“ඉතිහාසයට එක් වූ විස්මිත සුදු කුමාරිය “

“ඉතිහාසයට එක් වූ විස්මිත සුදු කුමාරිය “

සුදු ළූණු

ආයුර්වේදයේදී හඳුන්වන පරිදි ශාක කොටස් තුනකට බෙදෙන අතර එයින් සුදු ළූණු  අයත් වන්නේ තුන්වන කොටසටය. ඒ පංච රස ඇති වර්ගයට ය .මෙයින් අදහස් කරන්නේ සුදුළූණු  තුළ රස පහක් අඩංගු බව ය.ඒ  කටුක රස , මිහිරි රස, තිත්ත රස , ලුණු රස සහ කහට රස ය .අද වන විට සුදුලූණු  නොමැති මුලුතැන්ගෙයක් නොමැති තරම්ය. එදිනෙදා සාදා ගන්නා ආහාර සඳහා ද සුදු ලූණු බෙහෙවින් භාවිතා කරන්නේ ආහාර රසවත්ව සහ සුවඳවත්ව සාදා ගන්නට ය.

සුදු ළූණු සඳහා ඔබ නොදන්නවා ඇති විවිධ නම් භාවිතා කරන බවත්. එනම්

රසෝන, ලෂූන , උග්‍ර ගන්ධා , මිලේච්ඡ කන්ද , යවනේෂ්ට ආදී ලෙසින් ය .ඉංග්‍රීසි බසින් ගාලික් යනුවෙන් හඳුන්වනු ලබයි .

සුදු ළූණු සඳහා ද ඉතිහාසයක් ඇති බවට වේද ග්‍රන්ථවල තොරතුරු රාශියකි.

ක්‍රිස්තු පුර්ව තුන්දාහක් පමණ ඈත අතීතයේ බැබිලෝනියාවරුන් බලගතු ඖෂධයක් ලෙස ද ආහාරයක් ලෙස ද එකල භාවිතා කර ඇත.බල්ගේරියානු ජන සමූහයා වසර සීයකට වඩා ජීවත් වන්න ළූණු  ඇබ්බැහි වීම යැයි පිළිගැනීමයි.

ඊජිප්තුවරුන් ද මෙය ඉතා බලගතු ද්‍රව්‍යයක් ලෙස නම් කර ඇති අතර ලෝකයේ පළමු පළමු  වැඩ වර්ජනයට ද හේතු වී ඇත්තේ පිරිමීඩ කරුවන් සඳහා අවශ්‍ය සුදු සුදු ළූණු  නොලැබී යාමයි.

සුදුළූණු  තුළ ඇති බොහෝ රසායනික උපාදාන අතර විටමින් , ප්‍රෝටීන්, කැල්සියම්, කාබෝහයිඩ්‍රේට්, පොටෑසියම්,  පොස්පරස් , සහ වාෂ්පශීලී තෛල පදාර්ථ ගන්ධක වේ .

මෙයින් බේක් කළ සුදුළූණු  බික් කිහිපයක් එකවර ආහාරයට ගැනීම තුළ පැය 24ක් වැනි කාලයකදී සිරුරේ ඇතුළත අධි පිරිසිදු කිරීමකට ලක් වෙන අතර එය සුදුළූණු  වල ඇති අනගි හැකියාවකි.

* කොලොස්ටරෝල් මට්ටම නිසි අයුරින් තබා ගැනීම .

*  හෘද රෝග අවදානමින් මුදා ගැනීම .

* රුධිර පීඩනය සුදුසු මට්ටමක තබා ගැනීම .

* ප්‍රතිශක්තිකරණය සවිමත් කිරීම.

* අස්ථි ශක්තිමත් කිරීම.

* දුබල අලස ගති දුරලීම.

* සිරුරේ යෝග්‍යතා වර්ධනය පවත්වා ගැනීම.

* සිරුරේ සෛල දිගු කල් පවතින සේ වර්ධනය කිරීම.

සුදුළූණු  තුළ ඇති සුවිශේෂි කාර්ය භාරයකි .

දේශීය සහ ආයුර්වේද  වෙදකම් වලදී සුදු ළූණු   අල ,කොළ , මල් නටු , ඇට යන සියලු අංග ඖෂධ ලෙස යොදා ගැනේ .

හදවත් රෝග,  ශ්වසන අසාදන, මුඛ , දන්ත, උගුරේ ආබාධ, තුවාල කුෂ්ඨ , චර්ම රෝග, මාන්දම, ස්නායු රෝග, පිළිකා වැනි රෝග ගණනාවකට  සුදුළූණු  මහඟු සේවයක් සපයනු ඇත .

සම නිරෝගී කරන අතර ම මුහුණෙහි තරුණ පෙනුම රැක රැලි වැටුන ස්වභාවය මඟහරවා මානසික ආතතිය දුරු කෙරේ .

දුම්බීම නිසා ඇතිවන  පෙනහළු පිළිකා ඇතිවීමේ අවදානම සුදු ළූණු  අමුවෙන් ආහාරයට ගැනීම මගින් 30% අඩුකරගත හැකි බව ද සඳහන් වේ .

සුදු ලූණු බික් දෙකක් රතුළූණු සමග අමුවෙන් ආහාරයට ගැනීමෙන් මුඛ හා උගුර , වකුගඩු , ඩිම්බ කෝෂ , පිළිකා ආදී රෝගයන් ගෙන් ද දුරස් විය හැකි බව ඉතාලි ස්විස්ටර්ලන්ත පර්යේෂණයකින් සොයා ගෙන ඇත .

මී පැණි ගිල්වන ලද සුදු ළූණු  මදක් කල් තබා ආහාරයට ගැනීමෙන් හදවත් රෝග මල බද්ධය හා තරබාරුව දුරු වී නිරෝගී ඇස් පෙනීමක් දක්වා වර්ධනය කර දීර්ඝායුෂ ලබා ගැනීමට හැකි බව ද සඳහන් ය .

ගැහැනු පිරිමි දෙපක්ෂයම සඳහා ඉතාමත් ගුණදායක මෙම සුදු ළූණු  වාජීකරණ ගුණයෙන් ඉහළ ය .එනිසා දරු සම්පත් බලාපොරොත්තු වන්නන්ට ඉතාමත් ප්‍රීතිමත් යුග දිවියක් ලඟා කර දෙති.ගැබිනි මවගේ ප්‍රසූතියෙන් පසු නිරෝගී බව සඳහා  සුදු ළූණු   බෙහෙවින් උපකාරී වේ . සුදු ළූණු  බැබිල සමඟ තම්බා ප්‍රසූත වේදනා සඳහා ද බීමට දීම පුරුද්දකි .

එසේම මෙම සුදු ළූණු   හිතකර වුවද අහිතකර අවස්ථා ද ඕනෑ තරම් ය.

* බැක්ටීරියා සහ දිලීර ආසාදන ඇති වුනු විට සුදු ළූණු  භාවිතය අයහපත් ය .

* ශල්‍යකර්මයක් සඳහා සූදානම් වන අයෙකු සති දෙකකට ප්‍රථම සුදු ළූණු භාවිතය නවතා දැමිය යුතුය .

* අක්ෂි රෝග හා අක්මා රෝග ඇති විටද රුධිර පීඩනය සුදු ළූණු  ආහාරයට ගැනීම වැලැක්විය යුතුය.

දිනපතා පිළියෙල කරගන්නා වෑංජන සඳහා සුදු ළූණු  බික් දෙකක් තුනක් එකතු කර ගැනීමෙන් අවශ්‍ය පරිදි වාසි ලබාගත හැක .බඩ පුරවා දැමීමට වාත වේදනාව ට සුදු ළූණු  සහ උළුහාල් එක්කර තම්බා බීම යෙහෙකි.

දරු උපතින් පසු ගර්භාෂය පිරිසිදු වීමට කිරි එරීමට ගිනි අඟුරු මතුයෙහි පුළුස්සා කිතුල් හකුරු සමඟ ආහාරයට ගැනීම යෙහෙකී.

දත් කැක්කුමට සුදුළූණු තලා දතෙහි තැබීමෙන් ද වා පිත් සමනය වී සහනයක් ලබාදෙයි .

සමේ ඇති වන බිබිලි මත සුදු ළූණු   ඇතිල්ලීමෙන් ගුණයක් ලබා දෙයි .

කුරුලෑ ඇතිවීමේදී සුදු ළූණු බික් දෙකක්  උණු වතුරෙහි දමා  තබා උදෑසන හිස්බඩ බීමද  ගුණදායකය .

වාසනා බාලසූරිය .

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *