අසරණ සරණ දූතිකාව තෙරේසා මවුතුමිය..

අසරණ සරණ දූතිකාව තෙරේසා මවුතුමිය..

එක්දහස් නවසිය හතළිස් අටේ සිට ඉන්දියාවේ ජීවිතය ගත කළ  ශුද්ධ වූ තෙරේසා මවුතුමිය ලෙස විරුදාවලිය ලත් ඇල්බේනියානු සම්භවයක් තිබූ තෙරේසා මවුතුමිය ( 1910 අගෝස්තු 26 – 1997 සැප්තැම්බර් 5 ) රෝමානු කතෝලික ආගමික පූජකවරියක් සහ ධර්ම ධාරියෙක් ද වූවාය  .

ඇය විසින් අසරණ සරණ ධර්ම ධාරිහු  නමින් රෝමානු කතෝලික ආගමික සම්භවයක් පිහිටවා එය 2012 වන විට ක්‍රියාකාරී රටවල් එකසිය තිස් තුනක් අතර සාමාජිකාවන් හාරදාස් පන්සීයකට වඩා වූ ආගමික පූජකවරියන් ප්‍රමාණයක් දක්වා ව්‍යාප්ත කළා ය . ඔවුන් සියලු දෙනා අසරණ අය ( HIV / AIDS)  ආසාදිතයින් සහ ලාඳුරු, ක්ෂය රෝගයෙන් වැලඳී සිටින පුද්ගලයින් වෙනුවෙන් ගෙවල් සහ රෝහල් වල ඇවිදිමින් දුප්පතුන්ට ආහාර සපයන ස්ථාන බෙහෙත් ශාලා සහ ජංගම සායන ළමා හා පවුල් උපදේශන වැඩසටහන් ළමා නිවාස පාසල් වලට ද මහඟු සේවයක් ඉටු කරන ලදී. එසේම තම කණ්ඩායමේ සාමාජිකයින්ගේ පිරිසිදු බව රැක ගැනීම රැක ගැනීම දිළිඳුකම, කීකරු බව සහ හතරවන පොරොන්දු ව වන  ” දුප්පතුන්ගේත් දුප්පතුන් වෙනුවෙන් ඔවුන්ගේ ස්වේච්ඡා  සේවයන් කිරීමට කැප වීමයි .

තෙරේසා මවුතුමිය 1979 නොබෙල් සාම ත්‍යාගය ඇතුළු අනේකවිධ ගරු බුහුමන් ලබන්නට සමත් වූවාය . 2003 වර්ෂයේ අග වන විට එම කාලයේදි ඇය භාග්‍යවන්ත තනතුරට උසස් කරන ලැබූ අතර පසුව කතෝලික පල්ලියේ භාග්‍යවන්ත තෙරේසා මවුතුමිය ලෙසින් හැඳින්වීම ද ආශ්චර්යමත් සිදුවීමක් විය .

ජීවත්ව සිටින කාලයේ සහ මරණයෙන් පසු ද පසු ද මතභේදයට තුඩු දුන් කරුණ වන්නේ ඇයගේ විශාල ධර්ම දූත මෙහෙවරය . ගබ්සාවට සහ උපත් පාලන ක්‍රම අනුගමනය  කිරීමට විරුද්ධව නැගී සිටීම ඇය මහත් වශයෙන් විවේචනයට ලක් වූ කරුණකි .

1910 අගෝස්තු 26 වෙනිදා ඇන්ජීන් හෙවත් රෝස පොහොට්ටුව සහ කුඩා මල නමින් උපත ලැබුවාය. නමුත් ඇගේ සත්‍ය උපන් දිනය ලෙස බෞතිස්ම කළ දිනය වන්නේ අගෝස්තු 27 වෙනිදාය. උපන් දේශය වූයේ දැන් මැක්ඩොනියා ජන රජයේ අග නුවර නම් වූ ස්කොජියාවයි.

නිකොල් බොජක්ෂු සහ ඩිරැනෆිල්  බොජක්ෂු යන දෙපලගේ බාල දරුවා වූ අතර 1999 albion දේශපාලනයේ නිරත වූ ඇගේ පියා මිය යන විටත් කුඩා අවධියේ  පසුවූ ඇය අට හැවිරිදි වියේය. සිය ස්වාමියාගේ අභාවයෙන් පසු ඇගේ මව විසින් ඇය රෝමානු කතෝලික ලෙස හදාවඩා ගත් අතර බොජක්ෂු වු පියා කොසෝවෝ හි ප්‍රිසරන් වැසියෙකි. මව කොසොවෝ හි ඩකොවිකා ගමේ වුවාය. වයස 18 දි සිය නිවස අතහැර යන ඇය ලොරොටෝ සහෝදරියන් සමඟ ධර්ම දූත මෙහෙවරට සම්බන්ධ වූවාය .ඊට පසු නැවතත් තමන්ගේ මව සහ සහෝදරිය කිසිදිනක  බැහැ දකින්නට නැත.

පසුව ලොරෝටෝ කන්‍යා සොහොයුරියන් විසින් ඉන්දියානු පාසල් දරුවන් ට  ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට අයර්ලන්තයට ගිය අතර 1929 දී ඉන්දියාවේ හිමාලය කඳු අසල වූ දාර්ජිලින්ග් හී බෙංගාලි භාෂාව ඉගෙන ගත් ඇය ඇයගේ සාමනේර ජීවිතය ආරම්භ කළාය. 1931 මැයි 24 ප්‍රථම කන්‍යා සොයුරියක ලෙසින් ආගමික ප්‍රතිඥාව දුන්නා ය .1948 චාම් කපු සාරියකින් සැරසුණු හෙතෙම දුප්පතුන් වෙනුවෙන් සිය මෙහෙවර ආරම්භ කළා ය . 1949 ආරම්භ වන විට තරුණ කාන්තාවන් ගේ කණ්ඩායමක් සහ නව ආගමික සමාජයක් ඕ තොමෝ නිර්මාණය කරමින් රෝගීන් සඳහා අරමුදලක් ද පටන් ගත්තා ය  .

මේ සියලු කාරනා හේතු පාදක වෙද්දී ඉන්දියානු බලධාරීන්ගේ දැඩි  අවධානයෙන් පසු ඉන්දීය අගමැතිවරයාද ඇයට ස්වකීය ස්තූතිය පළ කරන ලදී .

ඇය සටහන් තැබූ පොත්වලට අනුව ජීවිතයේ මුල් අවධිය දුෂ්කර කාලයක් විය.

1950 ඔක්තෝබර් 4 වන දින වතිකානුවෙන් ඇයට ලැබුණු වරප්‍රසාද මත අසරණයන් වෙනුවෙන් විශේෂ වැඩ පිළිවෙලක් ආරම්භ කළාය .එහි අර්ථය වූයේ ,

”  බඩගින්නෙ පෙළෙන්නන් , සෙවණක් නැති, ගතට වස්ත්‍රයක් නැති, අංගවිකල, අඳ , බිහිරි  , සමාජය විසින් නොසලකා හරිනු ලැබූ පුද්ගලයින් සහ ආදරයක් පිළිසරණක් නැති සමාජයට බරක් වූ පුද්ගලයින් සොයා ඔවුනට පිහිට වීම ය .

1955 ඒ අනාථ දරුවන් සඳහා නිවසක් “නිර්මල සිසු භාවනා”  නමින් ඇරඹීය  1960 වන විට අනාත නිවාස, ගිලන් නිවාස ඉන්දියාව පුරා විකසනය විය .

එක්දහස් නවසිය හැට පහේ ඉන්දියාවේ මුල් ම ධර්ම ආයතනය කන්‍යා සොයුරියන් පස් දෙනෙකුගෙන් වෙනිසියුලාවේ ආරම්භ කෙරුණි .

1970 වන විට ආසියාව, අප්‍රිකාව, යුරෝප් සහ එක්සත් රාජධානිය වැනි රටවල් 12ක් දක්වා ව්‍යාප්ත කෙරිණ .

1980 ක කාලයේ පූජ්‍ය පක්ෂය සඳහා සහන සංවිධාන ආරම්භ කළා ය .

මෙලෙසින් ඇය කළ මෙවර පුරා අවුරුදු ගණනක් අතර බද්ධ වෙමින් යන විට වර්ෂ 1983 රෝමයේ දී දෙවන ජෝන් පාවුළු පාප් වහන්සේ බැහැ දකින්නට ගොස් සිටියදී හදිස්සියේ හෘදයාබාධයකට ලක් වූවා ය .ඇයට කෘතිම ස්වසනය ලබා දී තිබියදී 1991 නියුමෝනියා රෝගය වැලඳුණි . අපි නැවත හෘදයාබාධ ය  උත්සන්න විය . 1996 අප්‍රියෙල් මස සිදු වූ වැටීමකින් උරහිස් ඇටය බිඳී අගෝස්තු මස මැලේරියා රෝගයෙන් පීඩා වින්දාය .ක්‍රියාකාරී ගත මෙසේ අඩපණ වෙමින් යද්දී 1977 දී මිෂනාරි සංගමයේ ප්‍රධාන තනතුරින් ඉවත් වූ අතර 1997 සැප්තැම්බර් 5 වන දින ඇය සදහටම සමුගත්තා ය .ඇය ලෝකයේ සාමයයි .

වාසනා බාලසූරිය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *