ස්වභාවීක ආපදා හා කාන්තා දායකත්වය

ස්වභාවීක ආපදා හා කාන්තා දායකත්වය

පසුගිය සැප්තැම්බර් කලාපයෙන් අප කතා කරමින් සිටියේ ස්වභාවික ආපදා තත්ව වලදී  කාන්තාවන් මුහුණපාන අභියෝග හා ඒ සඳහා කාන්තාවන් බලගැන්වීම පිළිබඳවයී. ආපදා තත්වයකදී දැඩි අවදානමට ලක්විය හැකි කාන්තාවන්ට ආපදාවන්ට පෙර, ආපදා කාලය තුළදී සහ ආපදාවෙන් පසුව විවිධ අවශ්යතා පැන නගී. යම් සමාජයක ස්ත්රී පුරුෂ ප්රතිශතය එම ප්රජාවේ අවදානම් මට්ටම වගේම අවදානම දැරීමේ ධාරීතාවයද තීරණය කරයී. ආපදා කළමණාකරනයේදී කාන්තාවන් ඉතා විචික්ෂණශීලී මෙන්ම ක්රියාශීලී කණ්ඩායමක් වුවත් බොහෝ ආපදා අවස්ථාවලදී කාන්තාවන් අන්ත අසරණ පිරිසක් ලෙසට සළකනු ලබයී.  කෙසේ වුවත් ස්වභාවික ආපදාවකදී සමාජය හා එහි ව්යුහය දැඩි අවදානමකට ලක්වීමට බලපාන හේතු රාශියක් තිබේ.

•             සීමීත සම්පත් ප්රමාණයක් තිබීම

•             විවිධ සමාජීය දුර්වලතා හා විෂමතාවයන්

•             පරිසර දුෂණය හා එය ආරක්ෂා කරගැනීමේ නොහැකීයාව

•             ජාතික හා ප්රාදේශිය අයතනවල ව්යුහාත්මක දුර්වලතා

•             අධ්යාපන හා දැනුම සඳහා ප්රවේශය අවම වීම

•             බිම් මට්ටමේ දේශපාලන හැකීයාව දුර්වලවීම

•             නොයෙක් ඇදහිලි හා මිත්යා විශ්වාස

•             අවම හෝ ගුණාත්මකභාවයෙන් තොර යටිතල පහසුකම් හා ගොඩනැගිලි

•             මහජනතාව දැනුවත් කිරීමේ ඇති අක්රමිකතා

මේ අතරින් ප්රධාන වේ.

ආපදාවකදී කාන්තාවන් වැඩි වශයෙන් අවදානමකට ලක්වන්නේ ජෛව විද්යාත්මක හේතුන් මත යන්න බැහැර කළ නොහැකී කරුණක් වුවත් සමාජය තුළ මුල් බැස ගෙන ඇති දෙශපාලනික, සමාජීය හා සංස්කෘතික සාධකද ඊට වඩා දැඩි ලෙස බලපාන බව ඉහත කරුණුවලින් පෙන්නුම් කරයී. ආපදාවක විවිධ අවස්ථාවන් වලදී කාන්තාවන් අවදානමට ලක්වන තත්වයන්ද වෙනස් වේ. එනම් ආපදා අවස්ථාවකට පසු පියා අහිමි පවුලක නම් පවුලේ ආහාර සැපයුම අඩාල වන අතර සහන සේවා ප්රමාණවත් නොවුණහොත් ඒ වෙනුවෙන් මවට තනිවම වෙහෙස වීමට සිදුවේ. නමුත් මෙවැනි අවස්ථාවක ඉතා ඉක්මණින් ආදායම් මාර්ගයක් සදා ගැනීම කිසිසේත්ම පහසු නැත. එසේම සිය දෙමාපියන් අහිමී වු ගැහැණු දරුවන් පරිවාස භාරයට පත්වන අතර අවුරුදු 18 සම්පුර්ණ වූ විට තනිවම ජීවීතයට මුහුණ දීමට සිදුවේ. නියමිත මග පෙන්වීමක් හෝ ආරක්ෂාවක් නොමැති වු විට ඔවුන් දැඩි අවදානමකට ලක් වේ. මේවැනී කාරණා නිසා කාන්තාවන්ගේ ආපදා දැනුම වර්ධනය කිරීම, පෙර සුදානම හා සවිබල ගැන්වීම ඉතාමත් අත්යවශය කාරණාවන් වේ. එසේම ඉහත සඳහන් කල සමාජීය, දේශපාලනීක හා පාරිසරීක විෂමතාවයන් අවම කරගැනීමට කාන්තාවන් තුළින්ම කාන්තාව සවිබල ගැන්වීය යුතුය.

සමාජ විෂමතාවයන් නිසා කාන්තාවන් ස්වභාවික ආපදා තත්ව වලදී දැඩි අවදානමකට මුහුණ දුන්නද ආපදා තත්ව වලදි වැඩි ක්රියාකාරීත්වයක් හා දායකත්වයක් දක්වන්නේද කාන්තාවන් ය. සමාජීය වෙනසක් ඇතිකිරීම සඳහා ඉහළ දායකත්වයක් ලබාදෙන්නේ කාන්තාවන් බව ලෝකය පිළිගත් සම්මතයක් වන අතර ඔවුන්ගේ හැකීයාවන් සමාජ බලවේගයක් ලෙස යොදා ගනිමින් එය ඔවුන්ගේ ආරක්ෂාව හා ඔවුන්ගෙන් යැපෙන්නන්න්ගේ ආරක්ෂාව සඳහා මෙහෙයවීම ආපදා අවම කිරීමේ උපාය මාර්ගයක ප්රධාන කාර්යයකි. රාජකාරී නොවන මට්ටමින් ආපදා කළමණාකරනය සඳහා කාන්තාවන්ගේ දායකත්වය ලැබු අවස්ථා සඳහා උදාහරණ බොහෝ ඇත. නමුත් කාන්තා දායකත්වය තවමත් විධිමත් සැළසුම් සහ තීරණ ගැනීමේදී බැහැර කර ඇති අතර ඔවුන්ගේ දායකත්වය ඵලදායී ලෙස යොදා ගැනීමට බලය ලබා දිය යුතුය. මෙය ආපදා අවදානම් අවම කිරීමේ ප්රතිපත්ති සැකසීම හා ක්රියාවට නැංවීම සඳහා අත්යවශ්ය කාර්යයක් වේ. ආපදා සහන සැපයුම් ක්රියාවලීයෙදී නොයෙක් අකටයුතුකම් හා වංචා ලොව පුරා වාර්තාවන අතර මින් වඩාත් අසරණ වන්නේද ආපදාවකින් අගතියට පත් පාර්ශවයී. එම නිසා තම ප්රජාව අතර ආහාර බෙදා හැරීමේ ක්රම, නවාතැන් සැපයීම හා පවුල් හා ළමා රැකවරණය යන ක්රීයාවලීන් සඳහා බිම් මට්ටමෙන් කාන්තාවන් නිසි පුහුණුවකට ලක් කර ඒ සඳහා අවස්ථාව ලබා දිය යුතුය. සාමාන්යයෙන් ආපදා තත්ව වලදී කාන්තාවන් විසීන් ආහාර සැපයීම, තාවකාලීක නවාතැන්, සම්පත් හා ශ්රමය රැස් කිරීම සඳහා සංවීධානගතවීම ඔවුන් විසීන්ම සිදුකරගත්තද එම දායකත්වය ජාතික හෝ ගෝලීය මට්ටමින් හඳුනාගෙන නැත. එසේම ඔවුන් තුළ ආපදාවකට සුදානම්වීමේ සිට ඊට ප්රතිචාර දැක්වීම දක්වා සහජයෙන් ලැබේනා දැනූම ආපදා කළමණාකරනයේදී භාවීතා කල යුතුය.

ස්වාභාවික ආපදාවකින් පසු සහන කටයුතු, නැවත පදිංචි කිරීම සහ ප්රතිසංස්කරණ කටයුතු සඳහා  කාන්තා කණ්ඩායම් සහභාගී කරගැනීමෙන් එම කටයුතු කෙරෙහි ඔවුන්ගේ විශේෂඥ දැනූම වැඩිවන අතර එවැනි අනාගත අර්බුදවලදි එම දැනුම හානීය අවම කිරීම සඳහා ඉතා ප්රයෝජනවත්වේ. මේ දැනුම ප්රජාව තුළ හුවමාරු කරගනිමින් ආපදාවක් සඳහා පෙර සුදානම් වීම වගේම ආපදා තත්වයකට මුහුණ දිය යුතු ආකාරය ඔවුන් තුළින්ම ගොඩ නැඟේ. ආපදාවෙන් අගතියට පත් කාන්තාවන් හා ආපදා කළමණාකරන අත්දැකීම් ලද කාන්තාවන්ට එක්ව වැඩ කිරීමට ඉඩ සැලසීමෙන් දැනුම හුවමාරු කර ගැනීම පමණක් නොව වටිනා කාලය ඉතිරි කරගැනීමත්, සිදුවිය හැකි අතපසුවීම වළක්වාගැනීමටත් හැකීවේ. මේ සියල්ලන්ම කියවෙන්නේ ආපදා සඳහා කන්තාවන් පෙර සුදානම් කළ යුතු බවත් එය බිම් මට්ටමින් සංවිධානගතව බිම් මට්ටමේම කාන්තාව තුළින්ම බිහි කළ යුතු බවත් ය. මේ හරහා ස්වභාවික ආපදා තත්ව වලදී කාන්තාවන් දැඩි අවධානමකට ලක්වීම අවම කරගත හැකි වනු ඇත.

ආචාර්යය කල්පනා අඹේපිටිය

ශ්රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *