නිදහස් නිවහල් ලෝකයකට මඟ පෙන්වන “පුරවැසි මැදිහත්වීම”

හැමදාම පරිසරය වෙනුවෙන් වෙන්කරන ලිපි මාලාව අද ටිකක් වෙනස් මාතෘකාවක්  වෙනුවෙන් වෙන් කර ඇති බව ඔබට පෙනෙවී. පරිසරය රැකගැනීම වෙනුවෙන් කිසියම් හෝ දායකත්වයක් ලබාදෙන අප හා ඔබ දැන ගතයුතුම කාරණාවක් වෙනුවෙන් අද කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම ලිපිය සුදානම් කිරීමට මඟ පෑදු කාරණාව වුයේ පසුගිය සති කීපය තුල චීනයෙන් පටන් ගෙන ලෝකය පුරා පැතිර යන කොරෝනා වෛරසයත් රටක් ලෙස අපේ රජය විසින් ඉක්මණින් ගනු ලැබු ක්‍රියාමාර්ගත් ඒ වෙනුවෙන් රටේ පුරවැසියන් ලෙස අපි අතර සිටි වගකිව යුතු අංශ දැක්වූ දායකත්වයත් නිසා. පුරවැසියන් ලෙස මෙවැනි අවස්ථාවල රටට ලබාදියයුතු අපේ සහය හා මැදිහත්වීම ගැන අපේ දැනුම ප්‍රමාණවත් නොවන බව සමාජ මාධ්‍ය විශ්ළේෂණය කිරීමෙදී පෙනිගිය කරුණක්. වසංගත රෝගයක් ස්වභාවිකව හෝ මානව මැදිහත්වීමෙන් ඇතිවීමත් ඒ නිසා පැහැදිලීවම පරිසරය සමඟ එය සම්බන්ධවීමත් මෙවැනී තත්වයක් පාලනය කිරීමට රටේ  විවිධ ක්ෂේත්‍රවල සියලු දෙනාගේම මැදිහත්වීම අවශ්‍ය බවත් කි යුතුය. ඒ නිසා ලෝකයම කතා කරන පුරවැසි මැදිහත්වීම ගැන කරුණු කීපයක් පිළිබඳ ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තුවයී.

රටක පොදු කාරණා පිළිබඳ තීරණ ගැනීමේදී සිවිල් සමාජයේ ඉල්ලිම හා ක්‍රියාකාරිත්වය වැඩිවීමත්, බොහෝ රජයන් පුරවැසියන්ගේ මැදිහත්වීම හා පුරවැසී අවශ්‍යතා මුලීක කොට සැලකිමත්,  මෙම සංකල්පය බිහිවීමට හේතු වුනා. එසේම, තාක්‍ෂණය හා නවෝත්පාදනයන් ඉහළ යාම නිසා ප්‍රතිපත්ති සම්පාදකයින්ට සෘජුවම සම්බන්ධ වීමට පුරවැසියන්ට නව හා පෙර නොවූ විරූ අවස්ථාවන් ලබා දීමටත්, පුරවැසියන් සහ රජයන් අතර සමීප සම්බන්ධතා සැකසීමේ හැකියාවත් මෙහි වාසි කීපයක්. එම නිසා මේ සියල්ලම සමඟ සෑම පුරවැසියෙකුටම රටේ ප්‍රශ්නයකදී සේම රට සංවර්ධනය කිරීමේදී ද තමන්ට අදාල වගකීමක් පැවරෙන අතර එය නිවසේ හෝ රැකීයාවේ හෝ පිටරටක හෝ සිටින අප සැමට එය හා සමානයී.

පුරවැසි මැදිහත්වීම ලෝකය දකීන ආකාරය පිළිබද අපි දැන් දැනුවත් වෙමු.

1. පුරවැසියෙක් ලෙස අපේ පළමු කාර්‍යය වන්නේ අපේ චන්දය භාවීතා කරමින් රටට ගැළපෙන ආණ්ඩුවක් හා පාලකයෙක් පත් කිරීමයී. එය නම් නොපිරිහෙලා අප ඉටු කළත් සැබැවින්ට රටට ආදරේ රට වෙනුවෙන් අවංකව කැපවෙන පිරිසක් පාර්ලිමෙන්තුවට යවනවාද යන්න නම් අපේ මොළයෙන් අප විමසිය යුතුවෙනවා. ඉතා සුළු ප්‍රමාණයේ පෞද්ගලික ලාභ ප්‍රයෝජනයක් තකා චන්දය ඕනෑම කෙනෙක්ට පුදමින් එය සාධාරණය කරන මිනිස්සුන් අප අතර බොහෝමයී. ඔබට වඩා මෙහිදී ඔබ රට හා එහි සම්පත් සුරකින, සියලු වැසියන්ගේ යහපත වෙනුවෙන්  මේ තිරණය ගතයුතුවෙනවා. එය යහපත් පුරවැසියෙක් ලෙස ඔබේ පළමු පුරවැසි වගකීමයී.

2. පුරවැසි මැදිහත්වීම චන්දය ප්‍රකාශ කිරීමට පමණක් සීමා නොවන බව තමයි මින් ඉදිරියට පවසන්නට සුදානම් වන්නේ. රටක පුරවැසියන් ලෙස එදිනෙදා සාමාන්‍ය කටයුතුවලින් ඔබ්බට ගොස් අපගේ පාලන ආකෘතිය ගැන නැවත සිතා බැලිය යුතුයී. වඩාත් නිශ්චිතවම, සාම්ප්‍රදායික පාලන ආකෘතීන්ගෙන් ඔබ්බට යා යුතුයී. පුරවැසියන්ට වඩා විවෘත, තමන්ගේ අවශ්‍යතා ඇතුළත් සහ ප්‍රතිචාර දැක්විය හැකි යහපාලන ක්‍රමයක් පුරවැසි මැදිහත්වීම මගින් තෝරා ගත යුතුයී.

3. ජනතාව ලෙස අප රටේ දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික හා ස්වභාවික සන්දර්භය ආරක්ශාකිරීමට පෙරමුණ ගතයුතුය. රටක මේ සියල්ලේ ආරක්ශකයා ජනතාව බවත් රජය හෝ කිසියම් දේශපාලන ත්‍රන්ත්‍රයක් නොවන බවත් ජනතාව හොඳින් තේරුම් ගත යුතුයී. එම නිසා මොනයම් හෝ විනාශකාරි කටයුත්තකදී රජයටත් පෙර ජනතාව පෙරමුණ ගත යුතු අතර කොටින්ම  මේ සියලෙහි හඬ ජනතාව වියයුතුයී. ඒ සඳහා පුරවැසි මැදිහත්වීම සිදුවිය යුතුයී.

4. පුරවැසි මැදිහත්වීම මඟින් සංවර්ධන ප්‍රතිලාභ වැඩි කළ හැකියී. රටක පුරවැසියන් රාජ්‍ය කටයුතු හා සම්බන්ධ කර ගැනීමෙන් රාජ්‍ය සේවාවන් සැපයීම සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීම සහ එම සේවාවන්වල විනිවිදභාවයක් හා සමාජ වගකීම ඇති කළ හැකි අතර එමඟින් ඔබේත් අන් අයගේත් ජීවීත යහපත් කළ හැකියී.

5. පුරවැසි මැදිහත්වීම ඉතා සාධාරණ සංකල්පයක්. එය සමාජ මට්ටම් ඇතුළු නොයෙක් සමාජ අසාධාරණයන්ට ලක් වූ ජන කොටස්වල අදහස් සහ ඉදිරි දැක්ම රටේ සංවර්ධන සංවාදයට දායක කරගැනීමට ඉඩ සලසනවා. මෙමඟින් වැදගත් සමාජ ප්‍රතිසංස්කරණ සඳහා සිවිල් සමාජයේ දායකත්වය ලබා ගත හැකියී.  එමඟින් ඒවා පවත්වා ගෙන යාමට අවශ්‍ය පුළුල් දේශපාලන සහයෝගය සහ සිවිල් සමාජ අයිතිය ශක්තිමත් වෙනවා. මෙය පුරවැසි මැදිහත්වීමේ විශාලම සත්කාරයක්.

6. පුරවැසි මැදිහත්වීම යන්නෙන් අදහස් කරන්නේ අප සංවර්ධනය කරා යන ආකාරයෙහි සංස්කෘතික වෙනසක් වන අතර එමඟින් සිවිල් සමාජයේ ජීවිත හැඩගස්වන සංවර්ධන ක්‍රියාවලිය මෙහෙයවනු ලබනවා. උදාසීන ප්‍රතිග්‍රාහකයන්ට වඩා පුරවැසියන් ක්‍රියාකාරී නියෝජිතයන් බවට පත්වන විට වඩාත් තිරසාර ප්‍රතිපල ලබන බවට ලොවපුරා බොහෝ උදාහරණ ඇත. ජර්මනිය, ස්වීඩනය, නෝර්වේ, ඩෙන්මාකය, ලක්සම්බර්ග් වැනි බොහෝ රටවල් මීට උදාහරණයී.

7. ජනතාවගේ හඬ පමණක් වෙනසක් කිරීම සඳහා ප්‍රමාණවත් නැත. පුරවැසියන්ගේ හඬට ඇහුම්කම් දෙමින් ඔවුන්ව තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළට සම්බන්ධ කරගැනීමේ ක්‍රමවේදයක් රාජ්‍ය ආයතනික පද්ධති තුළ ගොඩනැඟිය යුතුයී. ඒ සඳහා පුරවැසි මැදිහත්වීම මගින් ජනතාවට තම හඬ නැංවිය හැකීය.

8. නිදහස් සමාජයක් ගොඩනැඟීම සඳහා ජනතා සහභාගීත්වය අවශ්‍ය ඇයි දැයි හොඳින් හඳුනාගත යුතුය. පුරවැසියන් අතර හා පුරවැසියන් හා පාලන ත්‍රන්ත්‍රය අතර සම්බන්ධතාවය ගොඩනැඟීම සඳහා මෙය ඉතා වැදගත්වේ. සහභාගීත්වයේ ප්‍රතිලාභ සහභාගීත්ව පිරිවැයට වඩා වැඩි නම් සහභාගීත්වය ඉහළ යනු ඇතැයි යන්න පොදුවේ පිළිගත් කරුණක්. මෙය යම් තාක් දුරට සත්‍යයක් වුවත් බොහෝ අධ්‍යයනවලින් පෙනී ගොස් ඇත්තේ පුරවැසියන් දැඩි ලෙස මෙහෙයවනු ලබන්නේ ප්‍රජා යුතුකම් පිළිබඳ හැඟීම සහ සමාජ අයිතිවාසිකම් වැනි සාධක මඟින් බවයී. සිවිල් සමාජය සහ රජය යන දෙඅංශයෙන්ම පුරවැසී මැදිහත්වීම පිළිබඳ අවශ්‍යතාවය වැඩි කිරීම සඳහා අප සියල්ල දායක විය යුතුය.

9. බොහෝ රජයන් සියලු කාර්‍යයන් ඉටු කරගන්නේ රහසිගතව ජනතාවට නොදැනෙන ලෙස කීවොත් ඔබ එකඟ වෙනවා ඇති. නමුත් විනිවිද නොවන කර්ත්‍යවයන් නිසා ජනතාවගේ අප්‍රසාදයටත්, සැකයටත් භාජනය වෙන බවත් නොරහසක්. එම නිසා රජයට එරෙහි ජනතාවක් බිහිවන අතර අප යහපත් පුරවැසියන් ලෙස එවැනි රජයන් ප්‍රතික්ෂේප කළ යුතුය. ඒ සඳහා සිවිල් සමාජය බොහෝ නිදහස්ව ශක්තිමත් විය යුතුය.

10. යහපත් සමාජයක් බිහිකිරිමෙහිලා විශාල බලපෑමක් ඇති කිරීම සඳහා පුරවැසි සම්බන්ධතා වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව අප නැවත සිතා බැලිය යුතුය. ඒ වෙනුවෙන් ජනතාව හඬ නැඟියයුතු අතර ඒ සඳහා යහපත් ප්‍රතිචාර රජයෙන් ලැබිය යුතුයී. රජයේ ප්‍රතිසංස්කරණවල වඩා පුළුල් සන්දර්භයක් තුළ ක්‍රියාත්මක වන විට පුරවැසි සම්බන්ධතා වැඩසටහන් වඩාත් ඵ්ලදායී වන බවට ලෝකය උදාහරණ දක්වනවා.  එසේම නිවැරදි දේ නිවැරදි ලෙස දැකීමටත් වැරදි දෙය වැරදි ලෙස දැකීමටත් එකිනෙකාට ගරු කරන සමාජයක් බිහි කරගැනීමත් පුරවැසි මැදිහත්වීම මගින් සිදුවේ.

11. අවසාන වශයෙන් කිවයුත්තේ රටේ හදිසි අවස්ථාවකදී, තමන්ගේ දායකත්වය රාජකාරි මට්ටමින් හෝ ස්වෙච්චා මට්ටමින් හෝ ලබා දීමට අප බැඳී සිටින බවට අප සියල්ලම අවබෝධ කරගතයුතු බවයී. ඒ වෙනුවෙන් බොර දියේ මාළු බාමින් පෞද්ගලික ලාභ ප්‍රයෝජන තකා වැඩ කිරීම සමාජ පරිහානිය පෙන්නුම් කරන බව නම් අපට පිලිගන්න වෙනවා. තමන්ගේ හැකියාවන් හා දැනුම විවිධ අයුරින් රටට ලබාදීමට නොයෙක් සිදුවිම් උදාවන අතර එම සිදුවීම්වලදී පෙරමුණ ගැනීම පුරවැසි මැදිහත්වීමේ ප්‍රධානම ලක්ෂණයක්. න්‍යායාත්මකව මෙය පාසලේදී පවා ඉගැන්වියයුතු දෙයක් බවට බොහෝ උදාහරණ පහුගිය කාලයේ සිදුවුනා. මේ තුලින් පුරවැසි සම්බන්ධතා සේම රජය හා පුරවැසියන් අතරද සම්බන්ධය ශක්තිමත් වෙනවා.

මේ සියලුම කරුණු සැලකිල්ලට ගැනීමේදී පෙනි යන්නේ රටක් නිවහල්, නිදහස් දේශයක් ලෙස ගොඩනැඟිය යුතු නම් පුරවැසියන් ලෙස තමන්ට හිමි තැන ජනතාව හොඳින් අවබෝධ කරගත යුතු බවයී. එවැනී රටක පරිසරය ‍රැක ගැනීම ඉතා පහසු තිරසාර කාරණයක්.

ආචාර්‍යය කල්පනා අඹේපිටිය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *