දඩි බිඩි ඩෙසර්ට්ස්

දඩි බිඩි ඩෙසර්ට්ස්

මට මේ ඩෙසට් ටික හදන්න විනාඩි 5කට අඩු කාලයක් ගතවුනේ.

ගොඩක් අය ෆුඩ් සැලඩ් ,නැත්නම් ඡෙලි හදනවා අමුත්තන් එනකොට.

නැත්නම් ගොඩක් අය ලේසියට අයිස්ක්‍රීම් නැතිනම් යෝගට් ගෙනල්ලා දෙනවා.

අද මම කියලා දෙන්නේ එක එක විදියට එක එක රසට ඩෙසට් හදාගන්න විදියක්.

මේක ලස්සන වගේම හරිම ලේසියි.

නිකන් යෝගට් හෝ පලතුරැ කන්න දෙනවට වඩා මෙහෙම හොදයි නේද?එතකොට දෙන අපිට වගේම එන අමුත්තෝ උනත් ආසාවෙන් කනවානේ. ඔයාලටත් පුලුවන් ඉක්මනින් ලස්සන ඩෙසර්ට් එකක් හදන්න.

ගෙදර තියෙන චූටී වීදුරැ ග්ලාස් ටිකක්මේ වැඩේට ඕනා වෙනවා .

එතකොට තමයි ලස්සන.එලියෙන් ලස්සනට පේන කොට කන කෙනාටත් ආසාව වැඩියි.

දිව පිනවන්න කලින් ඇස පිනවීම ගොඩක් වටිනවා නේ

  • පළතුරු ජාති කීපයක් චූටි වෙන්න කපා ගත්තා ( ඔයාලා කැමති පලතුරුක් ගන්න)
  • වැනිලායෝගට් පොඩි කප් 2
  • බිස්කට්
  • (මාරි හෝ චොකලට් බිස්කට්)
  • පොඩි බෑග් එකකට දාලා කුඩු කරගත්තා.
  • නිව්ටෙර්ල්ලා හෝ කොකොවා කුඩු
  • චොකලට් බෝල ටිකක් ( ලස්සන කරන්න ගන්නේ කැමති අය ස්පිග්ලස් නැත්නම් ස්මාටීස් උනත් ගන්න පුලුවන්)
  • කපා ගත් පළතුරු කැමති විදියට ග්ලාස් වීදුරැවට දමා ර්ට පස්සේ යෝගට්.ඉන් පසු තවත්පලතුරක් ලේයර්ස් විදියට දමාගන්න.චොක්ලට් පාට පෙනෙන්නේ.මම යෝගට් කප් 1/2 චොකලට් (නිව්ටෙර්ල්ලා)ටිකක් දාලා කලවම් කරා.
  • අවසාන වූ පසු කැමති විදියට බිස්කට් කුඩු උඩ ඉසින්නත් පුලුවන්..

පහල තියෙන පින්තූර බලන්න.මම ටිකක් එක එක විදියට කරලා ඇති.වීදුරැව යටටම බිස්කට් කුඩු දාලාත් ඇති.මේ විදියට ලේයර්ස් එක එක පාටින් එන්න කරන්න.තව යෝගට් බාගයකට බිස්කට් කුඩු දාලාත් කලවම් කර ගන්න පුලුවන්.ඔයාලා කැමති විදියට කරන්න.රස වගේම ලස්සනයි. ඕනි කෙනෙක්ට ඉතාම ලේසියෙන් හදා ගන්න පුලුවන්.

තව ඩෙසට් එකක් ගෙනත් තියෙනවා

අලිගැටපේර ගෙඩියකට සීනිටිකක් එකතු කර බ්ලෙන්ඩර් කරලා ග්ලාස් එකේ ලේයර් එකක් විදියට දාලා පස්සේ ඊට උඩින් බ්ලෙන්ඩර් කරගත් අඹ දාලා තියෙනවා.

මේවාට වතුර එකතු කරේ නෑ.

පස්සේ ෆිජ් එකට දාන්න.

අමුත්තන්ට සංග්‍රහ කරන වෙලාවට කැමති විදියට සරසා දෙන්න.

මේවා ලේයර් කලවම් වෙන්නේ නෑ.

ඔන්න ඉතින් අද ගෙනාව දඩිබිඩි ඩෙසට් වර්ග වලට ඔයාලා ආසා වෙයි කියලා හිතනවා.

චාමලි මදනායක

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *