නිවුන්නුන් වෙනුවෙන්ම කැප වුණු නිවුන්නු.

නිවුන්නුන් වෙනුවෙන්ම කැප වුණු නිවුන්නු.

අද ලියාරා කතා බහට එක් වුණේ එක්තරා සුවිශේෂී වූ කාන්තාවන් දෙදෙනෙක්. ඔවුන් මවු කුස සිට එකට අත්වැල් බැඳන් ආවා සේම ඔවුන් මෙන්ම නිවුන් ප‍්‍රජාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉමහත් සේවාවක් සිදු කරමින් සිටිනවා. නමින් ඔවුන් උපුලි ගමගේ සහ චමලි ගමගේ.

ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ ආරම්භක සාමාජිකාවන් වන්නේ මොවුන් දෙදෙනායි. මෙම නිවුන් සංවිධානය අධ්‍යාපන ශිෂ්‍යත්ව , නර්තන, ගායන ආදී සියලූම අංශ වලින් සමන්විත සංවිධානයක් වනවා. ලෝකයේම නිවුන් නර්තන කණ්ඩායමක් ඇති එකම රට වන්නේ ශ්‍රී ලංකාවයි. මීට අමතරව නිවුන් ගායක කණ්ඩායමක්, නිවුන් වාදක කණ්ඩායමක්, නිවුන් ක‍්‍රීඩා , නිවුන් ක‍්‍රීඩා සමාජයක් සහ නිවුන් චිත‍්‍ර ශිල්පී සංසදයක්ද මෙම සංවිධානය සතු වනවා.

මෙම සංවිධානය 2020 වසරේ එක්තරා සුවිශේෂි වූ ක‍්‍රියාවකට සැරසෙනවා. එ් නිවුන් ලෝක වාර්තාවක් තැබීමට. දැනට ශ්‍රී ලංකාවේ 28,000ක් පමණ වූ නිවුන් ප‍්‍රජාවක් මේ වන වින මේ සංවිධානයට එක් වී තිබෙනවා. විවිධ වයස් වල, විවිධ ජාතීන් හා ආගම් වල නිවුන්නුන් මෙම සංවිධානයට සම්බන්ධ වී තිබෙනවා.

මේ නිවුන් සංවිධානය මඟින් ලෝකයේ ප‍්‍රථම වතාවට නිවුන් අවුරුදු උළෙලක් නිවුන්නුන් තුන්දහසකගේ පමණ සහභාගිත්වයෙන් පවත්වා ඇති අතර මීට අමතර නිවුන් සාම පා ගමනක් ද පසු ගිය වසර වල පවත්වා තිබෙනවා. නිවුන්නුන්ගේ අභිව්ෘද්ධිය සඳහා අධ්‍යාපනික ශිෂ්‍යත්ව ආදිය ලබා දීමද මෙම සංවිධානය මඟින් සිදු කෙරෙන අතර විශේෂයෙන් ආර්ථික අපහසුතා ඇති නිවුන් දරුවන් සිටින දෙමාපියන්ට ආර්ථික වශයෙන් ඇවැසි සහය දීමද සිදු කරනු ලබනවා. විශේෂයෙන් නිවුන් දරුවන් සිටිනා දෙමාපියන් ආර්ථික වශයෙන් බොහෝ අපහසුතාවයන්ට පත් වන අවස්ථා තිබෙනවා. ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතා, අධ්‍යාපන අවශ්‍යතා වලට පිටුවහලක් වීමට උපුලි සහ චමලි ප‍්‍රමුඛ ශ්‍රී ලංකා නිවුන් සංවිධානය කටයුතු කරනවා.

2020 පැවැත්වීමට නියමිත ලෝක සමගාමීව ශ්‍රී ලංකා නිවුන් සංවිධානය මඟින් වැඩ සටහන් රාශියක් මේ වන විටත් සැලසුම් කරමින් තිබෙනවා. ලෝකයේම අවධානය ශ්‍රී ලාංකේය නිවුන් ප‍්‍රජාව වෙත යොමු කරවා ඔවුන්ට අවධානය ලබා දීම සහ සමස්ථ නිවුන් ප‍්‍රජාව මුහුණපාන ගැටලූ වලට රාජ්‍ය මට්ටමේ අවධානය යොමු කිරීම ඔවුන් මේ තුළින් බලාපොරොත්තු වනවා.

මෙම ලෝක වාර්තාව පිහිටුවීමට ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශ රටවලද නිවුන් ප‍්‍රජාවන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
මීට අමතරව ඔවුන් ශ්‍රී ලංකා රජයෙන් ජාතික නිවුන් දිනයක් ප‍්‍රකාශයට පත් කිරීම සඳහා ඉල්ලීමක් කර ඇති අතර මෙම යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානයටද යොමු කොට ජාත්‍යන්තර නිවුන් දිනයක් ප‍්‍රකාශයට පත් කරගෙන ඇති අතර මීට සමගාමීව ලබන වසරේ අගෝස්තු 20-27 දක්වා ජාත්‍යන්තර නිවුන් සතිය, නිවුන් මහා සම්මේලනය සහ ලෝක නිවුන් ප‍්‍රජාවගේ කේන්ද්‍රස්ථානය ලෙස ශ්‍රී ලංකාව නම් වීම මේ වන විට සිදු වී තිබෙනවා.

මීට අමතරව ඔවුන් ලබන වසරේ නිවුන් ක‍්‍රීඩා උළෙල පැවැත්වීමට බලාපොරොත්තු වන අතර ශ්‍රී ලංකාව ප්‍රෞඪ නිවුන් ක‍්‍රිකට් කණ්ඩායමක උරුමකරුවන්ද වනවා. මීට අමතරව නිවුන් රක්ෂණාවරණයක්ද නිවුන් ගිණුමක්ද හඳුන්වා දීමට ඔවුන් මේ වන විටත් කටයුතු කරමින් තිබෙනවා.

මේ සියලූ කටයුතු සිදු කිරීමට ඔවුන්ට ඔඅබලාගේ සහයත් අවශ්‍ය වනවා. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ගෙන යන මේ අවස්ථාවේදී ඔබටත් ඔවුන් හා අත්වැල් බැඳගත හැකි වන අතර නිවුන්නුන් නොමිලයේ මෙම සංවිධානයට බැඳීමේ අවකාශ සහ වෙළඳ ප‍්‍රජාවට උපුලී සහ චමලි ඉතාමත් ආදරයෙන් ඔබට ඇරයුම් කරනවා. වැඩිදුර විස්තර 0704644640 යන අංකය අමතා ඔබට දැන ගත හැකියි.

සටහන හංසනි හිදැල්ලආරච්චි

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *