ස්පොන්ච් කේක්.

ස්පොන්ච් කේක්.

අවශ්‍ය  ද්‍රව්‍ය

පාන් පිටි  ග්‍රෑම්  200

කෝන් පිටි ග්‍රෑම්  50 (කෝන්ෆ්ලා)

සීනි          ග්‍රැම්   225

බිත්තර  8  (  බිත්තරවල බර ග්‍රැම් 475)

තෙල්      මිලි ලීටර 30

කිරි      මිලි ලීටර     30

ලුණු    තේ හැඳි 1/4

වැනිල එසෙන්ස් තෙ හැඳි 1( හෝ  අවශ්‍ය  වෙනත් එසෙන්ස්වර්ගයක් )

සාදන ක්‍රමය

බිත්තර සුදු මද කහ මද වෙන් කරගන්න…

බිත්තර කාමර ඌෂ්ණතවයෙන් තිබීම අවශ්‍යයි.

සුදු මද හොදින් බීට් කරගන්න ,

මද වේගයෙන් බීට් කිරීම ආරම්භ කර ඊට සීනි  ටික ටික වරින් වර එකතු කරමින්  බීට් කරගන්න  විනාඩි 3කින්  4කින්  බීට් කිරීමේ වේගය වැඩි කරන්න.

( හිම වගේ වෙන තුරු) බීට්කරන්න.

බිත්තර සුදු මද  දමාගන්නා බාජනය ඉතා වියලිවිය යුතුයි ..(ගසා අවසන් වූ සුදුමදවල චායාරූපයක්   ඇත)

බිත්තර කහමද ටික ට  තෙල් සහ කිරි ටික දමා  බීට් කිරීම හෝ ව්සික් එකක් ආදාරයෙන් හෝ ගෑරුප්පුවක් ආදාරයෙන් හෝ හොදින් ගසාගන්න…

ඔබට පිටි එකතු කිරීම ක්‍රම දෙකකට අනුගමනය කළ  හැකිය.

1  ක්‍රමය 

බිත්තර සුදු මද බීට කළ අවසානයෙ  ඊට බිත්තර කහමද ,තෙල්,සහ කිරි ටික එකතු  කර  මදක් බීට් කිරීමෙන් පසුව

,ඊට  (පිටි+කෝන් පිටි +ලුණු   එකතු කර සකසා ගත්) පිටි මිස්‍රණය ටිකෙන් ටික එකතු කරමින් කළවම් කරන්න ,

මේ අවස්ථාවේදි බීට් කිරීම නවතා  පත්ත්කින් (ස්පැචුල) එකකින්  පිටි ටික හිමින් කළවම් කරන්න (කට් ඇන්ඩ් ෆෝල්ඩ් කරන්න )

02 වන ක්‍රමය

  බිත්තර කහ මද ,තෙල් සහ කිරි මිස්‍රණයට පිටි මිස්‍රණය  එකතු කර  ඊට  බීට කළ සුදු මද  වලින් ටිකක් ගෙන හොදින් කළවම් කර   එම මිස්‍රණය  

ඉතිරි සුදු  මද ටිකට හිමින් එකතු කරමින්   ස්පැචුල එකකින් කළවම් කිරීම ..

මේ කුමණ ක්‍රමයකින් කළවම් කරීම සිදුකළද  බිත්තර සුදු මද වල තියෙන  වාතය  රැකෙන පරිදි ම  බොහොම සීරුවට කළ යුතුය…

අප බලාපොරොත්තු වන ස්පොන්ච්  ගතියෙන්  යුතු  කේක් එක බේක කර ගත හැකි වන්නේ එවිටය…

පෙර සූදානම්  කිරීම ..

-තැටිය ට කොල එලා තැටිය සකසා ගන්න.

-අවන් එක 175° රත්වීමට තබන්න,

-පිටි,කෝන්පිටි ,ලුණුඑකට දමා හලාගෙන තබාගන්න..

-බිත්තර කහ මද  ,කිරි, තෙල්  එකට දමා විස්ක් එකකින් හෝ ගෑරුප්පුවකින් ගසා ගෙන මිස්‍ර කර  තබා ගන්න …

දැන ගැනීමට  කරුණු

බටර් කේක් සහ ස්පොන්ච් කේක් අතර ඇති වෙනස් කම්  වලින් ප්‍රධාන වෙනස්කම වන්නේ…

-මේ සඳහා බටර් හෝ මාගරින් යොදා නොගෙන තෙල් ස්වල්පයක් යොදා ගැනීමයි…

[තෙල් බාවිත නොකරම උවද ස්පොන්ච් කේක් එක පුලුස්සා ගත හැක.)

– මෙහි කිසිදු පිපුම් කාරකයක් අඩංගු වන්නෙ නැත ,බිත්තර සුදු මදය ආදාරයෙන්  කේක් එකෙට අවශ්‍ය  වතය සහිත හිඩැස් ලබාගන්නා නිසා එහි ඇති ස්පොන්ච් ගතිය රැක ගනී…සහ උරාගැනීමේ ශක්තිය වැඩී…

-නම්‍යශීලී ගතිය සහ උරාගැනීමේ ශක්තිය  වඩි නිසා වෙන්ත් අතුරුපස සඳහා  වඩාත් යෝග්‍ය වන්නේ ස්පොන්ච් කේක් එකකි..

එනම් අයිස්ක්‍රීම් සැන්විච් වර්ග

ගැටෝ වර්ග

ට්‍රිෆල් වර්ග

ලේයර් කේක් වරිග

ස්පොන්ච් රෝල් වර්ග

-සිරප් වර්ග වලින් පෙඟවීමේදි එම සිරප් හොදින් උරාගැනීමෙන් පසු කේක් එකට කිසිම හානියක් නොවී එහි හැඩය පහසුවෙන් හැසරවීම සිදුවන්නේ..

ස්පොන්ච් කේක් එකක් මගින් අදාල  කේක් හෝ අතුරුපස  සකසාගැනීමෙනි..

එබැවින්  ඔබ ස්පොන්ච් කේක් එකක් සකසා ගැනීමට දැන ගෙන සිටීමෙන්  බොහොමයක්  අතුරුපස වරග ඒ හරහා සාදා ගැනීමට හැකි වන වාසිය ඔබ සතු කරගත්තා වැනිය…

සැකසුම දිනේෂි අමරකෝන්

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *