අවමවාදී පවුලක සතුට

අවමවාදී පවුලක සතුට


අවමවාදීන් ලෙස පවුලක් විදියට ජීවත් වීමේදී සුදු පැහැති නිවසක් අවශ්‍ය යැයි කියන්නෙ නෑ ..
ඒ කියන්නෙ බඩු මොකුත් නැතුව යන්තම් වතුර බොන්න එක කෝප්පයයි..ගෙදර වාඩි වෙන්න පුටුවයි තියෙන්න ඕන වගේ අදහස් ගන්න ඕන නැහැ.

ඔබේ ආර්ථිකය ආදිය එක්ක භෞතික දේවල් වල ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන් .
ඒක ගැටළුවක් නෑ .

නමුත් පවුලක් විදියට ප්‍රමාණයට වඩා ගුණාත්මකභාවයට මෙහිදී මුල්තැන දීමයි සිදු කරන්නේ…

පවුලක් විදියට මෙය ක්‍රියාත්මක කරන්න බෑ කියලා කෙනෙක් කීවොත් ,
ඒක නිවැරදි නැහැ.
ඇත්තටම දරුවන් ඉන්න පවුලක් කියන්නේ මිනිමලිස්ම් කන්සෙප්ට් එක ක්‍රියාත්මක කරන්න සුදුසුම පවුලක්.
ඒ වගේම තනි පුද්ගලයෙකුට වුණත් මේ ක්‍රමය ඉතාම සුදුසුයි .

ආර්ථික වශයෙන් ගත්තත් දරුවන් ඇතුලු පවුලක අවශ්‍යතා වෙනුවෙන් උපයන මුදල එක්ක සතුටින් ඉන්න ලැබෙන්නේ අවමවාදී මිනිසුන්ට.

ඒකට හේතුව තමයි ණය බර අඩු කරගෙන,
ජීවිතේ ප්‍රමුඛතා වලට ඉඩ දීලා ඔලුවටත් බරක් නැතුව නිරවුල් මනසකින් ජීවත් වෙන්න පුළුවන් වෙන එක.
අවශ්‍යතා අවම වෙනකොට ඔලුවට දැනෙන පීඩනය අවම වෙනවා වගේම සතුට නිතැතින්ම ලඟාවෙනවා.

ළඟ තියෙන භෞතික සම්පත් එක්ක සතුටින් ජීවත් වෙන්න පුළුවන් විදිය ගැන දරුවන් ද කුඩා කාලේ පටන්ම ඉගෙන ගන්නවා.

පවුලක් විදියට අවමවාදීන් වෙන්න පවුලේ සාමාජිකයන් සියල්ලටම මනා ලෙස පුහුණු කරන ලද සංයමයක් අවශ්‍යයි.

ආධ්‍යාත්මික සුවදායිතාවය සඳහා කාගේත් ආගමෙන් මීට මනා රුකුලක් ලැබෙනවා .
ඔබේ ආගම කුමක් වුණත් එහි ඇති ධර්මය සත්‍යයක්.
හැම ආගමකම කියා දෙන්නේ සත්‍යය.

අපි වගේම අපේ දරුවන් කුඩා කාලෙ ඉඳන්ම ආගමට දහමට යොමු කිරීම තමයි මෙතනදි ඔවුන්ගෙ මනස හදන්න පුළුවන් පහසුම ක්‍රමය.

මම බෞද්ධයෙක් විදියට මගේ දරුවන් එක්ක පන්සිල් සමාදන්වීම,
පිරිත් සච්ඡායනා කිරීම, භාවනා කිරීමට හුරු කිරීම,
ඒවායේ ආනිශංස කියාදෙමින් මනස ශක්තිමත් කිරීමට දිනපතාම උත්සහ ගන්නවා.
පසුගිය වසරේ හදිසි බෝම්බ පිපිරීම් කාලයේ වගේම වසංගත වගේ රෝග තත්ව පැතීරීයන මේ කාලයේදීත් ඒ දේවල් වලින් ලොකූ සැනසීමක් වගේම වටිනාකමක් තියෙන බව මම අත්දැකීමෙන් දන්නවා .

අවමවාදය කියන්නේ අපූරු ගමනක්.! ගමනාන්තයක් නෙවේ.
ඒ ගමන ආරම්භ කිරීමයි වැදගත් වෙන්නේ…..

රොනිති සර්ධාතිලක

FEB 9, 2

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *