මේ උත්සව සමයේ හදවතට මෙන්ම බුද්ධියටද ඉඩ දෙන්න .

මේ උත්සව සමයේ හදවතට මෙන්ම  බුද්ධියටද  ඉඩ දෙන්න .

දෙසැම්බර් ජනවාරි යනු ලංකාවට පමණක් නොව ලෝකයටම සතුට ප‍්‍රීතිය ගෙනෙන උත්සව බහුල කාලයකි .ලංකාවේ අපි නත්තල , නව අවරුදු උදාව ජාති ආගම බේදයකින් තොරව රටක් ලෙස සියල්ලෝම සැමරීම පුරුද්දක් කර ගෙන ඇත .
ගෙවල් නවීකරණය කිරීම , නව ගෘහ භාණ්ඩ මිලදී ගැනීම , රස කැවිලි අහාර පාන පිලියල කිරීම , ඇඳුම් ආයිත්තම් මිලදී ගැනීම , තෑගී බෝග ප‍්‍රධානය මේ උත්සව සමයේ ප‍්‍රධානතම අංගයන්ය .

මේ කාරනා සියල්ලෙහි වැඩි බර සහ වගකීම පැටවෙන්නේ නිවසේ කාන්තාවටය .උත්සව ප‍්‍රීතිය නිසි ආකාරව සැමරීම ,යුතුකම් ,වගකීම් , බැඳීම් මේ සියල්ල වෙනුවෙන් මේ සමයේ කාන්තාව වෙහෙසිය යුතුය .වැදගත්ම කාරනාව වන්නේ උත්සව සමයේ අය වැය ලේඛනය පිලියල කරගැනීමය .බොහෝ විට සිදුවන්නේ ඔහේ නිමක් තෙරක් නොමැතිව අතේ තියන අවසාන සතය දක්වාම ඔහේ වියදම් කරන කාන්තා අපි උත්සව සාමය අවසන් වන විට ජීවත් වීමට පවා මුදල් නැති වී , ණය බර අධික වී , ඔබ මානසිකව පීඩාවට පත් වී , පවුලේ සතුට නැති වී යාමය.

දින දෙක තුනක සතුට වෙනුවෙන් මාස කිහිපයක් ආර්ථිකව පීඩාවට පත් නොවී සකසුරුවම්ව ,උත්සව ප‍්‍රීතිය විඳ ගැනීම සුදුසම ක‍්‍රමයයි .
ඔබේ වටුප් අතිකාල , බෝනස් සියල්ලම සමගින් මේ මාසයේ අදායම ලේඛන ගත කරන්න
පාසල් ,මාසික බිල් , නිවාස සහ ගමනාගමන් වියදම් ඇතුළු අත්‍යවශ්‍ය වියදම් මුලින්ම වෙන් කරන්න .
මුලික වියදම් වලින් පසු ඉතිරිය අනුව පවුලේ අය සමග සාකච්චා කර මේ නත්තල ,සහ නව අවරුදු උදාව ඔබ සමරන අකාරය තීරණය කරන්න .

කැවිලි පෙවිලි , සහ අනෙකුත් අහාර පාන සඳහා වැය ලේඛනයක් සකස් කර , වෙළඳ පොලේ මිල අඩු ස්ථානයන්ගෙන් අවසාන මොහොත වන්නට පෙර වියලි කල්තාගත් හැකි අමුද්‍රව්‍ය කලින්ම මිලදී ගන්න (මෙමගින් මුදල් සහ කාලය දෙකම ඉත්රු කර ගත හැක*
තෑගී බෝග මිලදී ගැනීමේදී පුද්ගලගේ විශේෂත්වය අනුව ලේඛනයක් සකසා ගන්න .ඔහේ සිතු මනාපෙට තෑගී මිලදී ගැනීමෙන් ඉතා අත්‍යවශ්‍ය පුද්ගලයින් ඔබට මග හැරී යාමට පුළුවනි .
එ් එ් අය වෙනුවෙන් ඔබට වැයකල හැකි මුදල සහ ඔබ එ් අය වෙනුවෙන් මිලදී ගැනීමට අදහස් කරන දෑ එ් ඉදිරියෙන්ම ලියා ගන්න .නොවැලක්විය හැකි තත්වයකදී මිස එක එක අය වෙනුවෙන් වැය කිරීමට නියමිත මුදල අභිබවා නොයන්න . එ් මගින් ඔබගේ අය වැය ලේඛනය පාලනයකින් යුතුව පවත්වා ගත හැකිය .

උත්සව සමයේ ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමේදී අන් කවර දාටත් වඩා අප විමසිලිමත් විය යුතුය .මන්ද අන් සියල්ලෝම එක වර වෙළඳ පොළ වෙත ඇදී එ්මක් සිදු වන නිසා ඇතිවන තදබදය හේතුවෙන් අවශ්‍ය ලෙස තෝරාගැනීම් සිදු කල නොහැකි නිසා ,ඔබ රැවටීම් වලට අසු වීමට ඉඩ කඩ වැඩි නිසාය .
කාන්තාවන් බහුතරය රෙදි දුටු විට සිහි නැති වෙයි කියා පැරණි කතාවක් ඇත .එහි සත්‍යතාවයක් නැත්තේ නැත , අපේ ලියන් බොහොමයක් සේල් .සේල් යන අකුරු දෙක දුටුවිටම උන් හිටි තැන් අමතකව සේල් කඩවලට රිංගන අතර , කිසිදු මිල විමසීමක් නොකර , ඉතා ලොකු මිලක් සඳහන් කර බොරුවට ඉරකින් කපා වෙන මුදලක් ලියු සැනින් ඉතා ලැබ බව සිතා අතොරක් නැතුව මිල දී ගනියි .පසුව බලන විට එහි සාමාන්‍ය මිල සේල් මිලට වඩා බෙහෙවින් අඩුය .

කොතරම් ලාබෙට තිබුනත් ඔබට මේ මොහොතේ එ් භාණ්ඩය අත්‍යවශ්‍ය නැතිනම් එය මිලදී ගැනීමෙන් වැලකි සිටින්න. හැකිතාක් දුරට ඔබ පෙර සකසාගත් ලේඛනයට අනුව පමණක් මිලදීගැනීම් සිදු කරන්න .

සේවා දුටුවිට එ්වාට උපයෝගිතාවයක් ඇති වීම ස්වාභාවිකවම කාන්තා ලක්ෂණයකි .එ් නිසා හැකි සෑම විටම අය වැය ලේඛනයට අනුව වැඩ කිරීමෙන් ඔබ අවශ්‍ය නැති දේට වියදම් කිරීම සීමා වී අනවශ්‍ය වියදම් ඇති නොවේ .

පවුලක සතුට සැනසීම දින ගණනකට සීමා කල හැක්කක් නොවේ .උත්සව සමයේ පවුලේ සියල්ලන් , සහෝදර සහෝදරියන්,ඥාතීන් , මිතුරු මිතුරියන් පිරි වරා සිටියද උත්සව අහවර වීමත් සමගම සියල්ලෝම නැවත තම තමාට අවේනික ජීවිත රටාවට අනුගත විය යුතුයි.
මේ සමයේ අතොරක් නැතුව හිතු මනාපෙට වියදම් කර , උත්සව අහවර වනවිට ලෝකෙටම ණය වී තිබුනොත් , අවසානයේ සිදුවන්නේ අර සතුටින් ගත කල දින කිහිපයටද ඔබ හිතින් සාප කිරීම පමණි .

උත්සව සමයෙන් පසුවද පවුලේ ප‍්‍රීතිය , සාමය ආරක්ෂා කරවන අයුරින් අර්ථිකය මෙහෙයවීම කුටුම්බයේ වියදම් සම්බන්ධව වැඩි බර පැටවෙන කාන්තා ඔබ අතේ ඇති වගකීමකි .

උත්සව සමයේ හදවතේ සතුට ජීවිතේ පුරා පවත්වා ගැනීමට නම් කාන්තා ඔබ උත්සව සමයේ අය වැය ලේඛන සැකසීමේදී හදවතටමෙන්ම බුද්ධියටද ඉඩ දිය යුතු බව සිහි තබා ගන්න ..

සියලූම ලියන්ට සාමය සතුට සපිරි නත්තල් මංගල්‍යයක් සහ සුබ නව වසරක් වේවා !!!!

අනිශා ජයකොඩි

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *