ගෙදරදීම පාන් හදා ගමු

ගෙදරදීම පාන් හදා ගමු

මේ දවස් වල එලියෙන් පාන් ගන්න අපහසු නම්…ගෙදර ම පාන් හදාගන්න ..

වැඩි ජාති නැතිව වේලක් දෙකක් පිරිමහගන්න පුලුවන් ..

පාන් කෑම අනුමත නොකලත් වේලක් දෙකක් කෑමක අඩුව පිරෙනවනෙ..

මම පාන් කන්න ඕන උනාම ගෙදරමයි හදා ගන්නෙ. නිතරම නම් කැවෙන්නෙ නෑ.ඒත් මගෙ ආසම කෑම

පාන් වලට රෙසිපි කිහිපයක්ම තියෙනව ..

  • පිටි ග්‍රෑම්  350
  • සීනි ග්‍රෑම් 10
  • යීස්ට් ග්‍රෑම් 7
  • ලුණු ග්‍රෑම් 5
  • තෙල් තේ හැඳි 02
  • වතුර ග්‍රෑම් 199

පාන් වලට වතුර ගන්න ඕනෙ ගන්න පිටි ප්‍රමාණය වැඩි කරන්න 57%

(350×57%= 199.)

ඒකනිසා තමයි ග්‍රෑම් වලින් වතුර ගත්තෙ

ඊස්ට් ගද්දි අලුත් හුලං නොවැදුනු ඊස්ට් ගන්න.

ඊස්ට් වලට සීනි වලින් ටිකක් එක්ක වතුර මේස හැඳි 3ක් විතර දාල පොඩ්ඩ්ක් පිපෙන්නට තියන්න. හොදින් පිපී ඇතිනම් ඒ  ඊස්ට් භාවිතයට  සුදුසු යි

පිටි සහ ලුණු සහ ඉතුරු සීනි භාජනයකට එකට මිශ්‍ර කරගන්න.

පිටි ටික මැදින් වලක් සාදා හිඩැසක් සාදාගන්න.

පිපුනු ඊස්ට් ටික වල මැදට දාගන්න . දැන් වතුර ටික ඔක්කොම එක පාරම ඒ ඊස්ට් ටික උඩටම දමා ගන්න.

ඒ වතුර ප්‍රමාණය හරියටම හරි.

වතුර සහ ඊස්ට් කලවම් කරමින් පත්තක් ආධාරයෙන් ටික ටික වටේ තියෙන පිටි වතුරට එකතු කරගනිමින් අනා ගන්න.

ඔබට මෙය කේක් බීටරයේ ඇති මෝලිය ඇනීමට ඇති දඟර සහිත කොටස මගින් පහසුවෙන් මිශ්‍ර කරගන්න පුළුවන්.

මදක් මිශ්‍ර වූ පසු තෙල් මිශ්‍ර කරගන්න ..පොල් තෙල් භාවිතා කලොත් ලංකාවේ පාන් සුවඳ ම එනවා.

මේ මෝලිය සමතලා ලෑල මතට දමා ගෙන විනාඩි 15 ක් පමණ අත් ගසන්න.

මිශ්‍ර කළ භාජනයටම වටේ තෙල් ටිකක් ගාල පිටි මෝලිය දමා තෙත රෙදි කඩක් හෝ පොලිතුන් ආවරණයකින් වසා කබඩ් එකක් හෝ ඕෆ් කල අවන්  එකටම දාල විනාඩි 30-45 දක්වා කාලයක් තබන්න.

එවිට මෝලිය දෙගුණයක් වේ.

නැවත මෝලිය මතු පිටට දමා මදක් රවුම ආකාරයටම අත් ගසමින් විනාඩි දෙක තුනක් රෝල් කරල රෝලිං පින් එකකින් තුනී කරල තෙල් තැවරූ පාන් තැටියේ  ප්‍රමාණයට රෝල් කරල තැටියට දමා නැවත විනාඩි 30-45 කාලයක්

පාන් එක තැටියේ කට ගැට්ටටවඩා 3/4 ‘ ක් 1’ පමණ උඩට එන ප්‍රමාණයක් වෙනකන් තබා ගන්න.

විනාඩි 10 කලින් රත් කර ගත් අවන් එකට දමා 180° විනාඩි 25 ක් පුලුස්සා ගන්න .

අවන් එකෙන් එලිය්ට අරන් තැටියෙන් ඉවත්ට අරන් තෙත රෙදි කැල්ලකින් වහන්න විනාඩි 10 ක් විතර.

ඔන්න ඔබ ආසාවෙන් කන්න බලාගෙන හිටිය පාන්..

දිනේෂි අමරකෝන්

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *