශ්නවලට හේතූවී ඇති බව දැනටමත් විiාවෙන් පවා ඔප්පු කර අවසන් ය. ඉතින්, ශුද්ධවූ කි‍්‍රස්තියානී ධර්මය ප‍්‍රධාන කොට ගත් රටවල් පවා මේ සියලූ ඉගැන්වීම් පතපොතට පමණක් සීමා කරමින් ගෝලීය පරීසර විනාශයේ නියමුවන් වී සිටීම මානව ශිෂ්ඨාචාරයේ ඉදීරී පැවැත්මට ඉතා හානීදායක වනු ඇත.

ආචාර්ය කල්පනා අඹේපිටිය
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලය.

ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *