ඇය නමින් ගැහැණිය……….

ඇය නමින් ගැහැණිය……….

පසුගිය කලාපයේ ලිපියෙන් අපි ගැහැණියක් විදිහට අපි අපිව සමාජගත කළ යුතු ආකාරය ගැනත් සමාජයීය වශයෙන් වටිනාකමක් ගොඩනැගෙන ආකාරයට අපි විසින් අපිට අගයක් ලබාදිය යුත්තේ ඇයි කියන ඉසව්ව ඔස්සේත් කතාබහ කළා ඔබට මතක ඇති.මේ කලාපයේ ලිපියෙනුත් අපි ඔබට ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු ගෙන එන්න හිතුවා. මෙතැනදි මං හිතුවා ඔබ ඔබව ඒ තරම් තැකීමක් නොකර අතහැර දමන අවස්ථා කීපයක් ඒ සදහා ආදේශක කර ගන්න.ඇත්තටම අධිකව කාර්‍යබහුල වීමත් එක්ක ඔබට ඔබව බොහෝවිට අතපසු වෙනවා.පවුල් ජීවිතේ ,ගෙදර වැඩ,ආයතනිකමය වැඩ රාජකාරි වගේ මෙකී නොකී හැම අවස්ථාවකදිම වගේ මේ තත්වය දැකගන්න පුලුවන්.මෙතැනදි හරිම වැදගත් වෙනවා ඔබේ පිළිවෙළ හා පිරිසිදුකම.ඔබ ඔබව ලස්සනට නඩත්තු කර ගැනීම.පවුල් ප්‍රශ්න බොහෝමයක් ඇතිවීමට වගේම සමාජීය වශයෙන් ඔබේ වටිනාකම රදා පවත්වා ගැනීමට ඔබ මේ සම්බන්ධයෙන් බොහෝ සැළකිලිමත් විය යුතු වෙනවා.ලස්සනට ඉන්නවා කියලා කියන්නෙ මිල අධික ආලේපන,ඇදුම් ආයිත්තම් පිරිවරා ගැනීමවත් නෙමෙයි.බාහිරව ඔබට ඔබව සුන්දර වෙන විදිහට එදිනෙදා ජීවිතයේ ඉඩක් වෙනකරවා ගැනීමයි.මේ සදහා ඔබට අවශ්‍ය යම්කිසි ඉඩ වේලාවක් විතරයි.හුගක් වෙලාවට අපිට සුලභව දකින්න ලැබෙන දෙයක් තමයි හුගක් කාන්තාවන් විවාහවෙලා දරුවන් ලැබුවාට පස්සෙ තමන්ගෙ ශරීර සෞඛ්‍ය ගැන හිතන්නැතිව අතහැරදානවා.දවස තිස්සෙ වැඩ කරලා ගෙදර යුද්ධයඅවසානෙ ඔබට ඔබ ගැන හිතන්න වෙලාවක් කොහෙද ඔබ හිතනවා ඇති නමුත් එහෙම නෑ.පුංචි පුංචි වෙනස්කම් කීපයක් එක්ක වෙනස් වුණොත් ඔබට පුලුවන් ඒ දේ පැහැදිලිවම අත්දකින්න.හරි විදිහට කොන්ඩය පීරගෙන ගැට ගහගෙන වැඩකරන්න,එකම ඇදුම ඇදගෙන දවස තිස්සෙම වැඩපල කරනවට වඩා රාත්‍රි ඇදුමට රාත්‍රියෙන් පස්සෙ සමුදෙන්න.ඒ ඇඳුමින්ම ගෙවල් අතු ගාන්න,කඩේ පිලේ යන්න,උයන්න පිහන්න තියාගන්නෙ නැතිව පිරිසිදු ඇදුමකට මාරු වෙලා වැදගත් විදිහට ඔබට පුලුවන් ඒ ඒ කටයුතුවල නිරතවෙන්න.එකම ඇදුමින් උදේ ඉදන් හවසම ගත කරන එක ඔබේ පවුල ඇතුලෙ ඔබේ ස්වාමියාට වුණත් අපහසුවක් වෙන්න පුලුවන්.සමහර කාන්තාවො මේ පිලිබඳව වැඩිය නොහිතුවට ඇතැම් අවස්තාවල පවුල් ප්‍රශ්න උඩුදුවන්න මේවම හේතු වෙන්න පුලුවන්.ඔබේ පිරිසිදුකම මෙතැනදි හරිම වැදගත්.කකුල්වල ,අතපයවල,කිහිලි හා ඉකිලි ප්‍රදේශවල අනවශ්‍ය රෝම ඉවත්කරගන්න ඔබට මහලොකු වෙලාවක් යන්නෑ.ඒ දේවල් ඒ විදිහට සිද්ධ කරගන්න,ඉදල හිටලා ඔබේ මුහුණට හා අතපයවලට හොඳ සම්බාහනයක් ගෙදර ඉදන්ම කරගන්න ඔබට වෙලාව නැත්තෙ නෑ.වෙලාව තියෙනවා.අවශ්‍ය වෙන්නෙ ඔබේ උවමනාව හා දැක්ම පමණයි.මේ විදිහට ඔබ ලස්සන වෙන එක, ප්‍රිය මනාප වෙන එක ඔබේ පවුල තුළ ඔබේ සැමියාට,ඔබේ දරුවන්ට ඔබ ගැන හිතන විදිහට ධනාත්මක උත්තේජකයක් වෙන්නෙ ඔබ නොහිතද්දි.සමාජීය වශයෙන් වුණත් මෙය ඔබේ වටිනාකම තීරණය කරන සාධකයක් වෙනවා.ඒ වගේමයි ඔබේ පිළිවෙළ.හැම දේකින්ම ඔබේ ක්‍රමානුකූල හැඩගැසීම.වැඩ වැඩියි කියලා පිළිවෙළ අමතක කිරීම එතරම් සුදුසු දෙයක් නෙමෙයි.මෙතැනදි සමහර කාන්තාවන් අතින් සිද්ධ වෙන  වැරැද්දක් තමයි එහෙම වෙන්න ගිහින් ඔබ ඔබේ තියෙන වටීනාකමත් නොදැනුවත්වම නැති කරගන්න තත්වයක් උදා කරගන්න එක.බිරිදක් විදිහට මවක් විදිහට වගේම දියණියක් විදිහට ඔබේ භූමිකාවට ගැලපෙන ලෙස ඔබ වෙනස්විය යුතුයි.ඒ ඒ අවස්තාවට ගැලපෙන විදිහට ඔබ ඔබව සමාජගත කළයුතුයි.එහෙම නොවී ඔබ කොහොම හැඩවුණත් ඔබේ පැවැත්ම ගැටලුවක් වෙන්න පුලුවන්. මේවගේ දේවල් ඔබට කිසිම අපහසුවකින් තොරව වටහා ගත හැකි කරුණු.ඔබ ඔබට ලබාදෙන කාලය මතයි අනික් අය ඔබට කාලය ලබා දෙන්නෙ.ඔබ ඔබට දක්වන ආදරය හා සැළකිල්ල මතයි සමාජය ඔබ ගැන සළකන්නෙ.ඔබ ඔබට දක්වන වගවීම මතයි සමාජය ඔබ ගැන වගවෙන්නෙ.මේ නිසා පුංචියට හරි තමන්ට නිසි තැන තමන් ඇතුලෙන්ම දෙන්න උත්සාහ කරනවනම් කාන්තාවක් විදිහට සමාජය ඉස්සරහ ඔබට ලැබෙන තැන ගැන ඔබ කිසිදු විටෙක බිය විය යුතු නෑ.ඔබේ ආත්ම විශ්වාසය හා මට මේ දේ කරන්න පුලුවන් කියන ඒ පෞරුෂත්වය මේ තත්වය තව තවත් පහසු කරාවි.හැමදේටම තවත් කෙනෙක්ගෙ උදව්වක් අවශ්‍යම නෑ.ඔබට පුලුවන් තනියෙන් වැඩ කරන්න.තනියම හොද නරක හිතන්න.අඩුපාඩු නිවරදි කරගන්න.මහත්තයගෙ අතේ එල්ලිලා එයා කරනකන්ම ඉන්න ඕන කියලා නියමයක් නෑ.තනියම ජීවිතේ තීරණයක් ගන්න ඔබටත් පුලුවන්.උපදෙසක් ගන්න එක වෙනම දෙයක් නමුත් හැමදේම යැපීමක් විය යුතු නෑ.සමහර වෙලාවට අනේ අද උයන්නෙ මොනවද කියලා ඒකත් මහත්තයගෙන් අහලා තීරණය කරනවට වඩා ඔබට පුලුවන් බැලන්ස් එකේ ඒ දේ හරියට තීරණය කරන්න.එය ඔබේ පවුල ඇතුලෙ ඔබේ සැමියාට වුණත් අලුත් විදිහට ඔබව දකින්න හේතුවක් වෙන්න පුලුවන්.මුකුත්ම බැරි රොබෝ සූටික්කෙක් වෙනුවට ඔබ ඔබ වෙලා ජීවිතේ දකින්න,ජීවිතේ නඩත්තු කරන්න ඉගෙනගන්න එක පවුලක් වශයෙන් ඉස්සරහට යද්දි වුණත් සෑහෙන්න වටිනවා.ඒ නිසා ඔබ ඔබව මේ හැම අවස්තාවකදිම වගේ හැඩගස්වා ගන්න විදිහ ඔබේ අගය වඩ වඩාත් සමාජයට දනවන්න වගේම යහපත් ආකල්පමය වෙනස්වීම් මත ඔබේ පැවැත්මේ සමාජීය පිටුවක් අලුතින් අලුත් විදිහට වෙනස් කරගන්න ලොකු පිටුවහලක් වෙන්නෙ ඔබටත් නොදැනීම.

                                     සවීණා සිරිවර්ධන

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *