ඩක්වත් ලුවිස් ක්‍රමයේ නිර්මාතෘ දෙපල ෆ්‍රෑන්ක් ඩක්වර්ත් සහ ටෝනි ලුවිස්ගෙන් ටෝනි ලුවිස් මිය යයි

ඩක්වත් ලුවිස් ක්‍රමයේ නිර්මාතෘ දෙපල ෆ්‍රෑන්ක් ඩක්වර්ත් සහ ටෝනි ලුවිස්ගෙන් ටෝනි ලුවිස් මිය යයි

කාලගුණික විපර්යාස සහිත සීමිත ඕවර තරග නිරාකරණය කිරීම සඳහා ඩක්වර්ත් ලුවිස් ක්‍රමය ලෙස හැදින්වූ ගණිතමය ක්‍රමය හඳුන්වා දුන් ෆ්‍රෑන්ක් ඩක්වර්ත් සහ ටෝනි ලුවිස් යන දෙපල අතරින් ටෝනි ලුවින් පසුගිය අප්‍රේල් මස 02 දා අවුරුදු 78 ක සිය දිවි සැරිය නිමා කර තිබෙනවා.

ටෝනි ලුවිස් සහ ඔහුගේ සගයෙකු වන ෆ්‍රෑන්ක් ඩක්වර්ත් එක්ව 1992 ලෝක කුසලානයේදී භාවිතා කළ ගණිත ක්‍රමය යම් මතබේදයන්ට තුඩු දුන් බැවින් එම ක්‍රමයට වඩා එවැනි ක්‍රීඩා නිරාකරණය කිරීමේ වඩාත් හොඳ ක්‍රමයක් බිහි කළහ.

ඔවුන්ගේ නව ක්‍රමය ප්‍රථම වරට 1997 දී සිම්බාබ්වේ එදිරිව එංගලන්ත ක්‍රීඩාවක් සඳහා භාවිතා වුණු අතර 1999 දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිල වශයෙන් සම්මත කරන ලදී.

ඩක්වර්ත් ලුවිස් ගණිතමය සූත්‍ර හරහා පිතිකරණ කණ්ඩායමේ ඉතිරි සම්පත් – අතේ කඩුලු සහ අතේ ඇති ඕවර මත පදනම්ව ඉලක්ක ගණනය කරයි.

2014 දී ඕස්ට්‍රේලියානු මහාචාර්ය ස්ටීවන් ස්ටර්න් ඩක්වර්ත් සහ ලුවිස්ගේ විශ්‍රාම ගැන්වීම් මත පද්ධතියේ භාරකරු බවට පත් වූ අතර එය දැන් ඩක්වර්ත් ලුවිස්-ස්ටර්න් (ඩීඑල්එස්) ක්‍රමය ලෙස හැඳින්වේ.

එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ටෝනි සහ ෆ්‍රෑන්ක් ක්‍රීඩාවට දැක්වූ දායකත්වයට ක්‍රිකට් ක්‍රීඩාව බෙහෙවින් ණයගැති බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *