ලෝකයේ එදා මෙදා තුර ලස්සනම කාන්තාවන් 10 දෙනා ගැන ඔබ දන්නවාද?

ලෝකයේ එදා මෙදා තුර ලස්සනම කාන්තාවන් 10 දෙනා ගැන ඔබ දන්නවාද?

10. මොනිකා බෙලුචි (Monica Bellucci )
ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ රඟ පෑ ඉතාලි ජාතික නිලියක් සහ නිරූපිකාවක් වන ඇය 1964 වසරේ උපත ලද්දියක්.

9. රීටා හේවර්ත් (Rita Hayworth)
ඇමරිකානු නිළියක්, නර්තන ශිල්පිණියක් සහ නිරූපිකාවක් වන ඇය වසර 37ක් සිනමා කර්මාන්තයේ යෙදී සිටියේ චිත්‍රපට 61 ට දායකත්වය දෙමින්. 1918 උපත ලැබූ ඇය 1987 මිය ගියා.

8. මිශෙල් ෆයිෆර් (Michelle Pfeiffer)
ඇකඩමි සම්මාන තුනක් සඳහා නිර්දේශ වුණ ඇය 1983 ස්කාර්ෆේස් චිත්‍රපටයෙන් සිනමාවට පිවිස 1992 වසරේ බැට්මෑන් රිටර්න්ස් හි කැට්වුමන් චරිතයට පණ පොවනු ලැබුවා. ඇය 1958 වසරේ උපත ලද්දියක්

7. සොෆියා ලොරේන් (Sophia Loren )
කෙදිනකවත් සිතින් නොමැකෙන මුහුණක් හිමි සොෆියා ග්‍රැමී සම්මානයෙන්, ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන පහකින්, බැෆ්ටා සම්මානයකින් සහ ඇකඩමි සම්මානයෙන් පිදුම් ලද්දියක්. ඇය 1934 වසරේ උපත ලද්දියක්

6. එළිසබෙත් ටේලර් (Elizabeth Taylor)
අට වතාවක් විවාහ දිවියට එළබි එළිසබෙත් ටේලර් බොහෝ දෙනාගේ මතකයේ තිබුණේ ඇගේ කාන්තිමත් නිල් පැහැ නෙත් සඟල නිසායි විටින් විට විවිධ රෝගාභාධයන්ගෙන් පීඩා විඳි ඇය 2011 වසරේ සිය නෙත් සදහටම පියාගත්තා.

5. රැකල් වෙල්ච් (Raquel Welch)
1940 වසරේ උපත ලැබූ ඇය ඇමරිකාවේ උපත ලැබූ නිළියක් සහ ගායිකාවක්. වයස අවුරුදු 20 වන විටම ෆොක්ස් සමාඟම හා ගිවිසුමකට එළඹීම ඇයගේ ප්‍රසිද්ධිය වඩාත් වැඩි කිරීමට හේතු වුණා.

4. චාර්ලිස් තරෝන් (Charlize Theron)
1975 වසරේ දකුණු අප්‍රිකාවේ උපත ලැබූ ඇය සියලුම පරාසයන්හි චරිත වලට පණ පෙවීමේ හැකියාව ඇති සැබෑ දක්ෂ නිලියක්.

3. ඕඩ්‍රි හෙප්බර්න් (Audrey Hepburn)
බ්‍රිතාන්‍ය ජාතික නිළියක් වූ ඇය 1929 වසරේ ඉපිද 1993 වසර වන විට ලොවෙන් සමුගත්තේ නොමැකෙන මතක සටහන් රාශියක් ඉතිරි කරමින්.

2. මැරිලින් මොන්රෝ (Marilyn Monro)
ලිංගිකත්වයේ සංඛේතයක් ලෙස හඳුන්වනු ලබන මැරිලින් 1926 වසරේ උපත ලබා 1962 වසරේ ලොවෙන් සමු ගත්තා. ඇමරිකානු ජාතීක නිළියක් සහ ගායිකාවක් වූ ඇය මිය යන විට වටිනාකම ඩොලර් මිලියන 200ක් වුණා.

1. ග්‍රේස් කෙලී (Grace Kelly)
ඇමරිකානු නිළියක් වූ ග්‍රේස් පැට්‍රීශියා කෙලී 1929 නොවැම්බර් මස 12 වෙනි දින උපත ලබා 1982 සැප්තැම්බර් මස 14 මිය ගියා. මිය යන විට ඇය මොනාකෝ රාජ්‍යයේ එක් කුමරෙකු හා විවාහා වී මොනාකෝහි කුමරිය ලෙස ප්‍රසිද්ධව සිටියා.
Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *