ගැඹුරු තෙලේ බැදපු හතු

ගැඹුරු තෙලේ බැදපු හතු

දිවට උපරිම රසයක් දෙන නිර්මාංශ රෙසිපි එකක්!

නිර්මාංශ අයට ලොකුම ප්‍රශ්නෙ තමා රස බයිට් එකක් හදාගන්න එක.ඒකට හොදම දෙයක් තමයි හතු.

මස් මාලු කන කෙනෙකුට උනත් ඒවායේ අඩුව නොදැනෙන විදිහට හදාගන්න පුලුවන් රෙසිපි එකක් තමයි මේ

සාමාන්‍යයෙන් ලංකාවෙ විකුණන්න තියෙන්නෙ සුදු පැහැති හතු වර්ගයක්නෙ.

ඒකෙම දුඹුරු පැහැ එකක් තියෙනවා.ඒක ටිකක් තද ගතියක් තියෙනවා.වතුර ගතිය අඩුයි.රසින් වැඩියි.

මුලින්ම හතු ටික තරමක් ලොකු කැබලි වලට කඩාගන්න.

එය උණු වතුර එකක ටික වෙලාවක් ගිල්වා තබා වතුර බේරා ගන්න.

දැන් වෙනත් බාජනයක් ගෙන එයට පහත සියල්ල එකතු කරන්න.

  • පාන් පිටි මේස හැදි 2ක් 3 ක්
  • ලුණු තේ හැදි භාගයක්
  • ගම්මිරිස් කුඩු තේ හැදි කාලක්
  • පැප්රිකා පවුඩර් තේ හැදි කාලක් (නැතිනම් මිරිස් කුඩු ගන්න)
  • වියලි ඔරිගානෝ තේ හැදි භාගයක්(පින්තූර දාල තියෙනවා)
  • බේකිං පවුඩර් තේ හැදි භාගයක්

දැන් මෙයට වතුර ටික ටික දමමින් උකු බැටර් එකක් සාදා ගන්න.

දැන් හතු ටික මෙම බැටර් එකෙහි දමා පාන් කුඩු තවරා

ගැඹුරැ තෙලෙහි බැදගන්න.

ගොඩක්ම තෙල් අවශ්‍ය වෙන්නෙත් නැහැ.

මතක ඇතිව වැඩිපුර තෙල් ඉවත්වීම සදහා බැදගත් හතු සර්වියට් පේපර් එකක් මතට දමන්න.

අපි සෞඛ්‍ය ගැනත් හිතන්න ඕනිනේ..

රසට කන්න නම් සෝස් එකක් තියෙන්න ඕනිනෙ.

චිලී සෝස් වලට මයෝනීස් සෝස් ටිකක් එකතු කරගෙන පිළිගන්වන්න.

වට්ටෝරැවේ තියෙන අමුද්‍රව්‍ය සියල්ලම යොදාගෙන හදල බලන්න වෙනස.

බත් එක්ක හෝ නිකම්ම කන්නත් පුලුවන් සැලඩ් එකක්

මාලු සැලඩ්

පෙති කපාගත් කටු අඩු මාලු කැබලි දෙක තුනකට ලුණු කුඩු ස්වල්පයක්,ගම්මිරිස් කුඩු ටිකක් හා කහ කුඩු ස්වල්පයක් තවරන්න.

දැන් බදුනක් ලිප තබා මාලු කැබලි වලින් අඩක් පමණ වැසෙන සේ වතුර දමා පියන වසා තම්බාගන්න.මාලු ඉක්මනින් තැම්බේ.

ලිපෙන් ඉවත්කරගෙන මාලු කටු ඉවත්කර කැබලි කඩා ගන්න.

තක්කාලි, කැරට් තරමක් ලොකුවට කොටු කපාගන්න.

නිවිති කොළ කිහිපයක් කපාගන්න.

කපාගත් එළවලු වලට කෑලි හිටින්න පොඩිකරගත් මාලු එකතු කරන්න.

දෙහි යුෂ ,ගම්මිරිස් කුඩු හා ලුණු කුඩු එක් කර කලවම් කරන්න.

ඔලිව් ඔයිල් ටිකකුත් එකතු කලොත් වඩාත් රසවත්.

හතු එක්ක මේකත් කමු එහෙනම්………

චමීරා පතිනායක

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *