පුංචි නිවුන් සහෝදරියෝ

පුංචි නිවුන් සහෝදරියෝ

අද ඔබ ඔබේ දරුවන් වෙනුවෙන් තබන පුංචි පියවර දරුවන්ගේ හෙට ලොව තනන්නට පෙර මං තනනු ඇති.ඉතින් අද ලියාරා කතාබහ ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත යන කියමන වෙනස් කරන්නට හේතු වුණු සුවිශේෂී දියණිවරුන් දෙදෙනෙක් ගැන.උපතින්ම එක මව්කුසක එක ගර්භාෂය බෙදා හදාගෙන ආපු මේ පුංචි නිවුන් සහෝදරියෝ දෙදෙනා සුවිශේෂී වන්නේ ඔවුන් දෙදෙනා බොහෝ ක්ෂේත‍්‍රයන් වලදී එක හා සමානවම දක්ෂකම් පාන නිසා.
ඔබ ගැන විස්තරයක් කළොත්..
මම අක්කා හිරුන්දි නුලංගා රණසිංහ. නංගි කෙවින්දි සෙනංගා රණසිංහ.අපි දෙන්නා නිවුන් සහෝදරියන්. මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ල
මොනවද ඔබේ දක්ෂතාවයන් ?
අපි දෙන්න පුංචි කාලෙ ඉඳලම පොත් කියවන් හුඟක් කැමතියි.එ්නිසාම පොඩි කාලේ ඉඳලම පොත දෙක එකතු කරලා හදපු විශාල පුස්තකාලයක් අපි දෙදෙන සතු වෙනවා.අපිට අම්මා තාත්තා නෑදෑයො දෙන සල්ලි ඔක්කොම එකතු කරලා අපි හුඟක් වෙලාවට පොත් ගන්නවා.සමහර විට පොත් කියවීම හින්දම වෙන්න ඇති අපි විෂයානුබද්ධ හා විෂය බාහිර ක‍්‍රියාකාරකම් වලටත් දක්ෂයි.
එළඹෙන 2020 වසර රටවල් එකසිය හතළිහක සහභාගිත්වයෙන් ඇමරිකාවේ වොෂින්ටනයේ පැවැත්වෙන ආර්ට් ඔලිම්පියාඞ් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන්න අපි තේරිලා ඉන්නවා
එ් වගේම රටවල් 39ක සහභාගිත්වයෙන් යුතුව නේපාල රජය විසින් පවත්වන නේපාල එවරස්ට් සංස්කෘතික උළෙල නියෝජනය කරන්න යන ශ්‍රී ලංකා කණ්ඩායමටත් අපි ඇතුලත්
එ් වගේම අපි දෙදෙනාම නිවේදිකාවන්. පසුගියදා ශ්‍රී ලංකා නිවුන් සංවිධානය මගින් පවත්වනු ලැබූ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය පනහකට අධික සංඛ්‍යාවක් සහභාගී වූ පුවත්පත් සාකච්ඡුාව මෙහෙයවමින් පුවත්පත් සාකච්ඡුාවක් මෙහෙයවූ ශ්‍රී ලංකාවේ ලාබාලතම නිවේදිකාවන් දෙදෙනා වුයේත් අපි.අපි අපේ නිවේදනය කටයුතු පටන් ගත්තේ වයස අවුරුදු හතේ ඉඳලා.
එ් සමගම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ රටවල් එකසිය 139ක් සාමාජිකත්වය දරන ලෝක පාරිසරික සජීවීකරණආයතනයේ ශ්‍රී ලංකා නියෝජිතත්වය දරන ෑභධ ශ්‍රී ලංකා ව්‍යාපෘතිය මෙහෙයවන කොළඹ ළමා පොත් සංගමය සමග එකතු වෙලා අපි ශ්‍රී ලංකාව පුරාම පරිසර ව්‍යාපෘතීන් මෙහෙය වනවා.
එ් සමඟ ම අපි පෝතක බාලදක්ෂ රන් තරු ලාභීන්.පෝතක බාලදක්ෂයෙකු ට ලබාගත හැකි ඉහළම සම්මානය වන රන් තරුව අපි ලබා ගත්තේ වයස අවුරුදු 9දී
අපි දෙදෙනාම වසර ගණනක් දේශීය හා ජාත්‍යන්තර චිත‍්‍ර තරග ගණනාවක් ජයග‍්‍රහණය කරලා තියෙනවා.
විශේෂයෙන්ම අක්කා හිරුන්දි තෙල් සායම් හා කොලාජ් චිත‍්‍ර අංශයෙන් විශේෂ දක්ෂතා දක්වලා ජාත්‍යන්තර සම්මානයට පාත‍්‍ර වෙලා තියෙනවා
අපි කථික ,නිවේදන හා රචනා,දැනුම මිනුම අංශ වලිනුත් සමස්ථ ලංකා ප‍්‍රථම දෙවන ස්ථාන හිමි කරගෙන තිබෙනවා.
එ් වගේම අපි පළාත් හා දිස්ත‍්‍රික් මට්ටමින් චෙස් තරග වලදී ජයග‍්‍රහයන් ලබාගෙන තිබෙනවා

අපි දෙන්නාගේ විනෝදාංශයක් තමයි තාරකා විද්‍යාව පිළිබඳ ව හැදෑරීම ෂබිඑසඑමඑැ දෙ ්ිඑරදබදපහ ීරස ඛ්බන් ආයතනයට සම්බන්ධ වෙලා අපි තාරකා විද්‍යාව පිළිබඳව වැඩි දුරටත් අධ්‍යන කටයුතුවල යෙදෙනවා.

අපි පාසලේ බාහිර කටයුතුවලත් නිරත වෙනවා. නාට්‍ය හා රංග කලාවත් අපි කැමතිම විෂයක්.අපි එකට අත්පොත් තැබුවේ සහන් රන්වලයන්ගේ රන්වල ළමා බලකායෙන්. එ් වගේම අපි පාසලේ ගොඩක් විවිධ ප‍්‍රසංග වලට රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.අපි පාසලේ නව නිපැයුම්කරුවන්ගේ සංගමයෙ වගේම මාධ්‍ය එ්කකයේ සාමාජිකාවන්.

ඔබේ පවුල ගැන විස්තර කිව්වොත්
අපේ පියා තරිඳු නුවන් රණසිංහ බ‍්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ මෘදුකාංග පිළිබඳව පාරිභෝගික සහාය අංශයේ ප‍්‍රධානියා. අපේ මව වාසනා රණසිංහ මෘදුකාංග ඉංජිනේරුවරියක්, ව්‍යාපාරිකාවක් එ් වගේ ම සමාජ සේවිකාවක්.අපේ පුංචි සහෝදරයා නිසල රණසිංහ ලූවර් ජාත්‍යන්තර පාසලේ දෙවන ශ්‍රේණියෙ ඉගෙනුම ලබනවා. පොත් කියවන පුරුද්ද ලැබුණේ මවගෙන්. අපි දෙන්නා පුංචි පුස්තකාලයක් පුංචි විද්‍යාගාරයක් හා අභ්‍යවකාශ දැනුම් එ්කකයක් පවත්වගෙන යනවා එ්කට සහයෝගය දෙන්නේ අපේ තාත්තා.

ඔබේ අනාගත බලාපොරොත්තු ගැන කිව්වොත්
අපි දෙදෙනාම කැමති විද්‍යාඥවරියන් වෙන්න.එකම දේ කරන්න එකම විදියට ලකුණු ගන්න ඕන නිසා අපි දෙන්නම එකම තාලෙට තමා පාඩම් කරන්නෙත්. එ්ත් එක්කම අපේ බලාපොරොත්තුවත් තමයි ශ්‍රී ලංකාවේ හරිතවත් බව සුරැකීමට හැකි තරම් පරිසර ව්‍යාපෘතීන් වලට සම්බන්ධ වීම.දැනටමත් දේශීය හා ජාත්‍යන්තර පරිසර ව්‍යාපෘතීන් කිහිපයකටම සම්බන්ධ වෙලා අපි වැඩ කටයුතු කරනවා.ඊට අනුරූපව පරිසරය පිරිසිදු කිරීමේ කිරීම ව්‍යාපෘතීන්,ප්ලාස්ටික් හා පොලිතින් භාවිතය අවම කිරීමේ ව්‍යාපෘතීන් හා රුක් රෝපණ වැඩසටහන් ගණනාවකට ම අපි සහභාගි වෙලා තියෙනවා.අපේ තවත් බලාපොරොත්තුවක් තමයි අපි දෙදෙනාගේම ග‍්‍රන්ථයක් එළි දැක්වීම.
බාහිර වැඩ කටයුතු කිරීම අධ්‍යාපනයට බාධාවක් වෙලා නැද්ද?
බාහිර වැඩ කටයුතු වලින් ලැබෙන දැනුම අධ්‍යාපනයට ලොකු පිටුවහලක් වෙලා තියෙනවා.අපි දෙදෙනාම ගිය වසරේ ශිෂ්‍යත්ව විභාගය සමත් වුනා.අක්කා විභාගය ට කලින් සති තුනක් තිස්සෙම රෝහල්ගත වෙලා ඉඳලා විභාගය ලියන්න ඇවිල්ලත් ලකුණු 176ක් ලබාගත්තා. මම නංගී ලකුණු 181ක් ලබා ගත්ත
මේ තාක් ආමගදී ශක්තියක් වුණු අය මතක් කළොත්
අම්මා තමයි සියලූ අධ්‍යාපනය කටයුතු බලන්නෙ.තාත්තා අවශ්‍ය දේවල් ලබා දෙනවා.එ් දෙන්නා තමයි මේ ගමන් මගේදී විශාල ම ශක්තිය උනේ.විශේෂයෙන්ම දැන් අධ්‍යාපනය ලබන මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ විදුහල්පතිමවුන් ඇතුළු ආදරණීය ගුරු මව්පියවරුන් මතක් කළ යුතුයි.එ් වගේ ම අපේ ප‍්‍රාථමික පාසලවූ හෝමාගම මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු අපට අධ්‍යාපනය ලබා දුන් ඇදුරු මඩුල්ලත් අමතක කරන්න බෑ. විශේෂයෙන් ම ලොව හොඳම යුනිස්කෝ ව්‍යාපෘතිය ලෙස සම්මානයට පාත‍්‍ර වූ දකුණු ආසියාවේ ළමයින් සඳහා වූ විශාලතම ස්වේච්ඡුා සංවිධානය වන කොළඹ ළමා පොත් සංගමයේ නිර්මාතෘ හා සභාපති ආචාර්ය ධම්මදේශ අම්බලන්පිටිය මැතිතුමන් අපිට ජාත්‍යන්තරයට යන්නට පාර තනා දුන්නා.එ් වගේම ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ සභාපතිනි උපුලි ගමගේ මැතිනියත් මේ අවස්ථාවේදී අමතක කරන්නම බෑ. හැම වෙලාවකදිම අපිට උදව් කරන අපේ යාළුවෝ ,ගුරුවරු , නෑදෑයො හැමෝම මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා.

ඔබට ලියාරා වෙනුවෙන් කියන්න තියෙන්නේ මොනවාද ?
ලියාරා කියවන දරුවන් ඉන්න අම්මලාට අපිට කියන්න තියෙන්නෙ ඔබේ දරුවන්ටත් ඔවුන් කැමති බාහිර වැඩ කටයුතුවලටත් සහභාගි වෙන්න දෙන්න, අධ්‍යාපනයට විතරක්ම බල කරල ඔවුන් ව යොදවන්න එපා.විශේෂයෙන් පුළුවන් තරම් පොතපත යාලූවෝ කරගන්න දරුවාට කියලා දෙන්න.අපිට හුඟාක් වැඩ වලට උදව් වුනේ අපේ පොත් යාළුවො තමයි.අධ්‍යාපනය වගේම කලාව , ක‍්‍රීඩාවත් අපේ මනසට අත්‍යවශ්‍යයි.ඔච්චර දේවලට වෙලාව කොහෙද කියල හිතන්න එපා .ආසාව තියෙනවා නම් වෙලාව ඉබේම ලැබෙනවා.

ඉතින් ලියාරා අපිත් මේ පුංචි හපනුන් දෙන්නාට සුබ පැතුම් එක් කරනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *