මංගල ත්‍යාගයකින් මුදලක් උපයමු.

මංගල ත්‍යාගයකින් මුදලක් උපයමු.

අද බොහෝ දෙනා තමන්ගේ විවාහ මංගල්‍යයේදී පැමිණෙන නෑ හිතවතුන් පිරිසට ත්‍යාගයක් දීම පුරුද්දක් කරගෙන තිබෙනවා. මීට වසර පහ හයකට පෙර එම ත්‍යාගය වෙඩින් කේක් කැබැල්ලකට, නැවත භාවිතා කළ හැකි කේක් පෙට්ටියකට හෝ රසකැවිලි මල්ලකට සීමාවුවත් මේ වන විට වඩාත් ප‍්‍රයෝජනවත් දේවල් වෙත බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා.

එ් අතරින් බොහෝ අය විවිධ පැළ වර්ග මංගල දිනයේ ස්තුති ත්‍යාගය සඳහා ලබා දීමට කටයුතු කරනවා. මේ සඳහා විවිධ වර්ගයේ පැළ භාවිතා වනවා.

  1. පළතුරු පැළ
    මේ යටතේ අඹ, රඹුටන්, පේර, දෙහි, නාරං, පේර ආදී පැළ වර්ග භාවිතා වන අතර මේවා ප‍්‍රමාණයෙන් තරමක් උස වනවා. බොහෝ විට මේ පැළ වගා කිරීමට යම් කිසි නිශ්චිත ඉඩ ප‍්‍රමාණයක් අවශ්‍ය වන අතර බොහෝ විට අද කාලයේ මිදුල් වල ඉඩ අවම බැවින් මෙවැනි පැළයක් ත්‍යාග ලෙස ලබා දීමට පෙර කල්පනාකාරී විය යුතුයි.
  2. එළවළු පැළ
    එළවළු පැළ ලෙස බොහෝ විට මිරිස්, මාලූ මිරිස්, තක්කාලි ආදී පැළ (කුඩා* සහිත බඳුනක් ත්‍යාග දීම සිදු කරයි.
  3. විසිතුරු මල් පැළ
    මෙහිදී විවිධ වර්ග වල, ප‍්‍රමාණයෙන් කුඩා පඳුරු ලෙස වැඩෙන විසිතුරු මල් පැළ, ක්‍රෝටන් වර්ග ආදිය ලබා දීම සිදු කරයි. මල් පිපෙන මල් පැළද මේ සඳහා භාවිතා කරයි.
  4. බාඳුරා පැළ
    නවතම ප‍්‍රවණතාවයක් වන්නේ කුඩා බාඳුරා පැළ බඳුන් ත්‍යාග ලෙස ලබා දීමයි. ප‍්‍රමාණයෙන් හුරුබුහුටි නමුත් මෙය මිලෙන් මදක් ඉහළ වේ.
  5. සකියුලන්ට් සහ කැක්ටස් වර්ග.
    මේ වන විට වඩාත්ම ප‍්‍රියතම ත්‍යාග වලින් එකක් වන්නේ කැක්ටස් සහ සකියුලන්ට් පැළ වර්ගයි. මෙය ත්‍යාග දීමට වඩා සුදුසු වන්නේ නිවස හෝ කාය–ාලය තුළ හෝ මේසයක් මත තිබීමේ හැකියාව සහ නඩත්තුව අවම වීම නිසායි. කැක්ටස්ද සකියුලන්ට් විශේෂයක් වන අතර කැක්ටස් වර්ග කටු සහිත වේ. කෝමාරිකා, හැවෝතියා , ජේඞ් , ඉක්වේරියා ආදී පැළ වර්ග සකියුලන්ට් ගණයට අයත් වනවා.

මේ ඕනෑම ආකාරයේ පැළයක් මංගලම් ත්‍යාගයක් ලෙස ලබා දිය හැකියි.

ඔබ ව්‍යාපාරයක් ලෙස මෙවැනි පැළ මංගල ත්‍යාග ලෙස ලබා දීම සිදු කිරීමට කැමති නම් එය ඉතාම අවම පිරිවැයකින් ආරම්භ කළ හැකි ඉතාම ලාභදායී ව්‍යාපාරයක් වනවා.
මූලිකවම පැළ ලබා ගැනීමට පැළ තවානක් නඩත්තු කිරීම අනවශ්‍ය වන අතර වෙළඳපොළේ මෙම පැළ වර්ග විකිණීමට ඇති ස්ථානයක් හා සම්බන්ධ වී ඔබගේ ව්‍යාපාරය ආරම්භ කළ හැකි වනවා.

එක් එක් පැළ වර්ග වල නඩත්තුව වෙනස් ආකාර ගන්නා අතර එ් පිළිබ්ඳව ඔබට අප ඉදිරියේදී දැනුම ලබා දීමට බලාපොරොත්තු වනවා.

මෙහි සාර්ථක භාවය සඳහා වැදගත්ම කරුණ නම් මෙම පැළ ඔබ පිළිගන්වන ආකාරයයි. ගෝණි, රෙදි , කඩදාසි මෙන්ම කොලපු ආධාරයෙන් ආවරණය වූ පැළ සහිත පෝච්චිද සිමෙන්ති , මැටි, ප්ලාස්ටික්, පෝසිලේන් ආඉයෙන් නිමි පෝච්චිද මේ පැළ තව දුරටත් අලංකරණය සඳහා භාවිතා කරනු ලබනවා.
මේ වන විට වෙළඳපොළේ විවිධ ඇසුරුමින් යුතුව පැළ කල එළි බහිනා අතර වඩාත් නිර්මාණශීලී ලෙස සාධාරණ මිලකට ඔබට මෙම ත්‍යාග ලබා දිය හැකි නම් ඔබටද මෙම වෙළඳපොලේ ඉතාමත් ඉහළ වටිනාකමක් හිමි වනු ඇත.

වැඩි විස්තර ඛසඩසබට ඍදදප ෘැජද ත්‍්ජැඉදදන ඡු්ටැ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *