සැමියාගේ දියුණුවට අත හිත දෙන්න (ලිපි පෙළේ නව වැන්න) Dorothy Carnagie ගේ How to help your husband Get Ahead ඇසුරෙනි.

සැමියාගේ දියුණුවට අත හිත දෙන්න  (ලිපි පෙළේ නව වැන්න) Dorothy Carnagie ගේ How to help your husband Get Ahead  ඇසුරෙනි.
  1. අතිකාල වැඩ
    එ් ගැන කළයුත්තේ කුමක් ද?
    ඔබේ සැමියා අතිකාල වැඩෙහි නියැලීම ගැන ඔබ ප‍්‍රතිචාර දක්වන්නේ කෙසේ ද?
    මෑතකදී අපේ මිතුරෙකු අප බැහැ දකින්නට පැමිණියේ ය. ඔහු කනස්සලට හා වෙහෙසට පත්ව සිටින බවක් පෙනිණි.
    ”මට තේරෙන්නෙ නෑ, මොනව කරන්නද කියලා,” ඔහු අපට පැවසුවේ ය. ”මම මාස හයක් තිස්සේ මහන්සි වෙන්නේ අපේ ව්‍යාපාරයේ තව ශාඛාවක් විවෘත කරන්න. ඉතින් හැමදාම ගෙදර එනකොට පරක්කු වෙනවා. මේ අමාරු වැඩ කොටස ඉවර කර ගත්තාම මට වෙනදා වෙලාවට වැඩ කරන්න පුළුවන්. එ් වුණාට සොනාලි, මම වෙලාවට ගෙදර එන්නේ නැති එක ගැනයි ගමන් බිමන් යන්න එන්නේ නැති එක ගැනයි තරහෙන් ඉන්නේ. මේ මම වෙහෙසෙන්නේ අපේ යහපතට කියන එක එයා කොහොමටවත් තේරුම් ගන්නේ නැහැ. මට එයා ගැන කණගාටුයි. මට හිත එකඟ කරගෙන වැඩ කරන්නත් බෑ, මේක නිසා.”
    එ් අසරණයාට බර මලූ දෙකක් කර තබාගෙන යන්නට සිදුව තිබේ. ඔහු වෙහෙසට පත්ව සිටීම පුදුමයක් නොවේ.
    මෙහි දී මට සිහි වූයේ මගේ සැමියා ඔහුගේ වාර්තාවක් නිම කිරීමට වෙහෙස වූ කාලය යි. අප දෙදෙනාගෙන් වැඩියෙන් විඳවූයේ කවුදැයි මට සිතා ගත නොහැක. ඔහු නිවසේ සිට වැඩ කළත් මා ඔහු දුටුවේ කලාතුරකිනි. ඔහු කාර්යාල කාමරයේ දොර වසාගෙන පරිගණකයේ යතුරු පුවරුවට අනිමින් මහ ? වනතුරු වැඩ කළේ ය. මෙය හැම දිනක ම සිදු විය. මේ කාලයේ අපට කිසිදු සමාජ ආශ‍්‍රයක් නොවී ය. ඔහුට වාර්තාව ලබා දීමට අවසන් දිනයක් නියම කර තිබූ බැවින් අපට මිතුරන් හා ගෙවන්නට කාලයක් හෝ විනෝද ගමනක් යන්නට කාලයක් නොතිබුණි.
    එ් කාලය මට හුදකලා සමයක් විය. ඔහුට එම කාර්යය කොතරම් වැදගත් වූවත් මට එය දැනුනේ පීඩාවක් ලෙස ය. ඔහු මා හා කතා කළේ තේ කෝප්පයක්, සරල ආහාරයක් ඕනෑ වූ විට පමණකි.
    අප එ් කාල පරිච්චේදයනට හැඩ ගැසිය යුත්තේ කෙසේ ද?
    ඔහු වෙනුවෙන් ඔබ විසින් ඉටු කළ යුතු භූමිකාවන් රැසකි. ඔබ ඔහුට හෙදියක, රැකවලෙකු, දිරි දෙන්නියක විය යුතු ය.
    1.ඔහුගේ අධික කාර්ය බහුලතාවයට සරිලන ලෙස ඔහුට ආහාර ලබා දෙන්න.
    ඔහුට බර ආහාර ලබා දෙන්න එපා. පෝෂ්‍යජනක, විටමින් බහුල සරල ආහාර තෝරාගන්න. වෙහෙස වී නිවසට එන ඔහුට සරල ආහාරයකින් සංග‍්‍රහ කරන්න.
    2.වෙනදා කාලය ගතකළ ආකාරය ගැන සිතමින් කණගාටු නොවී ඔබට තනිව කාලය ගත කළ හැකි කාර්යයන් සොයා ගන්න. වෙලාවක් නොමැති වීම නිසා ඔබට මෙතෙක් කරන්නට නොහැකි වූ යම් දේවල නිරත වන්න. ප‍්‍රදර්ශන නැරඹීමට යාම, පොත් කියවීම වැන්නක් හෝ චිත‍්‍ර ඇඳීම, මැසීම ආදී යම් දෙයක් ඉගෙනගැනීම ඔබට කළ හැකි යි.
    3.ඔබ පත් වී සිටින තත්වය ගැන පවුලේ මිතුරන් දැනුවත් කරන්න. ඔබ ඔහු පසුපසින් සිට ඔහුට දිරි දෙමින් සතුටින් සිටින බව ඔවුන්ට පෙන්වන්න. ඔහුගේ කාර්ය බහුලතාවය හා ඔබව නොතකා සිටීම ගැන ඔවුන් සමග මැසිවිලි නගන්නට එපා.
    4.ඔබ ගේ සහාය ඔහුට නිරතුරුව ලැබෙන බව සැමියාට හඟවන්න. එය ඔහුට විශාල ශක්තියක් වනවාට කිසිදු සැකයක් නැත.
    5.මෙය තාවකාලික තත්ත්වයක් බව ඔබට ම නිතර මතක් කර දෙන්න. එම කාර්යය නිම වූ පසු ඔහු සමග දිගු විනෝද ගමනක යෙදෙන්න. එය සැලසුම් කරන්න. එය ඔබට ප‍්‍රීතිය ගෙන දෙන කටයුත්තක් වනු නිසැක ය. මානෙල් විජිතා ප‍්‍රනාන්දු
Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *